මිරිහාන ඊයේ රෑ ඇවිලිනි.කිසිවෙකුගේ නායකත්වයක් නොමැතිව ජනතාව ජනපති මිල්ටෙරි නන්දසේන නිවස වට කර විරෝධතාවක නිරත වූහ.අවසනපොලීසියේ රබර් උණ්ඩ හා කඳුළු ගෑස් ප්‍රහාර වලට පසුව ජනතාව විසිරිනි.මේ විරෝධතාව පිළිබඳව අපට ඇත්තේ වෙනම කියවීමකි.එය බොහෝ ජනමාධ්‍ය උඩින් පල්ලෙන් සිද්ධිමය කාරණා බෙදා හරිනවාට වඩා බොහෝ වෙනස්ය.
මිරිහාන විරෝධතාව හදිසියේ මතුවන්නේ මේ මාසයේ තුන්වෙනිදා සමාජ මාධ්‍යය මගින් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් සංවිධානය වෙමින් තිබූ පසුබිමකය.සමාජ මාධ්‍ය මගින් සංවිධානය කෙරෙමින් පවතින විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නොවන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.ඒ ප්‍රකාශය ඇතැමුන් ගේ දැඩි ලෙස විවේචනයට පත් වෙමින් තිබෙි.එහෙත් මිරිහාන විරෝධතාව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ කඩාකප්පල් ක්‍රියාවක් ලෙස ඇතැම් විවිධ පාර්ශවයන් චෝදනා කරන බවද දකින්නට පවතී.මිරිහාන විරෝධතාව සිදු කළ බවට චෝදනා කරම්න් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව පනස් අටකි.
විරෝධතාව හදිසියේ මතු වුවත් ඒ වන විටත් සිටියේ ජනපති මිල්ටෙරි නන්දසේන ශැන්ග්‍රිල්ලා හොටලයේ සිටි බව දැන ගැන්මට තිබේ.එම විරෝදතා කරුවන් මිරිහාන ප්‍රදේශයට පැමිනෙන විට අංක තහඩු බස් රථ වලින් පාර හරස් කොට තිබුණි. බස් රථයක් පාරේ තිබෙනු දැක ජනපති වරයාගේ ආරක්ෂාවට තමන් විසින් එම බස් රථය තමාට අයත් නැතැයි පවසන පුද්ගලයකුගේ ප්‍රකාශයක් ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතී.මෙම වීඩියෝව ප්‍රකාශ කළ තැනැත්තාම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකුවන පැතුම් කර්නර් ගෙන් දැන් ෂැපදැයි විමසා පෝස්ටුවක් සිය මුහුණු පොතෙහි එල්ලා තිබේ.අසූ අට අසූ නවය රට ගිණි තැබුවේ යැයි බරපතල චෝදනාවක් ජනතා විමුක්ති පෙරමුණ වෙත නිතරම එල්ල වෙි.එවැනි වටපිටාවක නිසි නායකත්වයක් නොමැතිව අසංවිධිත ආකාරයෙන් ඇරඹෙන විරෝධතාවකට සම්බන්ධ වීමෙන් ජනතා විමුක්ති පෙරමුණ අහක යන ලෙඩක් දා ගන්නට අකමැතිවා වෙන්නටද පුළුවන.මිරිහාන විරෝධතාවට ජවිපෙ ප්‍රධාන පෙලේ කිසිවෙකු සිටියේ නම් අද වන විට සියළු දාර්ශනිකයන් හම ගහන්නේ ජවිපේ බව අමුතුවෙන් ලියන්නටද ඕනෑ නැත.සමගි ජන බලවේගයටද ඒ කාරණා සාපේක්ෂය.මේ වන විටත් මෙම විරෝදතාවට රාජිත සේනාරත්න හා චතුර සේනාරත්න පැටලවීමට බොහෝ අය කැස කවමින් සිටී.



මෙම විරෝධතාව මතු වූයේ කෙසේද යන්න ගැන අපගේ අවධානය යොමු කරන්නේ ඉහත කාරණා පදනම් කර ගනිමිනි.විරෝධතාව ඉබේ පහල වුවද හිනා යන කාරණය වන්නේ එවැනි විරෝධතාවක් පැවැත්වෙන බව ආරක්ෂක අංශ දැන ගෙන සිටීමත් එයට මුහුණ දීමට සංවිධානය වී තිබීමත් පිළිබඳවය.බුද්ධි අංශ විසින් එය පෙර දැනුම් දීමක් කර තිබුනේ යැයි පොලීසියට ඒ ගැන පිළිතුරක්ද තිබිය හැකිය.එහෙත් අපට එම කාරණා වලින් සෑහීමකට පත් විය නොහැකිය.
මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය ලේසියෙන් බලය අත් හරින්නන් නොවේ.රට පුරා ලේ වැගිරීම් සිදු වුවද මේ කාලකන්නියන් තඹ දොයිතුවට ගනන් ගන්නා වුන්ද නොවෙි.
රාජපක්ෂ රතු සාටකය යනු සාහසික මිනීමරු මෙලෙච්චයන්ගේ මුද්‍රාවය.හිතක් පපුවක් නැති රාජපක්ෂ මෙලේච්ඡයන් තමන් ගේ ආරක්ෂාව සඳහා අනෙකා ජීවිත පරාණය බිලි ගැනීමට දෙවරක් සිතන්නේ නැති ජාතියේ උන්ය.උන් ගේ ආරක්ෂාවට ඉන්නේ ද ඒ ජාතියේම බඩුය.
අප පිටතින් දකිනවාට වඩා රාජපක්ෂ කඳවුර ශක්තිමත්ය.එහෙත් උන් ඉන්නේ බියෙනි.එම බිය වීම නිසාම ඔවුන් තව තවත් ආරක්ෂාකාරී වේ.පාස්කු බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කොට මිනිස් ජීවිත ගනනාවක් මරු තුරුලට යවා බලය ලබා ගත් රාජපක්ෂ මෙලෙච්ඡයන් ඉදිරියේදී නානා ප්‍රකාර මිල්ටෙරිමය සැලසුම් ජනතාව පිට මුදා හරිනු ඇත.
මෙම මිරිහාන විරෝධතාව මිල්ටෙරි නන්දසේන පාර්ශවයට අයත් “සැඟවුන අමුත්තන්” විසින් ඇරඹූ කෙරුවාවක් බව අපගේ නිරීක්ෂණයයි.මෙි ගේමේ යටි අරුත ගලපා ගත යුත්තේ තුන්වනදා පාරට බැසීමට සංවිධානය වන සමාජ මාධ්‍ය අරගලය මත තබාය.
මිල්ටෙරි නන්දසේනට මෙවැනි තක්කඩි ගේම් හොදට පුරුදුය.නන්දසේන විරෝධතාවට පෙර ශැන්ග්‍රිල්ලා හෝටලයේ ලැගුම් ගන්නේත් අංක තහඩු නැති බස් රථ මිරිහානේ පැඟිරිවත්ත පාරේ නැවතෙන්නේත් ඒ නිසාය.සමාජ මාධ්‍ය ක්‍රියාකාරික පැතුම් කර්නර්ට කෝචෝක් කොට නෝන්ඩි කරන්නේත් සියල්ල පෙර සැලසුමක් මත සිදු වූ නිසාය.