ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කාර්යාලයේදි හමුවී ඇති බව වාර්තාව්. එහිදි ඉතාම සාර්ථක සාකච්ඡාවක් පැවති බවත් තම ආයතනය ශ්‍රි ලංකාව දැන් පත්ව ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය හැකි උපරිම උදව් උපකාර සිදු කරන බවත් එහිදි පවසා ඇත.
ඒ අනුවIMF දැනුම් දි ඇත්තේ මුල්‍ය කලමනාකරනය තුලදි නිසියාකාරව විනිවිද පෙනෙන ආකාරයේ වාර්තාවන් තමන්ට ලැබිය යුතු බවත් ඊට අමතරව පහත කොන්දේසි ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට තිබෙන බව ,ඒ අනුව
1. වහාම ලබාගත් ණය ප්‍රතිවිහුව ගත කිරීමට, ගත් මුදල් /යෙදවීම් පිලිබදව වාර්තාවක් ලබාදීම
2. චෝදනාවකට ලක්ව ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කොට ඊට සුදුසු අයෙකු පත් කිරීම
3. ලබාගන්නා ලද ණය මේ වෙනකොට යොදවා ඇත්තේ කුමණ ව්‍යාපෘතිවලට දැයි වාර්තාවක් ලබාදීම .
4. සහණාධාර ලබාදීම අවම කිරීම හෝ සීමාකිරීම යටතේ මෙම ණය පිලිබදව ඉදිරියේදි සලකා බැලිය හැකි බව ජනාධිපතිට IMF ආයතනයේ නියෝජිතයන් දැනුම් දි තිබේ.
මෙහිදි බරපතලම චෝදනාව නම් දැනට ජාත්‍යන්තර චෝදනාවකට ලක්ව ඇති අජිත් නිවාඩ් කබ් රාල්ව නැවත මහබැංකු අධිපති ධුරයට පත් කිරීම ජාත්‍යන්තර මුල්‍ය ආයතනය කිසි සේත් එකඟ නොවන කාර්යකි. ඒ ඔහුව 2005 වසරේ සිටම මහබැංකු අධිපති ලෙසට සිටියදි ඇමරිකානුCIA බුද්ධි නිලධාරියෙකුට ඇමරිකානු මිලියන් 6.5 ක් ගෙවීම නිසා අජිත් නිවාඩ් ජාත්‍යන්තරව IRC කාරයෙක් වී ඇති බව ඉන් මනාව පෙනි යයි.යම් හෙයකින් අජිත් නිවාඩ් කබ්රාල් ඉවත් කළහොත් රාජපක්ෂලාට එරෙහිව ඇති කඳවුරේ අනිවාර්යයෙන්ම කබ්රාල් හිටගැනීම, රාජපක්ෂලාගේ සෞඛ්‍යයට හිතකර නොවන බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
කෙසේ වෙතත් දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් අයින් කරනවාද IMF යනවාද…..? කියන උභතෝකෝටික ප්‍රශ්ණයට විසදුම් සෙවීමයි.