මිල්ටෙරි නන්දසේන ගේ පාලනයට එරෙහිව මේ වන විට ගාලු මුවදොර පිටියට දහස් සංඛ්‍යාත ජනතාවක් එක් රොක් වෙමින් තිබේ.මේ අතර මෙරට ප්‍රසිද්ධ කලා කරුවන් නීතිඥයන් වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් සිටින බව වාර්තා වේ.
ගාලු මුවදොර එක් රැස් වී සිටින ජනතාව රාජපක්ෂවරුන්ට දේශපාලනයෙන් ඉවත්ව යන ලෙසට කෑ මොර දෙමින් තිබේ.ඔවුන් සොරා කෑ දේපොළ ආපසු ගත යුතු බවටත් පවසන ඔවුන් විරෝධතාව අඛන්ඩව පවත්වාගෙන යන බව දැනුම් දී ඇත.
ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතාව සඳහා විවිධ ප්‍රදේශවලින් එක්වීමේ ප්‍රවනතාවක්ද දකින්නට පවතී.මෙම දැවැන්ත විරෝධතාව අඛන්ඩව පැවතුන හොත් හා එයට ජනතාව දිගින් දිගටම එකතු වීම සිදුවුන හොත් එය මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවට ඉදිරියේදී බරපතල ප්‍රශ්ණයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පවසා සිටී.
මෙම විරෝධතාවන්ගේ වර්ධනය සමග මිල්ටෙරි නන්දසේන ඇතුළු ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව මහජනතාව ගේ හඬට කන් නොදී සිටිය හොත් එය රට තුළ අරාජික තත්වයක් නිර්මාණය වෙනු ඇති බවද ඔවුන්ගේ අදහසය.ඉදිරිදින වලදී මෙරට සියළුම වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යාමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.
මෙම ජනතා විරෝධතාවන් පිළිබදව අප වෙත කරුණු දැක්වූ හමුදා ඡ්‍යෙෂ්ඨයකු ප්‍රකාශ කරන ලද්දේ රට තුළ පවතින තත්වය පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති වරයා විසින් වහාම ජනාධිපති වරයා දැනුවත් කොට ඉක්මන් දේශපාලන ක්‍රියා මාර්ගයකට එළඹීම සඳහා ඔහු පෙළඹවිය යුතු බවය.මේ පවතින වටපිටාවේ ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති වරයා
දෙන දෙයක් කා බොන දෙයක් බී තිත්ත කසාය බිවු ගොළුවන් ලෙස සිටීම ගැනද ඔහු සිය කණගාටුව ප්‍රකාශ කෙරුවේය.
යම් හෙයකින් හමුදාවෙන් හෝ පොලීසිය පාර්ශවයෙන් වැරදීමකින් මනුෂ්‍ය ඝාතනයක් සිඳුවුව හොත් එය ආපසු හැරවිය නොහැකි තරමේ බරපතල ඛේදවාචකයක් වනු ඇති බවද ඔහු අප සමග වැඩිදුරටත් පවසන ලදී