පසුගියදා අත් අඩංගුවට පත් මහා පරිමානයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ රුවන්ට ඇප ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරිණියකට ලබා දීමට බව ප්‍රකාශ කරමින් තමන්ගෙන් පොලීසියේ නීතිිවිරෝධී වත්කම් දේපොල විමර්ශන ඒකකයේ සැරයන් වරයකු හා පොලිස් අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් නැමැත්තා රුපියල් කෝටි එකහමාරක් ලබා ගත් බව දෙමටගොඩ රුවන් ගේ පුත්‍රයා රහස් පොලීසියට පැමිණිලි කර තිබේ.ඇමති ගේ එම සම්බන්ධීකරණ ලේකමා එරික් කාංචන නැමැත්තා මොහු දේශබන්දු ගේ අතිජාත මිතුරෙකු බවට දැන් හෙලිවී ඇත
මෙම මුදල තමන් විසින් අදාල පුද්ගලයන් වෙත ඇතුල් කෝට්ටේ සුපිරි වෙළඳ සංකීර්ණයක් අසලදී ලබා දුන් බවද රුවන්ගේ පුත්‍රයාගේ කට උත්තරයේ සඳහන් කර ඇත.මෙම කට උත්තරය අනුව රහස් පොලීසිය කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ වූවන් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වරින් වර රුවන්ගේ පුත්‍රයාගෙන් ලබා ගෙන ඇති බවය.
පොලිස් අමාත්‍යංශය තක්කඩි ජාවාරම්කාරයන් ගේ හොර ගුහාවක් බව අප අවස්ථා කිහිපයකදීම අනාවරණය කර තිබේ. ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ පසුගිය යුද සමයේ එල්ටීටීය විසින් වලලා දමා ඇතැයි සැක කර අධිකරණ නියෝග මත එම ස්ථානය ගොඩ දැමීමට නියෝග කොට ඒ සඳහා දින නියම කර තිබියදී එම නියෝග නොතකා එම ස්ථානය හෑරීමට ගිය පොලිස් අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් වරයකු ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී අත් අඩංගුවට ගැනිනි.
පොලිස් අමාත්‍යංශයේ ඇමති කාර්ය මණ්ඩලයට සම්බන්ධව සිටින වැඩි පිරිසක් විදේශගත හෙරොයින් ජාවරම් කරුවන් සමග ගනුදෙනු කරන්නන් වේ.ඩුබායි රාජ්‍යයේ ජීවත්වන මහා පරිමාන හෙරොයින් ජාවාරම්කාරයකු වන කොස්ගොඩ සුජීව හා ඥාති සම්බන්ධයක් ඇති ඉනෝකා රාජපක්ෂ නැමැත්තිය පොලිස් ඇමති ගේ සමීපතම හුරතල් සම්බන්ධීකරණ ලේකම්වරියයි.
හෙරොයින් ජාවාරම් කරුවන්ගේ අවශ්‍යතාවන් මත හා ඔවුන් සමග හිතවත් කම් පවත්වන පොලිස් නිළධාරීන් පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පත් කරන්නේ මේ ජාවාරම්කාරිය බව පොලිස් දෙපාර්තමේන්තුවේ නොදන්නා අයෙක් නැත.ඇතැමි අවස්ථා වලදී මෙම ජාවරම්කාරිය පොලිස් ස්ථානාධිපති පතවීමක් ලබා දීමට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ දහයක පමන මුදලක් අය කරන බවටද තොරතුරු ලැබී තිබේ.
මැය තමන් නාමල් රාජපක්ෂ ගේ සමීපතම මිතුරියක ලෙසද රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධකම් ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිසි නිළධාරීන් පවසා තිබේ.එහෙත් මෙම තැනැත්තිය රාජපක්ෂ පවුලට කිසිම සම්බන්ධයක් නැති අම්බලන්ගොඩ ධීවර පවුලක එකියකි. අම්බලන්ගොඩ පොලීසියෙන් අප ලබා ගත් තොරතුරු අනුව මෙම ඉනෝකා රාජපක්ෂ ගේ සහෝදරිිය කුඩු කුමාරි ලෙසද සහෝදරයා කුඩු රුවන් ලෙසද ප්‍රසිද්ධය.කුඩු කුමාරිගේ දියණිය විවාහ වී ඇත්තේ කොස්ගොඩ සුජීවගේ අවි ආයුද ලග තබා ගෙන සිටින කොස්ගොඩ සැන්ටා සමගය.මේ සැන්ටාද මුහුදෙන් කුඩු ප්‍රවාහනය කරන තැනැත්තෙක් බව පොලිස් තොරතුරු වල දැක්වේ.
දෙමටගොඩ රුවන් ගේ පුත්‍රයාගෙන් කෝටි ගනනක මුදල් ලබා ගත්තේ යැයි චෝදනා කෙරෙත පොලිස් ඇමති සම්බන්ධීකරණ ලේකම් වරයාගේ අඹ යාළුවා ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනය.මුදල් මොවුන් අතර බෙදා ගත් බවත් දේශබන්දු ගේ මැදිහත්වීමෙන් ඇප ලබාදෙනබවට ඔහුට පවසා ඇති බවට හෙලිව තිබේ.
හෙරොයින් ජාවාරම් කරුවන්ගේ පියා ලෙස සැළකෙන ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනය හා මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා අතර පවතින ගජමිතුරු සම්බන්ධය මෙවැනි ජාවාරම්කාර ගනුදෙනු සඳහා වන බැඳීමක් බව රහස් පොලිස් ආරංචි මාර්ග වලිනි පැවැසේ.මෙම ජාලයේ අනෙක් සහායකයා පෑලියගොඩ පොලිිිස් බල ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීී මහින්දය.පසුගියදා උසස්වීම් ලැබූ මෙම සහකාර පොලිස් අධිකාරිවරයා එම උසස්වීමට පෙර පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කරන ලදී.තමන් සේවය කළ පොලිස් ස්ථානය ඇති පොලිස් බල ප්‍රදේශයටම සහකාර පොලිස් අධිකාරී පත්වීම ලබා ගැනීමට මහින්දට හැකිවූයේ ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ පාතාල ජාවාරම් ජාලයේ සාමාජිකයෙකු නිසා බව අප වගකීමෙන් යුතුව සදහන් කරමු.
ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්පාතාල හෙරොයින් ජාවරම්කාරයන්ගෙන් මේ වන විට ලබා ගෙන ඇති මුදල් ප්‍රමාණය කෝටි ගනනාවක් වේ.මොහු සංචාරක හෝටල් හිමියෙකි.සුඛෝපභෝගී වාහන හිමියෙකි.මේ දේපොළ ඇත්තේ ඔහුගේ නමින් නොවන්නට පුළුවන.