ජනතාව සමඟ සජබේ නායකයන් (15 ) හතර වටින් කොළඹ වැටලීමට රාත්‍රි පැවති සාකච්ඡාවේදි එකමතිකව තීන්දුකලේය. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමස්ථ ජනතාවම හෙට කොළඹට කැදවා ඇත.
අවමවශයෙන් හෙට ලක්ෂ 03 කට ආසන්න ජන ඟගක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි. ජනතාවට ජීවත් වීමට නොහැකි තරමේ ආර්ථික අවපාතයකටවැටී ඇති නිසාම රජයට වහාම ගෙදර යාමට බල කෙරෙන “රට විනාශයි එන්න රැකගමු ” යන්ම තේමාව යටතේ මෙම ජනතාව කොළඹට කැදවා ඇත.
එම ජනතාව හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් විහාරමහ දේවි පිටිය අසලින්ද තවත් පිරිසක් පාර්ලිමේන්තු මංත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා සමඟ ටෙක්නිකල් හන්දිය දෙසින්ද පැමිණීමට සුදානම්ව ඇත. එසේම මහලේකම් රංජිත් මද්දුම බංඩාර ,සභාපති සරත් ෆොන්සේකා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක් ලක්ෂ්මන් කිරිඇල්ල ඉමිතියාස් බකිර් මාකර්,එරාන් වික්‍රමරත්න,හර්ෂ ද සිල්වා, නලීන බංඩාර, මනුෂ නානායක්කාර, එස් .එම්. මරික්කාර්,මයන්ත දිසානායක,මුජබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි ඇතුළු සියළුම පාර්ලිමෙන්තු මංත්‍රිවරු තම ආසනයේ ජනතාව සමඟ කොළඹ නගරයට හතර වටින් පැමිණ ජනාධිපති හමුවීමට යාමට නියමිතය.
දරාගත නොහැකි ඉන්දන් මිලත්, දරාගත නොහැකි විදුලි,ජල බිල් පත් නිසාම රටේ ජනතාව දැන් නොකා නොබී මිය යන තත්වයකට පැමිණ ඇත. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය මෙම ජනඟග කොළඹට රටේ නන්දෙසින් කැදවා ඇත.
ගෝඨාභය ආණ්ඩුවේ අසූචි කුක්කෙකු වු දේශබන්දු තෙන්නකෝන අද කොළඹ දිසාව තුළ සිටින සියලුම රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා සාකච්චාවක් පවත්වා තම තමාගේ පොලිස් බල ප්‍රදේශය තුළින් ජනතාව මෙම සජබේ ජනපවුර කොළඹට පැමිණීම වලවාලීමට දැනුම් දී ඇත.
ඒ අනුව කොළඹ මාර්ඟ බාධක යෙදවීමට සුදානම් කර ඇත. කොල්ලුපිටිය ප්‍රධාන මාර්ග බාධකයක්ද ,ටෙක්නිකල් හන්දියට මුහුණ ලා කැරලි මර්ධන කණ්ඩායම් 03 ක් යෙදවීමට සුදානම් කොට ඇත.
සුරේෂ් සලේ ගේ රාජ්‍ය බුද්ධි අංශයේ ද මේ සඳහා යොදවා කෙසේ හෝ මෙම ජන බලය ගොඩනැගීම කඩාකප්පල් කිරීමට සියලුම උපක්‍රම යොදන බවද අප වෙත වාර්තා වේ
රටේ ජනතාවට දරාගත නොහැකි තරම් ජීවන බරක් ඇති කර තිබෙන ගෝඨාභය ආණ්ඩුව පලවා හැරීමට මේ වන විට ජනතාව නිරන්තරයෙන් ම ඒකරාශි වන බවද අපි මතක් කරන්නෙමු.