උණුසුම් පුවත්

KPගේ ළමා නිවසේ දැරියන්ට දරුණු වධහිංසා! – දෙදෙනෙක් කනේරු ඇට කයි!

Spread the love

එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර අවි සැපයුම් ජාලයේ හිටපු ප්‍රධානී කුමාරන් පත්මනාදන් ( KP ) විසින් පවත්වාගෙන යනු ලබන මුලතිව් පිහිටි ළමා නිවාසයේ දැරියන් දෙදෙනෙකු එහි පාලිකාවගේ හිරිහැර ඉවසාගැනීමට නොහැකිව පසුගිය 15 වැනිදා වල් කනේරු ඇට කෑම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ.

අවුරුදු 13 සහ 14 වයස් සීමාවල පසුවන මෙම දැරියන් දෙදෙනාට සිද්ධිය වූ දිනයේද ළමා නිවාසයේ පාලිකාව බැන වැදීම,අමානුෂික ලෙස පහරදීම නිසා දැරියන් දෙදෙනා පාසලට ගොස් වල් කනේරු ඇට කා ඇතැයි කියති.
මේ දැරියන් දෙදෙනා ළමා නිවාසයේදී තමන්ට විඳීමට සිදුව ඇති පීඩා සියල්ලම තම මිතුරියන් සමඟ ප්‍රකාශ කොට ඇති අතර මුලතිව් පොලිසිය ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.
ළමා නිවාසයේ පාලිකාව ඉතා කුරිරු අන්දමට පහර දෙන බවත් නිතරම ළමයින්ට වධ හිංසා කරන බවත් ප්‍රකාශ වී ඇති අතර මේ ක්‍රියාවන් ඉවසා ගැනීමට නොහැකිව මීට සතියකට පමණ ඉහතදී මෙම ළමා නිවාසයේ දැරියන් පස් දෙනකු ළමා නිවාසයෙන් පැන ගොස් ඇති බවටද මුලතිව් පොලිසියට තොරතුරු ලැබී තිබේ.මෙම දැරියන් දැඩි ලිංගික අපහරණයට පත්ව ඇති බවට ජාත්‍යන්තර වන වාර්තා වී ඇති හෙයින් මේ පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකා රජයට දැඩි රාජතාන්ත්‍රික අර්බුදයකට පවා මුහුණ දීමට ඉඩ ඇති බව අපට දැන ගැනීමට ඇත

මෙම ළමා නිවාස හිමිකරු වන්නේ ගෝඨාභය ආණ්ඩුව යටතේ ඉතාමත්ම සුවච කීකරු පුද්ගලයෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙකු වශයෙන් අද ජීවත්වෙන කුමරන් පද්මනාදන් හෙවත් KP නැමැති පුද්ගලයා ය. KP නැව් ඇතුළු සියලුම  වත්කම්  නාමල් රාජපක්ෂ සතුව ඇති බව අපි මීට පෙරද අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත

මෙම ළමා නිවාසයේ ජීවත් වන්නේ යුද්ධය හේතුවෙන් මවුපියන් හා ඥාතීන් අහිමි වී ගිය පවුල්වල දැරියන් පිරිසකි.වහාම මේ පිළිබඳව පොලිස් ළමා කාර්යාංශයේ මැදිහත්ව එම දරුවන්ගේ ජීවිත පිළිබඳව ඇති අවදානම පහව කළ යුතුය.ළමා නිවාසය කිලිනොච්චියේ පිහිටි පරණ එල්ටීටීඊ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇති බව වාර්තා වේ.
මෙම දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර ව ඇති සියලුම ළමා සංවිධානවලට අපි ඉතා කාරුණිකව ආයාචනය කරමු.

Spread the love

Leave a Comment

You may also like