මිල්ටෙරි නන්දසේන අළුත් තුරුම්බුවක් පිටියට දාන්නට සූදානම්ය.විමලේ හා ගොමා පසුගිය දවස්වල පිටිය සකස් කෙරුවේ මේ තුරුම්බුව සදහාය.
විමලේ හා ගොමාට ඇත්තේ සැබෑ ආණ්ඩු විරෝධයක් නොව බැසිල් හාමු හා පැවැති පෞද්ගලික ආරවුලකි.විමලේ හා ගොමා යන දෙදෙනාම අමුම අමු තක්කඩියන්ය.
මේ තක්කඩියන් දෙදෙනා එළියට බැස්සේම මිල්ටෙරි නන්දසේන ආණ්ඩුවේ ආරක්ෂාවට බව තහවුරු වෙමින් තිබේ.මේ තක්කඩියන් ආණ්ඩුවෙන් එළියට ඒම ගැන අපටද විවිධ අදහස් හා ප්‍රශ්ණ තිබුණි.නමුත් අවසාන විග්‍රහයේදී විමලේ හා ගොමා මිල්ටෙරි නන්දසේන අත් නොහැර ආරක්ෂා කරනු ඇතැයි යන අදහස අප තුළ පැවතුනි.

මේ වතාවේ රටේ ජනතාව පාරට බැස ඇත්තේ රාජපක්ෂ සනුහරය එලවා දැමීමටය.රාජපක්ෂ සනුහරය බලයෙන් පහ කිරීම පමනක් නොව ඔවුන් විසින් පැහැරගත් පොදු දේපොල නැවත රජයට පවරාගත යුතු බවට ජනතාව හඬ නගමින් සිටී. දේශප්‍රේමී අයිසින් තවරා ජනතා විරෝධය අල කිරීම විමලේ ගේ කුමන්ත්‍රණ සැලසුම වුවද ඒ සියළු උපාය උපක්‍රමයන් ප්‍රතික්ශේප කරන තරමට වීදි පුරා ජනතා සටන් ඇවිලෙමින් පවතී.මේ තරමටම 69 ලක්ෂයක් ගොනාට ඇන්ද වු විමලේ ගේ ගෙදරත් හෙට අනිද්දාම වැටලීමට ඉඩ තිබේ.
අවලස්සන ඇමරිකානුවා මුදල් ඇමති කමෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ශේප කර තිබේ.අපට ආරංචි ලැබෙමින් තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ අගමැති කමෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂිතය.
එහෙත් මේ ප්‍රවෘත්තිය ලියමින් සිටින අවස්ථාවේ අග්‍රාමාත්‍ය ප්‍රවෘත්ති ලේකම් වරයාගේ මාධ්‍ය නිවේදනයක සඳහන්ව ඇත්තේ අග්‍රාමාත්‍ය වරයා ඉල්ලා අස් වී ඇතැයි පැතිර යන ප්‍රචාරය සාවද්‍ය බවය.දැන් මෙහිදී ප්‍රශ්ණයක් මතුවේ.
අගමැති වරයා ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන්නේනමි අගමැති ප්‍රවෘත්ති ලේකම් මේ හදිසියේ මෙවැනි නිවේදනයක් නිකුත් කරන ලද්දේ මක් නිසාද යන්නය.එසේ නම් අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට මහින්ද තවමත් කැමැති වී නැතැය යන්න අපට සිතන්නට පුළුවන.
පොදුජන පෙරමුණේ මහින්ද වාදීන් වැඩිය.ඔවුන්ද මහින්ද රාජපක්ෂ අගමැති කමෙන් ඉල්ලා අස්වීම අනුමත කරනු නැති බව නම් සහතිකය.ඔවුන් වැඩි පිරිසකගේ අදහස වී ඇත්තේ ජනතා විරෝධය ඇත්තේ ජනාධිපතිවරයාට හා ඔහුගේ කූට්ටාලියන්ට බවය.ජොන්ස්ටන් ,ප්‍රසන්න රණතුංග ,රත්තරන් රෝහිත, වැනි රාජපක්ෂ වහළුන් ප්‍රකාශ කර ඇත්තේ ජනතාව බම්බු ගහගන්න කියා ආණ්ඩුව පවතින විදියටම ගෙන යා යුතු බවය
දැන් මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව පත්වී ඇත්තේ මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය තත්වයටය.
අන්තර්කාලීන ආණ්ඩු සැලසුම එළියට දාන්නට හදන්නේ මෙවැනි පසුබිමකය.
මේ තුරුම්බුව මිල්ටෙරි නන්දසේන අතට දුන්නේ විමලේ හා ගොමාය.එහිදී අගමැති තනතුරට ඩලස් හෝ දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට යෝජනා වී තිබේ.මහින්දවාදීන් හා මිල්ටෙරි නන්දසේන වාදීන් අතර කඹ ඇදිල්ලකි.