මීට ඉහතදී ප්‍රකාශ කළ යුද හමුදායතුරු පැදි කරුවන් හා සැබැඳි පුවතේ දිගුවක් ඉදිරිපත් කරන්නට අපට සිදු වී තිබේ.අපට මේ දැන් ගැන්මට ලැබුණ තොරතුරක් අනුව දියත උයන අසල පැවැති විරෝධතාකරුවන් බිය වැද්දීමට පැමිණි හමුදා අංක තහඩු රහිත යතුරු පැදි කරුවන්ට අවවාද කළ පොළිස් නිළධාරීන්ට එරෙහි වහාම කටයුතු කරන.
![]()
ලෙසට හමුදාපති වරයා හා ආරක්ෂක ලේකම් වරයා විසින් පොලිස්පති වරයාට ලිඛිතව දන්වා යවා ඇත.ඒ ලිඛිත උපදෙස් අනුව පොලිස්පතිවරයාද එම පොලිස් නිළධාරීන් ගැන ඉතා ඉක්මනින් කටයුතු කරන බවද අදාල පැමිණිලි පාර්ශවයන්ට දන්වා තිබේ.
පොලිස්පතිවරයා විසින් හෙට අනිද්දා වන විට එම සිදුවීමට සම්බන්ධ පොලිස් නිළධාරීන් දෙදෙනාගේ සේවය තහනම් කරන බව නිසැකය.සැබැවින්ම මේ පොලිස් නිළධාරීන් දෙදෙනා මැදිහත් වූයේ හමුදා ප්‍රහාරක යතුරු පැදි කරුවන් නිසා එහි සිටි විරෝධතා කරුවන් ප්‍රචන්ඩ හැසිරීමක් දක්වා වර්ධනය වීමට තිබූ අවස්ථාව නවතා ගැනීමය.ඔවුන්ගේ රාජකාරිය ඇගයිය යුතුව තිබියදී හමුදාපති වරයා හා ආරක්ෂක ලේකම් වරයා ඔවුන් දඬුකඳේ ගසන්නට සැලසුමි කිරීම ඉතා කණගාටු දායක කාරණයකි.
මිල්ටෙරි නන්දසේන ගේ ඔඩොක්කු කුක්කන් වූ හමුදාපති හා ආරක්ෂක ලේකම්වරයා තවමත් සිටින්නේ උද්දච්ච මානසිකත්වයකින් බව මෙම සිදුවීමෙන් අනාවරණය වේ.රාජපක්ෂලා ආරක්ෂා කර ගැනීම සදහා නුදුරේදී මෙරට සමාජය මත මිල්ටෙරි ආධිපත්‍යයක් මුදාහැරීමේ අදහසක් මෙම ඔඩොක්කු කුක්කන් දෙදෙනා තුළ පවතින බව අපට සිතේ.කෙසේවෙතත් නීතියට එකඟව රාජකාරිය ඉටු කළ පොලිස් නිළධාරීන් දෙදෙනාට එරෙහිව පොලිස් පති වරයා කටයුතු කළ හොත් සමස්ත පොලිස් සේවාවම නොසන්සුන් විය හැකිය.ඒ අතරම පොලීසිය හා හමුදාව අතර බරපතල විරසකයක්ද නිර්මාණය වනු ඇත.බලය ගිලිහීමේ අවදානමෙන් සිටින රාජපක්ෂ සනුහරයට මෙවැනි වටපිටාවක් නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ ආරක්ෂාවට ඉතා ශක්තිමත් පදනමක් විය හැකිය.ඔවුන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ රාජ්‍ය පරිපාලනය ආරක්ෂක හමුදා හා ජනතාව අතර බෙදීමක් ඇති කිරීමය.එය ඉදිරියේදී විවිධ මුහුනුවරින් සමාජගත වනු ඇත.
මෙතරම් ජනතාවක් පාරට බැස තිබියදී රාජපක්ෂ සනුහරය කිසිදු තැකීමක් නැතුව සිටින්නේ මෙම මිල්ටෙරි හමුදා පිළිබඳව ඇති විශ්වාසයෙනි.එසේ නැති වුනා නම් ඔවුන් සැම මෙරටින් පැන ගොස් හමාරය.නායකයෙක් නොමැතිව ආවේගශීලීව පාරට බැස ඇති ජනතාවගේ විරෝධය දින ගනනක් ඇද ගෙන යාම තුළ තුනී වී යන බව රාජපක්ෂ සනුහරය විශ්වාසයෙන් සිටින බව පැහැදිලිය.මෙම ජනතා විරෝධය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු වන්නේ නීතිඥ ප්‍රජාව මැදිහත්ව බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. වෘත්තීය සමිතිද සටනට ආ යුතුය.එසේ නැති වුන හොත් නායකයෙක් නොමැතිව ඇවිලුන ජනතා විරෝධය දිය වී යන බව නම් සහතිකය.ආරක්ෂක ලේකම් හමුදාපති හා පොලිස්පති විසින් අද දින සිදුවීමට මැදිහත් වුන පොලිස් නිළධාරීන්ට දඬුවම් කිරීමට දරන මිල්ටෙරිි ප්‍රයත්නයට එරෙහිව වහාම සියළුම දෙනා මැදිහත් විය යුතුය.අප මේ කාරණය ගැන රට තුළ හා විදේශගත මානව හිමිකම් සංවිධාන දැනුවත් කරන අතරම මෙම මිල්ටෙරි වෑයම වහාම අත්හිටුවීමට මැදිහත් වන ලෙස මෙරට නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.
මිල්ටෙරි යතුරු පැදි කරුවන්ට එරෙහිව වූ පොලිස් නිළධාරීන් දඬුකඳේ ගහන්න සූදානම්

