රටේ ජනතාවගේ අසීමිත බදු මුදලින් හතරවරිගේම ජීවත්වෙන වර්තමාන ගෝඨාභය ගේ ආණ්ඩුවේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ හා රබර් බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරනය හා තේ හා රබර් ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි වන කනක හේරත් ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයාද වේ.
රටේ ජනතාවගෙන් වැටුප් ලබමින් තවත් ව්‍යාපාරයන් කලහැකි එකම රට ශ්‍රි ලංකාවම පමණි ඒ මෙරට මරි මෝඩ හා අසමඟි ජාතියක් සිටින නිසාවෙනි.
කනක හේරත් රජයේ වාහන යොදාගනිමින් තම ඇමති අනුහසින් ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත්කම් පවත්වා ගෙන යනබව දැන ගැනීමට ඇත. අද උදෑසන කෑගල්ල, රන්වල,අලුත්පාර හන්දිය ,අසලට ජනතාව ගෑස් ඉල්ලා පැමිණ ඇත. ඒ අවස්ථාවේදි
“ගෑස් දෙන්න බැරි ගෝඨා ගෙදර පල…….. කනක, තොපේ කාලේ ඉවරයි……”
කියමින් ජනතාව 100 කටවඩා පිරිසක් උද්ගෝෂණය් කොට ඇත. ඒ අවස්ථාවේදී කනක හේරත් ඇමතිවරයා ජනතාව රැස්ව සිටි ස්ථානය පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය උද්ගතව ඇති අතර එක් පුද්ගලයකු ගෑස් සිලින්ඩරයකින් දමා ගසා ඇත. නමුත් ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැති බව ද දැන ගැනීමට තිබේ.
ඒ අවස්ථාවේ කෑගල්ල පොලිසියට මේ පිලිබදව දැනුම් දි ඇති නමුත් පොලිසිය එම ස්ථානයට පැමිණ නැත. පසුව මංත්‍රි කනක හේරත් තම ආරක්ෂක නිලධාරින් රැගෙන කොළඹ ගොස් ඇති බවවාර්තාවේ.