එදා විජේට රටේ ජනතාව වෙනුවෙන් තිබුණු ගාය අපි දැක්කේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති සාකච්ඡා වලට ගොස් ප්‍රසිද්ධ වු විඩියෝ වලිනි.විජයගේ ලේ ඥාති සම්බන්ධය නිසාම රන්ජන් රාමනායක ද අයුක්තිය, සහ දූෂණය පිළිබඳව තෙරක් නොමැතිව දැඩි වෙහෙසක් ගෙන වැළැක්වීමට ඔහු වෙර දැරූ බවපසුගිය කාලය පුරාවටම අපට දැකගත හැකි විය.
අසාධාරණයට ,අයුක්තියට හා හොරා කෑමට විජයලා ගේ ඇගේ දුවන ලේ ලංකාවේ බොහෝ දේශපාලකයන් ගේ නැති බව අද ඉතාම හොදින් පෙනෙන දෙයකි. ශ්‍රි ලංකාවේ යුක්තියක් ඇත්තේම නැත. අදවන විට නිතිපතිය හා අධිකරණය පාලනය වන්නේ මැද මුලන පාහරන්ගේ ඕනෑ එපා කම්වලටය. අධිකරණය ගනිකාවක් සේ හැසිරෙන බවට ඕනෑ තරන් සාක්ෂි ඇත.
දිලීප් නවාස්ලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණයක් උත්තරීතරනම් තොටලඟ මුඩුක්කුවත් ඊට වඩා උත්තරීතය. ඒ දිලිප්ලා තරන් රාජපක්ෂලාගේ උවමනාවට දුමින්දලාගේ චොකාලාගේ නඩු බඩු කර ඇති බව රටම දන්නවාය. ඒ සියල්ලම නොබියව කොන්දක් ඇතිව කීවේ රන්ජන්ය යහපාලනය නැමති අටමගලේ නිසා රංජන් අද ඇතුලේ සිටින බව ඇත්තය .
ඒ ගෝඨාභයලාට ,නමල්ලාට ශිරන්තිලාට නිස්සංක සේනාධිපතිලාට ඇති නඩු ගොනු 68 රනිල් ඉල්ලන් ගිය බව දැන් අපි දන්නවාය. රනිල් එදා රාජපක්ෂලාගේ අමුඩ නොසොදා සිටියානම් ඔය හැත්ත බුරුත්තම වැලිකඩය.
ඒත් රනිල් ඒ තුප්පැහි වැඩේ කොට ඊට බිල්ලට දුන්නේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂය. අවසානයට විජේදාස ඩීල් කාරයෙකු බවට හන්වඩු ගැසීමට ඉඩදි රනිල් කටවසා ගත්තාය. නිස්සංකලා ගේ නඩු ,නිරුපමාලාගේ නඩු වජිරගේ සාගලගේ මැදිහත්වීමෙන් හැංගුව නිසාම රාජපක්ෂලාට අළු ගසාද මා නැවත බලයට ඒමට පුළුවන් උනාය.
අවසානයේ ඒවා විභාය කල විමර්ෂණ නිලධාරින් වැලිකඩ ගියේ තුප්පැහි දේශපාලකයන් නිසාය. අපරාධ විමර්ෂකයන් වෙනුවෙන් හා රටේ යුක්තිගරුක මිනිසුන් ගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටපු රංජන් රාජපක්ෂලාට ලොකුම හිසේ රදය විය. ඊට ගුලිය ඇඹරුවේ පාහර සිවුරු කාරයෙක්, ඊටම හරියන රටේ ප්‍රසිද්ධ වැසිකිලියක ඟන්දස්සාරේ හැමතැනිම හමන අධිකරණය උගේ වුවමනාව ඉටුකලාය.
යුක්තියක් නැති රටේ රංජනලා මරා දැමීම මුන්ගේ පැවැත්මට විශාල පිටුවහලකි. රංජන් ජීවිතාන්තය දක්වාම සිරකර හැකිව තිබුණානම් පාහර අධිකරණය එසේ නොකරාවියැයි කිසි විටකත් අපි විශ්වාස නොකරන්නෙමු. ලෝකයේ දුෂිතම අධිකරණ ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. අන්තම දුෂිතම විනිසුරන් සිටින ඒත් දේවත්වයෙන්වැජබීමට බලන උන්ගේ දේව සභාව ඇත්තේ හල්ස්ටොප් වලය.
එදා රංජන් කීව සත්‍ය අද ඇස් පනාපිටම රටේ ජනතාවට ඇඟට පතට යහමින් දැනිලාය. දැන් දැන් රංජන් ගේ ගුණ වයන්නේ ඒ නිසාය. රංජන් ගේ ජීවිතය රැක ගැනීම අපි කාගේ කාගේත් වගකීමය , රංජන් වෙනුවෙන් හඩ නගන හරීන්ලා මනුෂලාව ඊළඟ බිල්ල වීමටත් බැරි නැති බව අපි මතක් කරන්නේ ඒවන් කාලකන්නියන් නඩුකාරයන් වී ඇති අධිකරණයක් ශ්‍රි ලංකාවේ ඇති නිසාය,
කෙසේ වෙතත් රන්ජන්රාමනායක මහතාට අයුක්තියට ,අසාධාරණයට ,දුෂණයට හඩ නැගීමට ශක්තිය ලැබෙන,නීරෝගිමත් , සුභ උපන්දිනයක් ලංකා දවසේ කතෘ ඇතුළු අපි ප්‍රාර්ථනා කරන්නෙමු……!!