පට්ට ප්‍රමෝටබල් බ්‍රෑන්ඩ් එකක් තමයි මේ කළු ටීෂට් කාරයා,මිනිස්සු අවධිකරවන්න පුළුවන් කථිකත්වය, හඩ,පෞරුෂත්වය,අවංකව බොක්කෙන්ම වැඩේට බහින එවා උප්පතිතියෙන්ම පිහිටලා තියෙනවා.
සමහර හතර පෝයට සිල්ගන්න හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වගේ ඉන්න දෙබිඩ්ඩනට වඩා අනාගතේ දකින අනාගතේ ගැන හිතන තරුණ නායකයන්ට අතවැලක් දෙන්න පුළුවන් මිනිහෙක් . මෙහෙම කතා වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් අවංකවම සිහින දකින මිනිස්සුය.
කව්ද මේ කළු ටී ෂර්ට් කාරයා වෙනදාට පාරට බැහැලා පිස්සු හතර අතේ කඩිකුලප්පුව හැදුන එකා වගේ දුවන, පනින , අද එක තැනකට වෙලා බලන් ඉන්න කොට අපිට ලොකු අමුත්තක් දැනුනා . සජබේ ඉන්න හැමෝටම වඩා උත්පත්තියෙන්ම සල්ලිකාරයා නිසා මිනිහට කවදාවත්ජනතාවගෙන් ගසාකන්න සල්ලි ඕනි නෑ. ඒ හින්දම තමයි සිනි වංචාවේ සහජාන්මජුන්ව රකින්න සමහරක් අය මුනිවත රකිනකොට පලුයන්න කෙලියෙ.
අනික කළු ටී ෂර්ට් කාරයාගේ වචන හරියට මිනිහෙක්ව කකුල් දෙකෙන් අල්ලලා පොලොවෙ ගහනව වගේ අම්මෝ පළුයන්න දෙනවා . මිනිස්සුන්ට ලංකාවේ දේශපාලකයෝ වහකදුරු වෙලාය. මොකද මුන් රට හැදුවා නම් මේ වෙනකොට එංගලන්තයටත් එහා දියුණුවෙලා කියලයි කියන්නේ .
රටේ ජනතාවට තවත් පුංචිහරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ අනාගතේ කළු ටීෂට්කාරයන් ඉන්න තැනකින් විතරමයි කියලා කියන්නේ රටේ දුක්විදින මිනිස්සු .
අපිත් මේ යකා කව්ද කියලා බැලුවා ඒ ඉන්නේ “හරීන්” බව පස්සෙයි දැක්කේ ඔන්න හරින් රටේ ජනතාව ලෝභ නැතුව ,කුහක නැතුව ඔයාට දෙන සහතිකේ. හරින්ලා ,චතුරලා ,මනුෂලා,රන්ජන්ලා දැන්වත් මේ වයෝවෘධ දේශපාලනය අත්ට අරන් නවජවයකින් ඉදිරියට යායුතුයි කියලා හිතෙන්නේ අපිට විතරක් නම් නොවන බව සියළු නායක කාරකදින් මතක තියාගත යුතුයි.