උණුසුම් පුවත්

ඇවන්ගාඩ් සාහසිකයා තවත් ලේ බිල්ලකට සැරසේ

Spread the love

රට පවතින දේශපාලන අර්බුදය බරපතල වෙමින් පවතිද්දී එය අවසානය අවිනිශ්චිතය.ජනතාව ඉල්ලා සිටින්නේ මිල්ටෙරි නන්දසේනට ගෙදර යන ලෙසය.මෙම මහජන විරෝධය සම්බන්ධයෙන් රාජපක්ෂ සනුහරය හා උන්⁣ගේ කූට්ටාලියන් තඹ දොයිතුවකට මායිම් කරන බවක් දකින්නට නැත.

මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා මෙතෙක් රට පාලනය කර ඇත්තේ පාතාල සිස්ටමි එකකට බව මේ වන විට තහවුරු වෙමින් තිබේ.මේ පාදඩයා මෙරට ආරක්ෂක ලේකම් වරයා සිටියදී පවා මැර කුලී හමුදා ඒකකයක් යොදවා මිනිස් ජීවිත බිලි ගනිමින් හා ප්‍රතිවිරුද්ධ මතධාරීන් බිය වද්දමින් කටයුතු කරන ලද අයෙකි.මොහු ජනපති වීමෙන් පසුද ක්‍රියාත්මක කොට ඇත්තේද එම හැඩයේම මැර ක්‍රියාකාරකම් බවද අපට දැන ගැන්මට ලැබී තිබේ.

මේ සඳහා ඔහු යොදා ගෙන තිබූ  සාහසිකයා ඇවන්ගාඩ් සේනාධිපතිය.මේ ඇවන්ගාඩ් සේනාපති සෙල්ලම් පුතයෙක් නොවේ.ජාත්‍යන්තර මාෆියා කල්ලි හා ගනුදෙනු කළ ජාවාරම්කාර සාහසිකයෙකි.මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා වශ⁣යෙන් කටයුතු කරන අවදියේදී ඇවන්ගාඩ් සේනාධිපතිජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලි සමග සම්බන්ධතාව ගොඩ නගා ගන්නා ලද්දේ එල්ටීටිය සන්තකයේ තිබී රජයට හිමි වූ ආයුද තොග අලෙවි කිරීමෙනි.මෙහිදී සේනාධිපති බොකෝරාම් ත්‍රස්තයන් හා සෝමාලියානු  මුහුදු මංකොල්ලකරුවන් සමග සම්බන්ධතාව ඇති කර ගත් බව පැවැසේ.

එතැන්සිට මුදල් ගනුදෙනු මත  මුහුදු මාර්ගයෙන් හෙරොයින් සැපයුම් සඳහා ආරක්ෂාව සැළසීම සේනාධිපති ගේ අතුරු හමුදාව මගින් සිදු කෙරිණි.මෙරට කිසිවකු  තවමත් නොදන්නා හා හෙළිදරවු වී නැති සිදුවීම වන්නේ සේනාධිපති සාහසිකයා සිඳු කළ මහා මිනිස් ඝාතනයයි.ඒ මිල්ටෙරි නන්දසේන බලයට ගෙන ඒම සඳහා SISI ත්‍රස්තයන් හා මෙරට බුද්ධි අංශ සම්බන්ධීකරණය කරමින් සිදු කළ පාස්කු ⁣බෝම්බ ප්‍රහාරයයි.එම සැළසුම ඇවන්ගාඩ් සේනාධිපති විසින් ජාත්‍යන්තර ත්‍රස්ත  සංවිධානයකට ලබා දුන් අපරාද කොන්ත්‍රාත්තුවක දිගුවකි.

මේ ප්‍රහාරයට දැන හෝ නොදැන සම්බන්ධ වූ වග උත්තරකාර පාර්ශවයන් අතර මෙරට චීවරධාරීන් කිහිප දෙනෙක්ද විමල් වීරවංශ ගේ හෙංචයින්ද වේ.එම ප්‍රහාරය සිදු කිරීමට මෙරට හමුදා බුද්ධි අංශ සෘජුවම සම්බන්ධීකරණය කරන ලද්දේ මිල්ටෙරි නන්දසේනය.එහිදී මිල්ටෙරි නන්දසේන හා සම්බන්ධ වූ තවත් තක්කඩියෙකි පොලිස් අමාත්‍ය සරත් වීරසේකර.පාස්කු ප්‍රහාරයට පෙර මෙරට ජනතාව නොමඟ යවා ජාතිවාදය උත්සන්න කිරීමේ මානසික මෙහෙයුමක ප්‍රධාන සම්බන්ධීකාරකයා වූයේ මොහුය. අනෙකා හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් සලේය.ඇතැම් විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ට  මේජර් ජනරාල් සලේ හරිම හොඳ යහපත් ළමයෙක් වුවද ඔහුගේ හොඳකම ගැන අප සතුව බොහෝ සාක්ෂි අප සතුව තිබේ.    

පාස්කු ප්‍රහාරයේ රුධිරය මතින් බලයට පත් වූ මිල්⁣ටෙරි නන්දසේන පොලිස් අමාත්‍ය ධූරය සරත් වීරසේකරට දුන්නේද ඔහු විසින් ඉටු  ⁣කළ එම කාර්ය භාරයට කළගුණ සැලකීමක් වශයෙනි.ඒ ප්‍රහාරයේදී ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය  සම්බන්ධීකරණය කරන ලද ඇවන්ගාඩ් සේනාධිපති වෙඩි ද්‍රව්‍ය පානදුරයට ප්‍රවාහනය කරමින් එම බෝම්බ සකස් කිරීමට අවශ්‍ය කෙරෙන හමුදාමය  තාක්ෂණ උපදෙස් සපයන ලදී.කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු මේජර් වරයකු වූ සේනාධිපති එම රෙජිමෙන්තුව මගින් යුද ස⁣මයේ සිඳු කරන ලද මෙහෙයුම් මෙහිදී ආදර්ශක ලෙස යොදා ගත් බව පෙනී යයි.දුරස්ත පාලකයක් මගින් බෝම්බ පුපුරා දැමීමටත් ඒ සඳහා බිලි බෝයිලා යොද⁣වා ගැනීමත් මේජර් ජනරාල් සලේ ගේ මැදිහත් වීමෙන් සිදු විය. 

මිල්ටෙරි නන්දසේනගේ පාලනය තුළ මිල්ටෙරි මෙහෙයුම් අංශ ප්‍රධානියා වීමට  ඇවන්ගාඩ් සේනාධිපති සහාසිකයාට අවස්ථාව සැළසුනේ මෙි පාස්කු ප්‍රහාරය නිසා බව ස්ථිරය.මෙම මෙහෙයුම් තුළ හමුදාපති ශවේන්ද්‍රලා හිටියේ දෙකේ කොලයට වැටීය

එතැන් සිට රටින් පැන යන තුරු මෙම සාහසික ජාවාරම්කාරයා  සිදු කළ  නොසන්ඩාල තක්කඩි ජාවාරම් වැඩ බොහොමයකි.එහි කූඨාප්‍රාප්තිය වූයේ පසුගියදා මිරිහාන සිදුවූ ජනතා විරෝධයයි.මෙම ජනතා විරෝධයත් සමග රාත්‍රියේ කැඳවුන ආරක්ෂක මණ්ඩල රැස්වීමේ ප්‍රධානියා වී ඇත්තේ ඇවන්ගාඩ් සේනාධිපතිය.ඔහු එහිදී හමුදාපතිවරු හා පොලිස්පති වරයා අමතා ප්‍රකාශ කර ඇත්තේ තමා යටතේ සේවය කරන  දෙසීයක පමණ පිරිසක් ⁣එම විරෝධතා කරුවන් අතරට යොදා ඇති බවත් ඔවුන් එහිදී සිදු කළ යුතු දේ ගැන උපදෙස් දී ඇති බවත් එබැවින් බය නැතුව සිටින ලෙසත්ය.⁣එම මිරිහාන විරෝධතාවේදී හමුදා බස් රථ ගිණි තබන ලද්දේ මෙම පැරා මිල්ටෙරි කණ්ඩායම බවත් අපට තොරතුරු ලැබී ඇත.  

අද වන විට ඇවන්ගාඩ් සේනාධිපති විදේශගත වී හමාරය.මොහුගේ විදේශගතවීම පිළිබඳව සමාජය තුළ විවිධාකාරයේ අදහස් පල වෙමින් තිබේ.මේ සියල්ලටම වඩා ඒ ගැන අපගේ කියවීම බොහෝ වෙනස්ය. සේනාධිපති හදිසියේ විදේශගත වීම මෙරට භූමියේ තවත් මහා ලේ ගංඟා වකින් පොඟවන අමානුෂික මෙහෙයුමක මුල විය හැකිය.

ඒ මන්ද යත් මේ සාහසිකයා  මිල්ටෙරි නන්දසේන හුදකලා කොට මෙරටින් පැන යන ජාතියේ එකෙකු නොවේ.

එය තහවුරු ⁣කෙරෙන තවත් කාරණයක් ගැන අපගේ ⁣අවධානය යොමු කෙරිණි. මොහු කටුනායක ගුවන් තොටුපොළට ඇතුළු වී ඇත්තේ එම පරිශ්‍රයේ වූ සීසීටීවී කැමරා පද්ධතිය නිශ්ක්‍රීය කරමිනි.මේ ආරක්ෂක කැමරා පද්ධතිය මෙහෙයවන්නේ හමුදා කණ්ඩායමක් බව කියවේ.එම සිදුවීමෙන් අපට නිරීක්ෂණය වන වැදගත්ම කාරණය වන්නේ සේනාධිපති ගේ  නික්ම යාම පැන යාමක් හෝ සාමාන්‍ය විදේශගත වීමක් නමි ගුවන්තොටුපොළ විද්‍යුත් නිරීක්ෂණ කැමරා ජාලය නිශ්ක්‍රීය කිරීම අවශ්‍ය නොවන දෙයක් බවය.ඔහු රහසිගතව රටින් පිටව යන්නේ තවත් ප්‍රහාරයකට බව ඉන් තහවුරු වේ.

මෙතෙක් කාලයක් මෙි සාහසිකයාගේ ප්‍රධානතම විරුද්ධවාදියා වූයේ ජනතා විමුක්ති පෙරමුණය.ජනතා විමුක්ති පෙරමුනේ ඡන්ද බලය එක් ඡන්දයක් දක්වා ගෙන ඒමට තම සියළුම දේපොල වියදම් කරන බව මොහු එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී.

මෙවැනි සාහසික මනෝභාවයකින් යුතු පාදඩයෙකු ගේ ඊළඟ බිල්ල ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු බව ස්ථිරය.⁣මේ හදිසි රහස් විදේශගතවීම තුලද ඇත්තේ එම බිල්ල ගැනීමට පිදේනි තටු සැකසීමට බව අප දැඩි ලෙස විශ්වාස කරමු.

ශ්‍රී ලාංකික විදේශගත මිතුරන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ඇවන්ගාඩ් මැරයා ඔබ සිටින රට තුල ගැවසෙන්නේනම් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස හා ඔහුගේ ක්‍රියාකාරකම් ගැන අප දැනුවත් කරන ලෙසය.   


Spread the love

Leave a Comment

You may also like