උණුසුම් පුවත් Posted on අප්‍රේල් 6, 2022අප්‍රේල් 7, 2022 මහජන අරගලය සමඟිව නොනවතින අරගලයක් කරමු 558 Spread the loveමහජන අරගලය පාවාදී සම්ප්‍රදායික ප්‍රභූ පන්තිය තුලම බලය රඳවා ගැනීම සදහා දැවැන්ත ක්‍රමන්ත්‍රණයක් මේ මොහොතේ ක්‍රියාත්මකයි. 20 වන සංශෝධනය අහෝසි කල යුතුය, කතා දෙකක් නැත. අඩු පාඩු හදාගෙන නැවත 19 ගෙන ආ යුතුය, කතා දෙකක් නැත. නමුත් එය ප්‍රශ්නයට උත්තරය නොවේ. උත්තරයට යන මගේ Mile Posts දෙකක් පමණි. ඒ දෙක අපි කරගමු, හැබැයි මේවා කරලා. ප්‍රශ්නයට හේතුව 19 හෝ 20 නෙමෙයි. 19, 20 නොව ඉතා ප්‍රගතිශීලී 17 තියන කාලයේ පවා සහ ඔය මෙලෝ සංශෝධනයක් නැති කාලයේ සිට පවා දේශපාලකයන් පක්ෂ භේදයෙන් තොරව කල අසීමිත මහජන දේපල මංකොල්ල කෑම මේ ප්‍රශ්නයට මුලිකම හේතුවයි. දෙක දැක්මක් / Vision එකක් නැති රාජ්‍ය පාලනයයි. දැන් කරන්න යන්නෙ පාර්ලිමේන්තුවෙ සියලු දේශපාලන පක්ෂ එකතුව 20 අහෝසි කර 19 ගේන්නත් ඒ වනතුරු මහජනයාට සිය හර්තාල් වියාපාරය නතර කොට සංසුන් වන ලෙසත් ගෙදර ගොස් අවුරුදු කන ලෙසත් ඒ සදහා ඉන්දියාවේන් සහ චීනයෙන් හිඟාකන ලද මුදලින් අල පරිප්පු ටිකක මිල අඩු කර පුජ්‍ය පක්ෂය සහ වෙනත් ජනප්‍රිය පුද්ගලයන් ලවා ජාතියෙන් ආයාචනා කිරීමත්ය. දිගටම ජනපති ගෝටාභයමය. විධායක අගමැති මහින්දය. බැසිල් ටික කලකට ඇමරිකාවට යවයි. නැවත ජොන්ස්ටන්ලා ලංසලා නාමල්ලා මෛත්‍රිලා ඇමතිවරුය. යෝෂිතලා චිචිලා රාජ්‍ය පාලනයේය. නව මහ බැංකු අධිපති නන්දලාල්, මුදල් ආමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා සමග IMF ගොස් ඩොලර් ටිකක් ගෙන එයි. වැඩි මිලට වුවත් තෙල් ටික ගෑස් ටික පෝලිමේ නැතිව ගැනීමට සලසවයි. මධ්‍යම පන්තිය මහජන අරගලයෙන් පැදුරටත් නොකියා මාරු වෙනු ඇත. මොරාල් බැස්ස පීඩිත පන්තිය සුපුරුදු ලෙස සොච්චම් දෛනික පඩියට වැඩ කරනු ඇත. රාජපක්ෂ පවුල සුවසේ පාලන කාලය අවසන් වනතුරු සුපුරුදු ලෙස හොරකම් කරනු ඇත. උන්ව එපා වුනාම හොරු අල්ලන්න කියා වෙන පක්ෂයක් බලයට එනු ඇත. පරණ විෂම චක්‍රයම නැවත කැරකැවෙනු ඇත. ස්වාධීනයයි කියන නමුත් දුෂිත හෙන්චයියන් රජ කරන කොමිෂන් වලින් 19 තිබ්බ කාලයේද වැඩක් වුයේ නැත. අල්ලපු හොරෙක් නැත. ජයන්ත ජයසූරියව අග්‍රවිනිශ්චයකාරවරයා කලේ ඔය 19 යයි. පුජිත ජයසුන්දර පොලිස්පති කලේ ඔය 19 යයි. මෛත්‍රීපාල ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කලත් අද වෙනතුරුත් දඩුවම් කර නැත්තේ ඔය 19 තිබියදිමයි . පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වුනෙත් ඔය 19 තිබියදීමය. කිසිම හොරෙක් ඔය කොමිෂන් වලින් හොරු කර නැත. ඔය කොමිෂන් වල එදා හිටියෙත් අද ඉන්නෙත් දේශපාලකයන්ගේම ගජ මිතුරන්ය . ඒක නිසා මේ කැරට් අලයට හසු වී මහජන අරගලය පාවා නොදෙමු. අපේ ඉල්ලීම් වල වෙනසක් නැත. 1. ගෝටාභය ඇතුළු රාජපක්ෂවරු ගෙදර / හිරේ යායුතුය. 2.මහින්ද ඇතුල් පවුල හොරා කාපුවා නැවත පවරා ගත යුතුය. 3. දුෂිතයෝ නැවත පාර්ලිමේන්තු එන මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය. 4. ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථා පවා වෙනස් විය යුතුය. 5. ආර්ථික ප්‍රතිපත්ති විතරක් නොවේ කෘෂි, කාර්මික, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී සැම ප්‍රතිපත්තියක්ම අලුතින් ලිවිය යුතුය. 6. ජනවාර්ගික අර්බුදය, කාන්තා ලමා සහ සමලිංගික අයිතිවාසිකම් පුර්ණ ලෙස විසඳිය යුතුය. 7. එක රටක්, එක නීතියක්, එක ජාතියක් යන්න යතාර්ථයක් විය යුතුය. #Go Gota Go යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ මේ සමස්ථ වැඩපිළිවෙළයි . පරන System එකට යන්න කියලා අලුත් System එකක් ගෙන ඒමයි. කොටින්ම සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේදී අපි නැවත ඉපදුණු ජාතියක් ලෙස කිරිබත් කෑල්ලක් කෑමයි. ඔබේ අභිලාෂය මංකොල්ල කෑමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මේ ගෙවෙන්නෙ යක්ෂයාගේ හෝරාවයි . මේ වනවිට ඒ කුමන්ත්‍රණය පාර්ලිමේන්තුව තුල සිදුවෙමින් පවතී. ඔබේ පක්ෂයට ඔබේ ගමේ මන්ත්‍රීවරයා ඔබ හසුරුවා ගන්න. මේ කුමන්ත්‍රණය කිරීමට ඉඩ නොදෙන්න. නැවතත් රැවටෙනවද, නැතිනම් සමගියෙන් මේ අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙයවා අලුත් ලෝකයක හිරුණැලි දකිනවද? තීරණය ඔබ අතෙයි. – නිලංග සමරසිංහ Spread the love
උණුසුම් පුවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඉංජිනේරු සෙබළෙකු ඝාතනය කරලා 705 Spread the love මිල්ටෙරි නන්දසේන ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස පත් කළ කමල් ගුණරත්නගේ නිවසක අළුත් වැඩියා කිරීම් වල යොදවා සිටි ඉංජිනේරු බලකායේ... Read More
උණුසුම් පුවත් උණුසුම් පුවත් ජූලි 24, 2023 ලංකා දවසේ හෙලි දරව්වෙන් පසු විනිසුරෙක් හරක් කටාගෙන් ගත්ත මිලියන දහය රැකවරණයක් ඇති මිනිහෙක් අතේ ආපසු යවලා
උණුසුම් පුවත් ජන. 11, 2020 ඇත්තටම දැන් සිස්ටම් චේන්ජ්…………නාමල්ගේ හා රෝහිත රාජපක්ෂ ගේ නැන්දයි මාමයි දෙන්නම එයාර් ලංකා අධ්‍යක්ෂකවරු ලෙස පත් කරයි…..!!
උණුසුම් පුවත් උණුසුම් පුවත් අගෝ. 08, 2023 ගොවියන් ගේ උපවාසය ගොන් ආතල් ගැනීමක් – හරීන් ප්‍රනාන්දු ඇමති පවසයි
උණුසුම් පුවත් මාර්තු 25, 2021 පැන්සලෙන් හරි දමා පෑනෙන් රැකියාව හම්බවෙන ජයසුමන ගේ ඖෂධ නිෂ්පාදන සහායක තනතුරු 18