උණුසුම් පුවත්

ක්‍රිඩා ඇමතිකමම ඕනෑ කියයි

Spread the love

රාජපක්ෂ වරුන් එලවීමේ සටන ජනතාව අරඹා තිබියදී තවමත් බල තන්හාවේ සිටින රාජපක්ෂවරු අවසන් මොහොත දක්වාම ඇමති පදවි අත් හැර නොයාමට තීරණ කර ඇතැයි වාර්තා වේ.

නාමල් රාජපක්ෂ තරයේම ක්‍රීඩා ඇමති කම යළි ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ලවා ගෝඨා ට බලපෑම් කරමින් සිටී.

ක්‍රීඩා ඇමති කමම නාමල් ඉල්ලා සිටීමට හේතුව වී ඇත්තේ රටවල් කිහිපයක් සමග සැලසුම් කර ඇති ඩීල් කිහිපයක් අවසන් කර ගැනීම සඳහාය.

විශේෂයෙන්ම විස්සයි විස්ස හා T 10 තරගාවලි කිහිපයක් කෙන්යාවේ හා ඩුබායිහි පැවැත්වීම සඳහා ඔහු මූලික වැඩ කටයුතු අරඹා තිබිණ.

මේ සඳහා කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන හොර රහසේ ඔහුට උදව් කොට ඇතැයි වාර්තා වේ.මෙමගින් ඔවුන් උපයාගැනීමට බලාපොරොත්තුව සිටි මුදල ඩොලර් ලක්ෂ ගණනකි.

ශ්‍රී ලංකාවේ පැවති ලංකා ප්‍රිමියර් ලීගයෙන්ද නාමල් හා ඔහුගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහට කෝටි ගණනක් උපයා ගැනීමට ක්‍රිකට් ආයතනය ඉඩ සලස්වා තිබිණ.

 


Spread the love

Leave a Comment

You may also like