උණුසුම් පුවත්

අන්තෝ ජටා බහි ජටා පොහොට්ටු ආණ්ඩුව සෙළවෙයි.මිල්ටෙරි නන්දසේනට අනතුරු අඟවා පවුලෙන්ම රතු එළි විහිදේ

Spread the love

ඊයේ රාත්‍රියේදී අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම මහා ආරවුලක් බවට පත් වී ඇති බව වාර්තා විය.එ⁣හිදී ඇතැම් අමාත්‍ය වරුන් අතර අතින් පයින් ගනුදෙනු බේරා ගැනීමට තරමේ වාග් සංග්‍රාමයක් නිර්මාණය වූ බව දැනගැන්මට ඇත.එම රැස්වීමේදී ජොන්ස්ටන් පෙරේරා මහින්දානන්ද අලුත් ගමගේ හා එස්.බී දිසානායකගේ අදහස වී ඇත්තේ ජනතාවට බම්බු ගහගන්නය කියා ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතුබවය.නාමල් රාජපක්ෂ සිය පියා අගමැති තනතුරෙන් ඉල්ලා අස් නොවිය යුතු බවට ප්‍රකාශ කර ඇත.අවසානයේ දී අමාත්‍ය මණ්ඩලය පොදු ලියවිල්ලකට  අස්සන් කොට අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වූ බව නිවේදනය කොට ඇතත් අග්‍රාමත්‍ය වරයා අස් නොවූ හෙයින් මෙම අමාත්‍ය මණ්ඩලය තවමත් බල සහිතය.

අග්‍රාමාත්‍ය වරයාට තනතුරෙන් ඉල්ලා අස්වීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉඩ නොදී⁣ම තුළ රාජපක්ෂ පවුල ඇතුළත යම් කෝන්තරයක් නිර්මාණය වී ඇතැයි අපට සැකයක් මතුවේ.එය තහවුරු කර ගත හැක්කේ මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අවධානය යොමු කිරීමෙනි.මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවට අනුව ජනාධිපති වරයකු බලයෙන් පහ කර ජනතාවට අලුතෙන් ජනාධිපතිවරයකු ගෙන ඒම ගැන සඳහනක් නැත.ඉන් අදහස් වන්නේ ජනතා උද්ඝෝෂණ වලින් ජනාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි බවය.ජනාධිපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ කියවෙන්නේ  38 වන ව්‍යවස්ථාවේ(1) වගන්තියේය.ඒ අනුව,

38(1)(අ) ජනාධිපතිවරයා මිය⁣ගියහොත්

(ආ) .කතානායක වරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් තම ධුරයෙන් අස්වුව හොත් 

(ඇ). ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටීම නතර වුවහොත්

(ඈ) ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තා ස්වකීය ධුර කාලය ආරම්භ වූ දින සිට සති දෙකක් ඇතුළත ධුරයේ කාර්යයන් භාර ගැනීම හිතා මතාම පැහැර හැරියොත් 

(ඉ)මීළඟ අනු ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති පරිදි ජනපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත්

(ඊ)ජනපතිවරයා තෝරා පත් කර ගැනීම නිශ්ප්‍රභ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 130වන ව්‍යවස්ථාවේ (අ)ඡේදය යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමෙහි ලා තීරණය කරනු ලැබුව හොත් හා වෙනත් යම් කිසි තැනැත්තකු 

ජනපතිවරයා වශයෙන් යථා පරිදි තෝරා පත් කර ගන්නා ලදැයි තීරණය කළ හොත් එවිටද ජනාධිපති ධූරය හිස්වන්නේය

මීළඟ අනු ව්‍යවස්ථාවේ කරුණු යන්න (38) (2)හි සඳහන් මෙසේ සදහන්ය.

38(2)(ආ).මානසික හෝ ශාරිරික දුබලතාවක් හේතුවෙන් ජනාධිපතිවරයාට ඔහුගේ ධුරයේ කාර්යයන් ඉටු කිරීමට නියත වශයෙන්

නොහැකි බවට චෝදනා කරන්නා වූ

(i)චෙිතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද

(ii)රාජද්‍රෝහී වීමෙි වරද

(iii)අල්ලස සම්බන්ධ වරද

(iv)ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය සම්බන්ධ වරද

(v)යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක්කර ඇති බවට චෝදනා කරන්නා වූද එම චෝදනාවෙහි හෝ චෝදනාවල හෝ් සම්පූර්ණ විස්තර දැක්වෙන්නා වූද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳ වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නා වූද

යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවට පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරයකු විසින් කතානායක වරයා වෙත යවන ලිපියකින් දැන්වීමක් කළ හැකිය.
ඉහත කරුණු ඇතුලත් යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අත්සන්  කර ඇතොත් කතනායක වරයා අනිවාර්යෙන් බාර ගත යුතුය.එසේ නොමැතිව නිල බහුතරයක් අස්සන් කර ඇතොත් කතනායක වරයාට සිය අභිමතය අනුව කටයුතු කළ හැක.එම බාරගන්නා යෝජනාව මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතුය.චෝදනා පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමයි.ඉන්පසු නැවත චෝදනා සත්‍ය බවට වූ වාර්තාව තුනෙන් දෙකකින් සම්මත විය යුතුය.
ජනාධිපති ධුරය හිස් වූ විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු යම් මන්ත්‍රීවරයකු ඒ සඳහා පත් කර ගත යුතුය.මෙම නව ජනපතිවරයා පත් කරගන්නා තුරු වන අන්තර් කාල සීමාව තුළ අගමැති වරයා ජනපති ධූරය දරිය යුතුය.ඒ වන විටත් අගමැති ධුරය හිස්ව ඇත් නම් කතානායක වරයා ජනපති ධුරය බාර ගත යුත්තේය.ධුරයේ  රැඳී සිටින ජනපති වරයාට සිය අභිමතය පරිදි ජනපතිවරණයක් කැඳවිය නොහැකිය.අවුරුදු දෙකාමාරකට පසුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය තිබෙි.

එහෙත් පාර්ලිමේන්තුව විසිරවීමේ බලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇත.70 වෙනි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුුුුන්⁣ගේ යෝජනා වක් සම්මත වන්නේ නම් පාර්ලිමේන්තුව විසිරුවන්නට පුළුවන.  අන්තෝ ජටා බහි ජටා පොහොට්ටු ආණ්ඩුව සෙළවෙයි.මිල්ටෙරි නන්දසේනට අනතුරු අඟවා පවුලෙන්ම රතු එළි විහිදේඑහිදී තුනෙන් දෙකක් අවශ්‍යය නොවේ.

ඉන්පසු ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව හිමිවේ.නව ආණ්ඩුවකින් ජනපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමෙන් ඔහු එම ධුරයෙන් නෙරපා දැමිය හැක.

අප මුලදී සදහන් කළ ආකාරයට නාමල් මන්ත්‍රීවරයා සිය පියාට අගමැති කමින් අස්වීම වලක්වා ඇත්තේ ව්‍යවස්ථාවේ 38 (ආ) හිත අස්සේ සඟවා තබා ගෙන වන්නට ඉඩ තිබේ.එය එසේ වන්නේ නම් බාප්පා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය යන්න ඔහු අදහස් කරන බව අපට සිතිය හැකිය.බාප්පා ජනපති ධුරයෙන් ඉල්ලා අස් වූ විට ජනපතිවරයා වන්නේ තාත්තාය.අගමැති වරයා ජනපති ලෙස කටයුතු කිරීම කරන්නේ ජනපතිවරයකු පත් කරගන්නා තුරු වන  අන්තර් වාර පාලන කාලයේදී වුවද මන්ත්‍රී බහුතරයකගේ කැමැත්ත පරිදි අඛන්ඩව ජනපති ධුරයේ සිටීමට මහින්ද රාජපක්ෂට හැකි වනු ඇත.

නාමල් රාජපක්ෂගේ සිහිනය අගමැති පුටුවේ වාඩි වීම වෙන්නට ඕනෑය.දැන් මහපාරේ අරගලය පවුලේ අර්බුදයක් වී ඇති බවට අප සැක සිතුවේ මේ නිසාය.

එහෙත් මේ වනවිට ජනතාව පාරට බැස ඇත්තේ රාජපක්ෂ සනුහරයම එලවා දැමීමට මිස රාජපක්ෂලා නැවත නැවතත් බලයේ රඳවා ගැනීමට නොවනබව අවධාරණය කළ යුතුමය.


Spread the love

Leave a Comment

You may also like