උණුසුම් පුවත්

පොලිසියේ වගකීම ජනතා පරමාධ්පත්‍ය ආරක්ෂා කිරීම මිස, දුෂිත පවුලක් රැකීම නොව දුෂිතයන් මෙල්ල කොට නිතිය ඉදිරියට ගෙන ඒමයි.

Spread the love

සහෝදර නිලධාරි වරුණි/ නිලධාරියණි.

මේවනවිට ශ්‍රි ලංකාවේ ජනතාව විදුලිය ,ගෑස් ,ඉන්දන හා ජලය, ඇතුළු ජීවත් වීමට අත්‍යවශය මුලිකතම දේවත් ලබා දීමට පවතින ආණ්ඩුව අසමත්ව ඇති බව අපට වඩා ඔබ අත් විදිමින් දන්න සත්‍යකි.

ඒත් පාලකයන් ඉතාම් අධි අධිසුඛෝපභෝගි ජීවිත ගත කරමින් ද, ඔවුනට ආරක්ෂාව ලබාදීමට ද ,සිදුව ඇත්තේ පොලිසියේ ඔබටමය. ලෝකයේ කිසිදු රටක පොලිස්පතිවරයෙකු නොදෙන නිතිවිරෝධි නියෝග ලබාදමින් ඥාණා නැමති එක් කාන්තාවකටද ,පොලිසියේ ආරක්ෂාවක් ලබාදිම ඉතාම කණ්ගාටුදායකය.

ඉන් සිදුව ඇත්තේ සමස්ථ පොලිස් සංහතියම ජනාතාවගේ වෛරයට අප්‍රසාදයට  පාත්‍ර වීමකි. ඥාණාට ආරක්ෂාව ලබාදීමට නියෝග කරන පොලිස්පති වික්‍රමරත්න නිතියානුකුලව පිහිටවා ඇති අපරාධ වින්දිතයන් ආරක්ෂාකරනු ලබන ආයතයේ ඉල්ලීම අනුව අපරාධ වින්දිතයන් ගේ නිවෙස් වල ආරක්ෂාවක් වෙනුවෙන් නොසලකා හැර ඇති බවට ඔබත් ,මමත් දන්න සත්‍යකි.

පොලිස්යේ ඔබගේ වගකීම දිවි හිමියෙන් රජය ආරක්ෂා කිරීමය . ඊට ඕනෑම කැපකිරීමක් කිරීමට සිදුව ඇත. ඒත් කිසිදවසක ඔබ කුමණ ආණ්ඩුවක්වත් රැකීමට නිතියානුකූලව බැදි නැත. ආණ්ඩු බිහිකිරීම හා පලවා හැරීම රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවගේ නොවෙනස් වු ශුද්ධ වු අයිතියකි.

ඒ අයිතිය වලක්වාලීමට පොලිසියේ ඔබට නිතියානුකූලව බැරිබව අප ඉගන ගන්නේ පාසැල් සමයේ හා පොලිස් උසස් අධ්‍යාපනයේදිය. එනිසා අද වෙනකොට එම ජනතා පරන්මාධිපත්‍ය අයිතිය, වඩාත් තහවුරු කොට ඇති නඩු තීන්දුවක් ද ඉතාම මෑතක ලැබුණ බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 109/2021 දරණ නඩුවේන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් එම තීන්දුව ඒකමතිකවම මෙරටට ලබාදීම ඉතාම ජනතා පරමාධිපත්‍ය පිලිබදව සුවිශේෂිත නව ආරම්භයකි. එම නිසාම අප සංගමය නිරන්තරවම ඔබ සිදුකරන ඕනෑම නිතියානුකුල වු රාජකාරියකදි ඔබව ආරක්ෂා කිරීමට, දේශීයව හා ජාත්‍යන්තරවද, සුදානමින් සිටින බව ඉතාම ගෞරවයෙන් මතක් කරන්නෙමු.

එදා ප්‍රේමවති මනම්පේරිය ගේ වෙඩි තැබීම සාධාරණිය කිරීමට කීවේ “අපට වෙඩි තැබීමට ඉහල නිලධාරින් අණ කලා” කියාය. ඒත් අවසානයේ අධිකරණය කියා සිටියේ “ඉහලින් ලැබෙන නිතිවිරෝධි නියෝගයන් ඉටුකිරීමට කිසිදු පහල නිලධාරියෙකු බැදි නැති බවය. මැත ඉතිහාසයේ ඉතාමත්ම අවාසනාවන්ත ආකාරයට “රාජ්‍යට” පයින් ගසා තම පුද්ගලික ලාභ ප්‍රයෝජනයන්ට  “ආණ්ඩු” රැකීමට ගිය ඉහලම නිලධාරියෙකු වු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අවසානයේ නිතිවිරෝධි නියෝග ලබාදීමෙන් වසර ගනනාවක් සිරගත් විය.

ඒ ආකාරයටම ආණ්ඩුරැකීමට මිනිමැරු වාස් ගුණ්වර්ධන අදත් ඉන්නේ වැලිකඩය. ඔවුන් ඉතාම වටිනා ආදර්ශයක් සමස්ථ පොලිස් සංහතියටම ලබාදෙමින් ” අපිට වැරදුනා උඹ්ලා හරිදේ කරපල්ලායැයි ” මහගු පණිවිඩයක් නුතනයේ ඔබට ලබාදි ඇත.

අද වෙනවිට සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව පිලිබදවම ජනතාවට ඇත්තේ ඉතාම හිරිකිතයකි, අප්පිරියාවකි. ඒත් ඒ බව ඔබලාට තවමත් නොදැනෙන්නේ ඔබගේ ඇග වසා සිටින කාකි කබාය නිසාය. ඒ ජනතාවට ඔබ නිතියානුකුලව රාජකාරිය නොකරන නිසාවෙනි.

ඔබත් මේ වනවිට දැඩි ආර්ථික පීඩනයකින් ,හා මානසික අසහණයකින්, සිටිමින් රැකියාව කරන බව මා පුද්ගලිකවම දන්නේ ඔබගේ දුක් ගැනවිලි දිනපතාම් අප සංගමයට කියන නිසාය. මේ වනවිට පවතින ආණ්ඩුව මත යැපෙමින් ,ආණ්ඩුවෙන් පුද්ගලික වසි ලබා ගන්නා හා පුද්ගලිකව අයතා ගනු දෙනු කල දුෂිත ඉහල නිලධාරින් කීපදෙනෙකු ,ඔබව බිලි දීමට විවිධාකාරව නිතියානුකූල නොවන නියෝග කොලවල ගසා ඔබට එවනවා ඇති.

ඒත් ඔබ එම නිතියානුකූල නොවන ඕනැම නියෝගයක් නොකිරීමට වග බලා ගන්න . එව්නි නිතිවිරෝධි නියෝග ඉටු නොකිරීමේ වරදට ඔබට කුමන ආකාරයේ දඩුවම ලබාදුන්නත් පුද්ගලිකව අප ඔබ වෙනුවෙන් පෙනි සිටීමට වග බලා ගන්නා බවත් ඔබට ලංකාවේ ප්‍රධාන පෙලේ නිතිඥ කණ්ඩායමක් ඒ වෙනුවෙන් සිටින බවත් , ඔබගේ පවුලේ සියළු කටයුතු පිලිබදව මුදල්මය වගකීමෙන් ක්‍රියාකරන බවත් ,මතක් කරන්නෙමු.

තම පුද්ගලික වාසිය හා ඉහල නිලධාරින්ව සතුටු කිරීමට ජනතාව තලා පෙලීමට හෝ මරාදැමීමට ඔබ ක්‍රියාකලහොත් ඒවාට, පවතින ආණ්ඩුව ඔබත් සමඟ පේලියට සිට ගැනීමක් නොකරන අවසානයේ ඔබ හා ඔබ ගේ අහිංසක දරු පවුලටම විද වීමට සිදුවන ඔබ ඇස් ඉදිරිපිටම දකිනවා ඇත.

ආණ්ඩු එති, යති ,එත් රටත් ජනතාවත් සිටින රජය කිසි දවසක වෙනස් නොවේ. එනිසාම ජනතාව හා ඔවුන්ගේ දේපල රැකීමට, ඔවුනගේ ජනතා පරමාධිපත්‍ය රැකීම ඉතාම සිහි බුද්ධියෙන් මෙවන් සංකීර්ණ අවස්ථාවක ඔබ කලයුතුය.

අනුර සේනානායකලා ගේ වාස් ගුණවර්ධනලා ගේ අඩිපාරේ යන අයට එසේ යාමට් ඉඩ දි ඔබ නතර වෙන්න යම දවසක ඔවුන් ,අනුර සේනානායකලා, වාස් ගුණ්වර්ධනලා ,ගිය තැන්වලම නතරවි සිටිනු ඇත. එයයි ලෝක ධර්මතාවය . ඒත් ඔවුන් සිරගෙවල් වල නතර වන විට ඔබ සමඟ පැමිණි රටේ ජනතාවද අත්වැල බැදගෙන එදාට සිටිනු ඇත. ඊට ඔබට ශක්තිය හා ධෛර්ය ලබේවා….!!
ස්තුතියි,
මෙයට
සභාපති,
හිටපු පොලිස් පරික්ෂක ,
අජිත් ධර්මපාල
ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය,
එංගලන්තය.
03/04/2022 දින දීය.


Spread the love

Leave a Comment

You may also like