කෝමාරිකා වගාවෙන් හා අපනයනයෙන් කෝටිපතියකු බවට පත්ව සිටින අනුරාධපුර විරංජිත් තාඹුගල නමැත්තා විසින් ඩොලර් මිලියන 300 ක ආයෝජකයෙක් ඩුබායි වලින් ගෙන එන බව දන්වා බැසිල් රාජපක්ෂවද අන්දා ඇතැයි වාර්තා වේ.
මේ දක්වා එවැනි ආයෝජකයෙක් පැමිණ නැතත් කෝමාරිකා වගාව වෙනුවෙන් කියමින් කැබිනට් පත්‍රිකාවක්ද සකස් කොට උතුරු මැද ප්‍රදේශයේ ඉඩම් අක්කර ගණනාවක් පවරා ගැනීමටද මොහු සමත්ව තිබේ.
මොහු වසරේ වැඩි කලක් වාසය කරන්නේ ඩුබායි වල ය. කෝමාරිකා වැවීම සඳහා අනුරාධපුරයේ කැලෑ ඉඩම් හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් පසු ගිය සමයේ උතුරු මැද ජනයා මොහුට විරුද්ධව උද්ඝෝෂන පවා පැවැත්වුවද අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු වන එස්.එම්.චන්ද්‍රසේනගේ සහාය ඇතිව මොහු ජයටම තම වගා කටයුතු සිදු කර ගෙන යයි.
ඩුබායි ආයෝජකයන් ගෙන්වීම සඳහා බැසිල් රාජපක්ෂට මොහුව හඳුන්වා දී ඇත්තේද එස්.එම් .චන්ද්‍රසේන ඇමතිවරයා විසිනි.