රට පුරා බුර බුරා නැගෙන රාජපක්ෂ විරෝධය හමුවේ ජනතාව අන්දා තවත් ගේමක් ගැසීමට විමල් හා ගම්මන්පිලලා සැරසෙන බවක් වාර්තාවේ.
විමල්ලා කැරැල්ලක් ගැහුවේ මහින්දගේ උවමනාවටය.
ගෝඨාත් මෙල්ල කරගෙන බැසිල් අගමැති පුටුවට එන්නට දරණ ප්‍රයත්නය යටපත් කොට බැසිල් විරෝධයක් ඇති කිරීම විමල්ලාගේ අරමුණ වුවත් දැන් එය ගෝඨා මෙන්ම සියලු රාජපක්ෂවරුන් වෙනුවෙන් වූ ප්‍රබල මහජන විරෝධයක් ලෙස ඔඩු දුවා අවසන් ය.
දැන් ටික ටික රාජපක්ෂවරුන් තම පවුලේ අය රටින් පිට යැවීම අරඹා තිබේ.
නාමල් තම බිරිඳ දරුවා හා ඇගේ දෙමාපියන් හොර රහසේම ඩුබායි වෙත දැනටමත් යවා ඇත.
මේ තත්ත්වය යටතේ අලුත්ම දේසපාලන ඩීල් එක වී ඇත්තේ මහින්ද අගමැති කමින් ඉවත් වී රාජපක්ෂ නොවන්නකුට තාවකාලික අගමැති ධූරය පිරිනැමීමය. ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ ඩලස් අලහප්පෙරුමය.
දක්ෂ නළුවකු ලෙස හැසිරෙන ඩලස් මෙසේ තාවකාලික රූකඩ අගමැති වරයා ලෙස පත් කිරීමේ මහ මොළකරුවන් වන්නේ මහින්ද හා නාමල් ය.
ටික කලක් ඩලස් ලවා අද්දවා මීළඟ චන්දය එනතුරු නාමල් එතැනට ගෙන ඒම මෙම නාටකයේ මුල් පිටපතය.
නාටකය මෙහෙයවන්නේ විමල්, ගම්මන්පිල හා වාසු ප්‍රමුඛ කණ්ඩායමයි.පාර්ලිමේන්තුවේදී මහින්දට හිටවත් පොහොට්ටුවේ මන්ත්‍රී වරු මෙයට සහාය දක්වනු ඇත.
ලබන සතියේ ක්‍රියාත්මක වීමට නියමිත මේ නාටකය රාජපක්ෂලාගේම එකක් බව ජනතාව අවබෝධ කර ගත යුතුය.