උණුසුම් පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගේ සුපිරි ගැහිලි

Spread the love

මහජන බැංකුවේ කොටුව හා බත්තරමුල්ල ශාඛා වල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 70 ක් පසුගියදා එකවරම ආපසු ලබාගෙන ඇතැයි ලංකාදවසට වාර්තා වේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මෙය සිදු කර ඇති අතර ඔහුගේ හිතවත් වෙනත් බැංකු කරුවකුගේ බැංකුවක එය තැන්පත් කිරීමට බව කියවේ.

මහජන බැංකුව අර්බුධයට ලක්ව ඇති අවස්ථාවක මෙය සිදු කිරීම ගැන හමුදාව තුළම කළකිරීමක් සිදුව ඇත.

මේ අතර තමන් වැඩි පුර වාසය නොකළත් හමුදාපති නිල නිවසේ සති කිහිපයකට වරක් මිලියන ගණනක් වියදම් කර අලුත්වැඩියා හා නව මුහුණුවර ලබා දීමද ශවේන්ද්‍රගේ සිරිත වී තිබේ .

මොහුගේ පිස්සුවක් වී ඇත්තේ එහි බිමට එළා ඇති ටයිල් නිතර නිතර මාරු කිරීමයි.

නිල නිවසට එන අවස්ථාවක එක් ටයිලයක් අපිරිසිදුව තිබීම ගැන කිපුණු හමුදාපති වරයා එහි සේවය කරන සුළු නිලධාරිනියකගේ කණට ගසා ඇතැයිද වාර්තා වේ.


Spread the love

Leave a Comment

You may also like