ඉදිරි දිනයක සිට පාර්ලිමේන්තු බොජුන් හල මන්ත්‍රීවරුන්ගේ පවුල් වලට විවෘත කෙරෙන බව අද ජනමාධ්‍ය වාර්තා කොට තිබේ.මෙය ඉතා සැලසුම් සහගතව දේශපාලන මැති ඇමති වුවමනාව මත සිඳු කළ මගෝඩි ක්‍රියාවක් බව අපගේ අදහසයි.
මෙම ජනමාධ්‍ය වාර්තාව කිසිවෙකුගේත් විශේෂ අවධානයට නොගැනෙතත් ඉන් කියවෙන පුවතේ යටි පෙළ තුල අමුතුම ජාතියේ සැලසුමක් ඇති බව අප වටහා ගෙන තිබේ.
මේ වන විට කොළඹ නගරය පුරා ඇති අවන්හල් භෝජනාගාර බොහොමයක් ගෑස් හා විදුලිය නොමැති කමින් වසා තිබේ.මේ වන විට විවෘතව පවතින්නේ රෙදි සාප්පු පමණය.අතේ මිටේ යමක් කමක් ඇත්තෝද එළඹෙන අවුරුද්ද මූසල වෙතැයි බියෙන් හා සැකයෙන් කණ කර ආභරණ උකසට තබා රෙදි කෑල්ලක් මිලයට ගැනීමට එන අසරණයන්ගෙන්ද කොළඹ නගරයේ ප්‍රධාන පෙලේ රෙදි සාප්පු පිරී ඇති බව දකින්නට ඇත.කෙසේවෙතත් නුදුරේදී පාර්ලිමේන්තු භෝජනාගාරය මන්ත්‍රී පවුල් වලට විවෘත වීම මෙම අවුරුදුු ෂොපින් හා සෘජුවම සම්බන්ධ බව ඉතා පැහැදිලිය.ඒ මන්ත්‍රී වරුන්ගේ පවුල් වල උන්දැලා අලුත් අවුරුද්දට ඇඳුම් පැළඳුම් ගැනීමට කොළඹ පැමිණි විට ඔවුන්ට සියලු පහසුකම් සහිතව දිවා ආහාරය ගැනීමට පාර්ලිමේන්තු භෝජනාගාරයට යා හැකිය.පාර්ලිමේන්තු භෝජනාගාරය මන්ත්‍රී පවුල් වලට හදිසියේ විවෘත කරන ලද්දේ මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා බව ඉතා පැහැදිලිය.
දැන් කතානායකවරයා නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කරනු ඇත්තේ කෝවිඩ් සමයේ මන්ත්‍රී පවුල් වලට වසා දැමුනු භෝජනාගාරය දැන් රට සන්සුන් නිසා නැවත විවෘත කළ බවය.කතානායක වරයා ඉදිරියේදී එවැනි ප්‍රකාශයක් කළ හොත් අපට ඒ ගැන කියන්නට අනේ පවු කියා විතරමය.