උණුසුම් පුවත්

රෝගී ජිවිත අනතුරේ………පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියළු ගෛල්‍යකර්ම බෙහෙත් නැති නිසා නතර කරයි.

Spread the love

ආණ්ඩුව අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම පැත්තකට දමා වෙනත් අනවශ්‍ය කාර්යන්ට භාණ්ඩ ආනයනය කිරීම නිසාම අහිංසක රෝගින් ගේ ජීවිත මේ වනවිට මරණ මංචකයට තල්ලු කර ඇති බවට පේරාදෙණිය රෝහල අද ගත් ක්‍රියා මාර්ගයෙන් පෙනි යයි.

 

සියළුම හදිසි හා ගෛල්‍යකර්ම සිදු කිරීමට් අවශ්‍යම ඖෂධ හා වෙනත් නිර්වින්දන ඉන්ජක්ෂන් නොමති නිසා අද මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ. එසේම අනුරාධපුර ,පොලොන්න්මරුව ප්‍රදේශවලට ඉතාම වියලි කාලගුණයකදි ඇතිවන සර්ප විෂට ලබාදෙන එම ඖෂධයද නොමති වීම තවත් ජීවිත අනතුරට වැටීමක් බව නම හෙලිනොකල විශේඥ වෛද්‍යවරයෙකු සදහන් කලේය .

මෙම තත්වය උදාවීමට් ඉඩ ඇතිබව පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගි වු හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කිවේ වහාම් ජනතාවට ගේ ජීවිත රැක ගැනීමට හදිසි ඖෂධ තුනක් ගෙන්විය යුතු බවත් මේ වනවිට රටේ

1. ඇන්ටි වෙනට්

2.ඇන්ටි රේබිස්

3.ටෙනෙට් ප්ලේට් යන ඖෂධ වහාම ගෙන්වීමට ආණ්ඩුව ක්‍රියා කලයුතු බවයි.

2015 සිට 2019 කාලය අතරතුර හදිසි හෘදයා බාධයන් වලට ලක්ව රෝහල් ගතවන සියල්ලටම ශණිකවම මෙම රුධිර කැට ගැසීම විසිරීමට ලබාදෙන ටෙනෙට්ප්ලේට් නිසා එම වසර වල රෝහලට ශණිකව ගොස් ජීවිත බේරුන රෝගීන ප්‍රමානය ඉතාම විශාල බවට දැන් හෙලිවේ.

එසේම ශල්‍ය කර්මයකට පෙර නිර්වින්දන එන්නත් මේ වනවිට බොහෝමයක් රෝහල්වල ඇත්තේම නැත.මේ බොරු පම්පෝරි නොගහා වහාම අවශ්‍ය ඖෂධ ගෙනවීමට් රජය ක්‍රියා කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like