ආණ්ඩුවට පාඩු නිසාය.
ආණ්ඩුවට පාඩු වෙන්නේ කෝමද?
1. ආණ්ඩුව යනු රාජපක්ෂ පවුල සහ ගජ මිතුරු හවුලයි .
රටේ අරක්කු ව්‍යාපාරය
මත්ද්‍රව්‍ය ව්‍යාපාරය
කැසිනෝ සහ සූදු ව්‍යාපාරය
පෞද්ගලික රෝහල් ජාලා
තේ පොල් රබර් වතු
යකඩ සහ සිමෙන්ති
පෞද්ගලික බැංකු
ෆිනෑන්ස් කොම්පැනි
හෝටල්
ජන මාධ්‍ය ආයතන
ආදී සෑම ව්‍යාපාරයක මුදල් ආයෝජනය කර ඇත්තේ සහ හිමිකරුවන් රාජපක්ෂවරු සහ ගජ මිතුරන්ය.
ව්‍යාජ ඩමියන් CEO ලා හිමිකරුවන් ලෙස ඉදිරිපත් කර මේ ව්‍යාපාර එයාලා කරගෙන යයි.
මේවා ලාබ ලබන්නේ රුපියල් වලිනි.
මේ රුපියල් නීත්‍යනුකූලව බැංකු ජාලය හරවා ඩොලර් වලට හරවා විදේශයන්ට හොර රහසේ ගෙන යා නොහැකිය.
ගිණුම් ගත වෙයි.
මහ බැංකුව මංකොල්ල කෑව එක මාට්ටු වුනා වගේ දිනක මාට්ටු වෙයි.
නමුත් කලු කඩෙන් ඩොලර් මිලදී ගැනීම එසේ නෙමෙයි.
මේ සදහා ඇති පදම් ඩොලර් කලු කඩේ තිබිය යුතුය. ඒ සදහා ඩොලර් බැංකු වලට නොගිහින් කලු කඩේට යා යුතුය.
අන්න ඒ නිසාය, බැංකු වලින් අඩු මුදලක් ඩොලරයට ගෙවන්නේ.
එවිට බහුතර ඩොලර් කලුකඩේට යයි.
2. ඩොලර් වලින් ගත්ත විදේශ බැඳුම්කර ඒවායේ ඇති අවිනිශ්චිතාවය නිසා විදේශිකයන් ද්විතීයික වෙලඳපොලේ අඩු මුදලට විකුණයි . මේ දවස් වල රුපියල් 100 ක් වටිනා බැඳුම්කරයක් ද්විතීයික වෙළෙඳ පොලේ විකිණෙන්නේ රුපියල් 50 ටය .
මේ බැදුම්කර තුට්ටු දෙකට මිලදී ගන්නේ රාජපක්ෂවරු හා ගජමිතුරු කැළය.
ඒ, ආන්ඩුව අන්තිම මොහොතේ හරි Default නොකර බැඳුම්කර වලට ගෙවනු ඇති බවට විශ්වාස ඇත්තේ එයාලට එයාලටම විතරක් නිසාය.
ඒකෙන් එයාලා ලබන ලාබය 50% කි .
3. විදේශ වලින් ඩොලර් වලින් ණය ගන්නවා සේම දේශීයව රුපියල් වලිනුත් ණය ගනී.
ඒ රාජ්‍ය බැංකු සහ අපේ ETF, EPF අරමුදල් වලිනි.
ඒවා නෝට්ටු අච්චු ගසා පියවයි.
මේ නිසා රුපියල බාල්දු වෙලා උද්දමනය වැඩි වෙලාය.
ආන්ඩුව රජයෙන් (මහජනයාගෙන් ) රුපියල් 100 ක් නයට අරන් රුපියල් 5 ක් පොලිය ගෙවයි .
එහෙම ගෙවලා රු.25 ක් උද්දමනය පාදක කරන් නැවත අය කර ගනී.
ඒ නිසා ජනතාවට නොතේරෙන්න, නොදැන්නෙන්න රාජ්‍ය මුල්‍ය ආයතන හා අරමුදල් වලින් 20 % ක් පොලිය ආන්ඩුව හොරා කයි.
මෙයාලා IMF නොයන්නේ ඒකය.
මේ හොරකම නතර කරන්න වෙන නිසාය.
මේ නිසා රට බංකලොත් වෙනවා වෙනවාමය.
රට බංකලොත් වුනත් ඇයි මෙයාලා මෙහෙම කරන්නේ?
ඒ තව සුලු කාලයක් හැර දිගටම ලංකාවේ ජීවත් වෙන්න මොවුන්ගේ අදහසක් නැති නිසාය.
නැව ගිලෙන කම්ම බෑන් චුන් ගහලා රට පනින එක පනිනනාවමය.
හරියට නිකම් ප්‍රමුබ බැංකුවේ අධිපති රොහාන් පෙරේරා වගේය.
සෙලින්කෝ අධිපතිනි සේලීනා වගේය .
පුළුවන් තරම් පොදි ගහගෙන හරි වෙලාව ආවිට රට පනීනු ඇත.
රාජපක්ෂවරු නම් පිලීපීනයේ මාකොස් පවුල වගේ ප්‍රයිවෙට් ජෙට් තුන හතරක් රත්මලානට සහ මත්තලට ගෙනවිත් සියලු සබ්බ මනාවම පටවාගෙන පලා යනු ඇත.
බොහෝ විට ඊලඟට බලයට එන ආණ්ඩුව දැනුවත්වම එසේ කරනු ඇත. (කොරසාන් අකිනෝ කලා වගේ. ලේ වැගිරීම් නතර කරන්න කියලා වගේ. එයාලටත් ඉතින් කෝම හරි බලයනේ ඕනේ)
මතකනේ, Airport වහලා හොරු අල්ලනවා කිව්ව යහපාලනේ අය ගෙදර යන්න චොපර් දෙක දෙකක් දුන්නා.
පොඩ්ඩක් හරි පාඩුව නාමල්ටය.
ඔන්න මෙන්න වෙන්ඩ ජනාධිපති වෙලා රටින් පනින්න වීම කණගාටුදායකය .
ඒත් ඒ ගැනත් වැඩිය වොරි වෙන්න දෙයක් නැතිය.
පේනවනේ, අන්න පිලිපීනයේ මාකොස්ගේ පුතා ආපහු රටට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න යනවාය.
බයියෝ සඳාකාලිකව වඳ නොවන ජාතියක් නොවන නිසා නාමල් බේබි තාත්තලා බාප්පලා එක්ක දැන් පැනලා ගියාට තව අවුරුදු 20 කින් විතර ඇවිත් ඡන්දෙ ඉල්ලලා ජනාධිපති වෙන්න බැරි කමකුත් නැතිය.
දැන් ඉතින් රට බේරා ගන්න වෙන Option එකකුත් නැතිය.
චීනෙන් වැඩි පොලියට ණයක් හරි අරන් මුන් ඉල්ලන ගානක් දීලා Air Lanka ප්ලෙන් දෙකක් දීලා යන රටකට තොලොංචි කලත්, ඒත් රටට පාඩුවක් නැතිය.
රට හදන එකෙක්ට එතැන ඉදන් හරි වැඩේ පටන් ගන්න පුළුවන්ය.
මොකද කියන්නේ ඔයාලා !
-DR. නිලංග සමරසිංහගේ අදහසක්.