මේ වන විට රාජපක්ෂ සනුහරය මෙරට ජනතාවට වහ කදුරු වී හමාරය. රතුසාටකය දකින දකින වාරයක් පාසා ජනතාව තුක් නොදකින් කියන ජනතාව එය පල් හොරුන්ගේ සංකේතය බවද කියා සිටී.රට පුරා හුදකලා සටන් ඇවිලෙමින් තිබෙි.මේ අවසන් වෙමින් පවතින්නේ රාජපක්ෂ පවුලේ වසන්තයයි.අපට මේ වන විට ලැබෙන ආරංචි අනුව යෝෂිත රාජපක්ෂ ඔහු සන්තකයේ තිබූ වාහන ගනනාවක් අලෙවි කොට ඒම මුදල් තොගය ඩුබායි ෂැංහයි බැංකුවේ තැන්පත් කර තිබේ.
රාජපක්ෂවරුන්ගේ ඊළඟ සැලසුම රටින් පැන යාම බව අපට සිතේ.මෙරට පවතින ආර්ථික අර්බුදය පිළිබඳව වගකීම බාර ගන්නට කිසිදු වගකිව යුත්තෙක් නැති ගානය.ජසනතාව සිටින්නේ යක්ෂාවේෂ වෙමිනි.මේ වන විට පොදු ජන පෙරමුන නියෝජනය කරන මැති ඇමති වරු සිය පාක්ෂිකයන් මගුලකට අවමගුලකට පවා සහභාගි නොවේ.මාධ්‍ය දුටු විට හීන් සීරුවේ මග හැර යාමට මැති ඇමතිවරුන් සූදානමිනි.
වෙනදා මාධ්‍ය වලට චණ්ඩි කතා කියු ඇතැම් මන්ත්‍රී වරු දැන් ඉන්නේ බියට පත්ව වල්ගය කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්නා නිවට සුනඛයන් ලෙසය.මේ පවතින වටපිටාව ඉතාම බිහිසුණුය.පීඩාවට පත් ජනතාවගේ නැගිටීමක් අත ළඟ වාගේය.
මේ අස්සේ සමාජ මාධ්‍ය වල ශ්‍රී ලංකාවේ වෙන්ඩ ජනාධිපතිවරු වෙන්ඩ ජනාධිපතිනියන් ගනනාවක පිළිබඳව අනාවැකි කියන ලියවිලි බොහෝය.ඒ අතරේ සමහරුන් සිතා සිටින්නේ මිල්ටෙරි නන්දසේන ජනපති පදවිය අත්හැරි විට තමන්ට ජනපති තනතුරේ දිවුරුම් දිය හැකිය කියාය.මේ වෙන්ඩ ජනපති වරු හා ජනාධිපතිනියන් සමහරු විදේශගතව සිටින්නන් වේ.ඒත් මේ සිහින දකින්නන් හා දකින්නියන් මෙරට දේශපාලනයේ අයන්නවත් නොදන්නා අය බව අපට හැඟේ.මෙරට දේශපාලනය හසුරවන මහජන මතය පවතින්නේ මුල් බැස ගත් දේශපාලන පක්ෂ කිහිපයක බල අධිකාරිය තුළය. එය වෙනස් කිරීමට මෙරට දේශපාලන ප්‍රබලයන් ඇතැම් කාල පරිච්ඡේද වල ගත් උත්සාහයන් පවා අපට මතකය.
එහෙත් අවසානයේදී එම දේශපාලන ප්‍රබලයන්ට පවා සිදු වූයේ පරාජය බාර ගෙන නැවතත් පැරණි දේශපාලන බල අධිකාරියට ඇතුළත්වීමටය. නව දේශපාලන පක්ෂ පිහිටුවා මෙරට බලය ලබා ගැනීමට මං පොර මානසිකත්වයෙන් සැලසුම් හදන වෙන්ඩ ජනාධිපතිලාට හා වෙන්ඩ ජනාධිපතිනියන්ට අපට කීමට ඇත්තේ අනේ සොරි කියා විතරමය.ඕනෑම අයෙකුට හීන දකින්නට ඇති අයිතියට අපි බාධා නොකරමු .නමුත් මේ මහ පොළොවේ යථාර්තයට හීන අදාල නැත.යුද්දයේ විශිෂ්ඨ රණ විරුවකු වූ හිටපු මේජර් ජනරාල් මහේෂ් සේනානායකට මෙරට දේශපාලන භූමියේ ඡන්ද කතිර තිබුනේ නැත.තවත් අතීතයට ගිය හොත් ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ ලලිත් ඇතුලත් මුදලි ගාමිණි දිසානායක වැනි දැවැන්තයන් දැක ගත හැකිය.පක්ෂය තුළ යෝද දැවැන්තයන් වූ ඔවුන් පක්ෂයෙන් පිටතදී සිල්ලර දේශපාලඥයන් බවට පත්වූහ. එහෙම නම් සජිත් ප්‍රේමදාස ගැන කියන්නේ මොනවාදැයි කවරකු හෝ අපෙන් විමසන්නට පුළුවන. නව දේශපාලන පක්ෂයක් සමාජගත කිරීමට හැකි සමාජ වටපිටාවක් ඒ කාලයේදී ක්ෂණිකව නිර්මාණය වී තිබුණි.ඒ ගොඩ නැගුනේද පෞද්ගලිකවම සජිත් ප්‍රේමදාස සිය පියාගේ පෞරෂය මත ගොඩ නගා ගෙන තිබුනු දේශපාලනික මෙවලම් හරහාය.
වෙන්ඩ ජනපතිලා හා වෙන්ඩ ජනාධිපතිනියන් ගැන ඒ හොදටම ඇතිය .මේ රටේ වර්තමානයේ ඇවිලෙමින් පවතින දේශපාලන වටපිටාවේ විමලේ හා ගොමාගේ දේශපාලන කෙරුවාව හා කයිවාරුව පොදුජන පෙරමුණු ආණ්ඩුවට බලවත් හානියක් ඇති කරමින් තිබෙන බව දකින්නට ඇත.ඔවුන් දේශපාලන වීරයෙක් ගෙන එන බවට ඉදිරි දේශපාලන සිතියම ලකුණු කරමින් සංඥා කරමින් සිටී.විශේෂයෙන් මොවුන් දෙදෙනා මෙරට සමාජයේ ජාතිකත්වය හා දේශප්‍රේමය නැවත අවදි කිරීමේ සැලසුමක සිටින බව දැක ගත හැකිය.
ඔවුන් ඒ සඳහා පෙරමුණට ගත හැකි වීරයා තෝරාගෙන අවසානය.මෙරට මාධ්‍ය වලට හා දේශපාලඥයන්ට තවමත් නොදන්නා ඒ වීරයා ගැන සියළු තොරතුරු ලංකා දවසට ලැබී තිබේ.මේ වීරයා වෙනින් කවුරුත් නොවේය.හමුදාපති ජනරාල් ශවෙින්ද්‍ර සිල්වාය.හමුදාපති වරයා විමලේ හා ගොමා අතර මෙරටදී සාකච්ඡා නොවූවද ඩුබායි රාජ්‍යයේ සිට්න අතරමැදියකු හරහා දෙපාර්ශවය අතර ඉතා රහසිගතව අදහස් හුවමාරු වෙමින් තිබේ.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මෙරට අගමැති වීමේ සිහිනය මතුවන්නේ කෝවිඩ් සමයේදීය.ශවේන්ද්‍ර සිල්වාට දීර්ඝ කාලයක සිට කට්ටඩි ගුරුකම් වැඩ කරන්නේ අම්බලන්ගොඩ පැත්තේ ගැටයෙකි.මේ ගැටයා කට්ටඩි වැඩ කිරීමට පෙර හිටපු මන්ත්‍රී සජින්ද වාස් ගුනවර්දනගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි කාර්යාල කාර්ය සහායකය.අප සොයා ගත් තොරතුරු අනුව මෙම ගැටයා මානසික ආබාධිතයෙකි. ඔහුගේ පවුලේ සියළුම දෙනා මානසික ආබාධ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නන් වේ.මේ පිස්සු හාදයා දක්ෂ කථිකයෙකි.එක්තරා කාලයක මොහු දුම්රියේ පොත් වෙළදාම් පවා කර තිබේ.පසුව මොහුට කොළඹ ධනවත් කාන්තාවක මුණ ගැසී ඇති බවත් මෙම කාන්තාව මෙරට දේශපාලන සමාජයේ ප්‍රභූ කාන්තාවන්ට මොහු කට්ටඩියකු ලෙස හඳුන්වා දී ඇතැයිද වාර්තා වෙි.මෙම කට්ටඬියගේ මානසික තත්ත්වය කෙබඳුද යන්න පිළිබඳව හොද උදාහරණයක් අපට ලැබී ඇත.මොහු සිය ගම් ප්‍රදේශයේ ඇසුරු කරන සමීපතමයන්ට නිතර නිතර පවසා ඇත්තේ මං අර ඇමතියගෙ නෝනාත් එක්ක නිදාගෙන තියෙනවා මං අර මන්ත්‍රීගේ දූත් එක්ක නිදාගෙන තියෙනවා කියාය.මෙවැනි මානසික ආබාධිතයන් ඔඩොක්කුවේ දාගන්නා ගොබ්බ දේශපාලඥයින්ට ලැජ්ජාවක් හිතෙනවා නම් මුන් ගෙදර හතර මායිමට ගන්නේ නැත.මේ මානසික ආබාදිතයාගේ කෙරුවාව ගැන හොයන්නට ඕනෑ මේකා ඉපදුන ගමේ මිනිසුන්ගෙනි. කෙසේවෙතත් මෙම කට්ටඬි පිස්සා හිටපු ජනපති මෛත්‍රීපාලගේ දියණිය වන චතුරිකා හරහා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා සම්බන්ධ වේ.ශවේන්ද්‍ර හා චතුරිකා අතර පැවැති අනියම් සම්බන්ධයේ සක්ක ගල වූයේ මේ පිස්සාය.
කෝවිඩ් පැවැති සමයේ සතියකට වරක් හමුදාපති ශවේන්ද්‍ර මෙම කට්ටඬි පිස්සා සමග සීනිගම දෙවොලට පැමිණ පුද පූජා පවත්වා තිබේ.ඒ මෙරට අගමැති කම ලබා ගැනීමේ අරමුණිනි.හමුදාපති වරයාට මෙරට අගමැතිකම හිමි වෙන බවට අනාවැකි කියා ඇත්තේද මේ කට්ටඬි පිස්සාය. අගමැති මහින්ද රාජපක්ෂට කෝවිඩ් වැළඳී වල කජ්ජ ගහන විදියට සාප කරමින් පිස්සු කට්ටඬියා හා හමුදාපතියා ඇතැම් දිනවලදී සීනිගම දේවාලයේ ගුරුකම් කළ බවද එම දේවාලයේ කපු මහතෙකුගෙන් අපට දැන ගත හැකි විය.පසුකාලයකදී හමුදාපතිවරයාට අනුරාදපුරයේ ඥානා කාලි මෑනියන්ගේ අත වැසියකු වීමට සිදු විය.ඒ ජනපති මිල්ටෙරි නන්දසේනගේ බලපෑම නිසාය.එහෙත් හමුදාපතියා විශ්වාස කෙරුවේ පිස්සු කට්ටඬියාගේ ගුරුකම්ය.ඥානා කාලි මෑනියන්ට සාප කරමින් එක් අවස්ථාවක පිස්සු කට්ටඬියා කොඩිව්නයක් කර තිබේ.එහිදී මතුරන ලද වැලි ගෙන ගොස් අනුරාධපුරයේ ඥානා කාලා මෑනියන්ගේ දේවාල භූමියේ දමා ඇත්තේ හමුදාපති ශවේන්ද්‍ර වේ.
මේ විදියට අගමැති හීනයේ රහ විදිමින් සිටින හමුදාපති ශවේන්ද්‍රට ඉණි මගක් හදා දෙන්නට විමලේ හා ගොමා සූදානම්ය.විමලේ පාර්ශවය හා හමුදාපති අතර ඉදිරි වැඩ පිළවෙල ගැන රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවත් එය සිද්ධවන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින අතරමැදියකු හරහා බවත් අප මුලදී සඳහන් කෙරුවෙමු.මෑතකදී ඩුබායි රාජ්‍යයේ සංචාරක හෝටලයක් මිලයට ගැනීමට හමුදාපති ශවේන්ද්‍රට හැකි වී තිබේ.මෙම සංචාරක හෝටලය බලා කියා ගන්නේ අර අප ඉහතින් සඳහන් කළ පිස්සු කට්ටඬියාය.විමලේ හා ගොමා සිය පනිවිඩ දෙන්නේ මේ පිස්සාටය.මේ විදියට වැඩේ සිද්ධ වෙන්නේ ඉතා රහසේය.
මේ රටේ ජනතාව නැවත වරක් පදක්කම් එල්ලා ගත් ගොබ්බ මිලිටෙරි කාරයෙකුට රැවටුන හොත් නම් ලංකාව සිතියම් පොතෙන් අතු ගෑවී යන බව නම් සහතිකය.අපට කීමට ඇත්තේ එපමණය.