උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේනට එරෙහි පක්ෂ එකොළහක නායකයන් විනාශ කරන්නට එළුවන් එකොළහක් සොහොන් කාලිට බිලි දීලා.

Spread the love

රත්මල්  පැළඳගෙන

බියකරු රාව නගමින
ලේ රැඳුන දෙතොලින
වඩින් මිහිකත දෙදරවාගෙන
ඕම් හ්රීම් කාලි කපලානි
ගුර්ණදේනී විශ්වම්
සර්වමෝයා මෝයා
ද:ද:ද: ස්වාහා
⁣මේ සොහෙන් කාලි වන්දනා කරන ගාථාවය.හින්දු විශ්වාසයන් පරිදි විශ්වයේ බලගතු දෙවියන් වන ඊශ්වර දෙවියන් ගේ බිරින්දෑ වන උමයංගනා ගේ එක් බලගතු අවතාරයක් ලෙස මහා කාලි මෑණියෝ ලෙස හැඳින්වේ.මේ කාලි මෑණියන්ගේ අවතාර හතක් වශයෙන්ද කට්ටු විසි එකක් වශයෙන්ද එයට අමතරව මහා යක්ෂ සේනාධිපති නිල දූතිකාවන් දස දහස් ගානක් පිරිවරාගෙන සිටින මහා කාලි මෑණියන් ගේ එක් බයංකර අවතාරයක් ලෙස සොහොන් කාලි හෙවත් සුඩලි කාලි මෑණියෝ පෙනී සිටින බව ඒ අදහන්නන්ගේ විශ්වාසයයි.සොහොන් කාලී,ඊරි කාලි,වදුරු කාලී,පුළුටු කාලී,ගිණි කාලී,මරු කාලී සහ පේන කාලී අනෙකුත් කාලි අවතාර වේ. මෙම සොහොන් කාලී මෑණියන් හොඳට නරකට පෙනී සිටින යක්ෂ සේනාධිපතිණියක් ලෙසද දේව කතන්දර වල දැක්වේ.
ඉන්දියානු හින්දු බැතිමතුන් වගේම අපේ බෞද්ධ සංස්කෘතියටත් සම්බන්ධව විනාශයේ දේවතාවිය ලෙස සැළකෙන්නේ කාලි මෑණියන්ය.කාලි රූපයක් ඔබ දැක තිබේ නම් එහි ඇය නිල් පාට ශරීරයක් පාගා ගෙන සිටින බව දකින්නට ඇත.ඒ කාලිගේ සැමියා වුන ශිව.එක්තරා කාලයකදී ශිව ගේ දේවත්වය හීන වී ශිව ශව බවට පත් වූ බවත් කියවේ.ශිවගේ ස්වරූපය ශව බවට පත් වීම පිළිබඳව මානව විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ සමාජයේ යුක්ති ධර්මය විනාශ වීමත් සමගම අනීතික බව ඉස්මතු වීම කාලි ගේ මෙම නිරූපනයෙන් දැක්වෙන බවය. 
දඹදෙනි යුගයේ ධර්මසේන හිමියන් රචනා කරන ලද සද්ධර්මරත්නාවලියේ
කාලි යකින්න පිළිබදව කතාවක් තිබේ.අප සමාජයේ නිතරම කටවචන උපදෙස් වල කියවෙන ගාථාවක් වන ධම්මපදයේ එන නහී වේරේන වේරානි ගාථාවෙි නිදාන කතාාව හා මේ බුදුන් දවස සි⁣ටි  කාලි යකින්න සම්බන්ධය.
බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයක තරුණ මවකගේ බිළිඳු දරුවෙකු එම  කාලි යකින්න විසින් ලේ බී මරා දමා ඇති අතර ශෝකයට  පත් මව තමාට සිදු කරන ලද විපත ගැන බුදුන් වහන්සේට පැමිණිලි කර සිටියාය.බුදුන් වහන්සේ ඒ කාලි යකින්න ගෙන්වා  දෙදෙනා අතර ප්‍රශ්ණය විසඳා ඇති අතර ඔවුන් දෙදෙනා අතර පවතින මෙම වෛරී සහගත ආරවුල අතීත භවයක සිට ආ ප්‍රශ්ණයක් බවද පෙන්වා දී ඇත.
බුදුන් වහන්සේ විසින් නහී වේරානි ගාථාව දේශනා කොට ඇත්තේ ඒ සිදුවීම අරභයා බව දැක්වේ.ඉන්පසුව කාලි යකින්න බුදු දහම වැළඳගෙන සැදැහැවත් ජීවිතයක් ගෙන ගොස් ඇති බවද සඳහන්ය.එබැවින් එම කාලි යක්ෂණිය හා අද මෙරට විශ්වාස ඇදහිලි අතර සිටින කාලි මෑණියන් අතර කිසිම සම්බන්ධයක් නැති බව පෙනී යයි.  
කෙසේවෙතත් අප මේ කාලි දේවතාවිය ගැන පූර්විකා වේ සඳහන් කෙරුවෙි මෙහි ලියවෙන ඉදිරි ප්‍රවෘත්තිය ඒ හා සම්බන්ධ වෙන බැවිනි.අප ඊයේ වාර්තා කරන ලද්දේ මිල්ටෙරි නන්දසේන හදිසියේම අනුරාධපුරයට ගිය බවත් එහිදී පිස්සු හුටං ඥානා විසින් එළුවන් එකොළොස් දෙනෙකු සොහොන් කාලියට බිලි දෙන ශාන්ති කර්මයකට  සූදානම් වන බවය.එම ශාන්ති කර්මයට ගජබා රෙජිමෙන්තුවේ සෙබළුන් ලහි ලහියේ වැඩ කටයුතු කරමින් සිදුකරමින් සිටින බවය.
එහෙත් මේ සිද්ධ කර ඇත්තේ මිල්ටෙරි නන්දසේනගේ ග්‍රහ අපල දුරු කිරීම සඳහා වූ ශාන්ති කර්මයක් නොවන බව ගජබා රෙජිමෙන්තුවෙන්  අප හට ⁣ අද වන විට තොරතුරු ලැබී තිබේ.එම තොරතුරු අනුව එළුවන් එකොළොස් දෙනෙකු ගේ රුධිරය සොහොන් කාලියට බිලි දී ඇතැයි වාර්තාවේ.එම එළුවන් ගේ රුධිර බිලි පූජාව සිදු කර ඇත්තේ මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව විවේචනය කිරීම නිසා අමාත්‍ය තනතුරු වලින් ඉවත් කළ විමල් හා ගොම්මන්පිල යන දෙදෙනාද ඇතුළුව ඔවුන් හා සම්බන්ධව සිටින අනෙකුත් පක්ෂ නායකයන් ⁣එකොළොස් දෙනා විනාශ කිරීමේ අපේක්ෂාවෙනි. 
ආණ්ඩුවට එරෙහි වූ පක්ෂ නායකයන් ගැන මිල්ටරි නන්දසේන දැන් ඉන්නේ දැඩි වෛරයකිනි.පුළුවන්නම් මරාගෙන කන සයිස් එකේය.ඒ මිල්ටෙරි නන්දසේන ගේ හැටිය.ඔහුට කේන්ති ගිය විට සිය එදිරිවාදියා කවර ආකාරයක සැලසුමකින් හෝ කම්බස් කර දැමීම ඔහුගේ අපේක්ෂාවය.ඔහු ගේ පසුකාලීන චර්යාවන් සොයා බලන විට ඔහුට එරෙහිවූ පාර්ශවයන් තිරිසන් ආකාරයෙන් මරා දැමවූ අවස්ථා ගනනාවක් අනාවරණය කර ගත හැකිය.කොළඹ ලස්සන කිරීම සඳහා හමුදා බුද්ධි නිළධාරීන් ලවා රාත්‍රියේ පදික වේදිකා වල ලැගුම් ගෙන සිටින යාචකයන් ගණනාවකගේ හිස් මතට කලුගල් අත හැර හිස චප්ප කර සාහසික මරා දැමීමට කටයුතු කරන ලද්දේද මිල්ටෙරි නන්දසේන බව දන්නෝ දනිති. 
අප ඒ කිව්වේ මිල්ටෙරි නන්දසේන මෙලේච්ඡ සාහසික ගතිය ගැනය.දැන් ඔහු දැඩි වෛරයකින් පසුවන පක්ෂ එකොළහට ඇතුළත් නායකයන් විනාශ කිරීම සදහා පිස්සු හුටං ඥාණා ගේම⁣ට බැස තිබේ.සොහොන් කාලී දේවතාවියගේ මෙරට ප්‍රසිද්ධ වෙළඳ නියෝජිතයා පිස්සු හුටං ඥාණාය.මේ පිස්සු  හුටං ගැහැණිය සමග ගනුදෙනු කරන පක්ෂ විපක්ෂ දේශපාලඥයන් රාජ්‍ය නිළධාරීන් ගැන අපට ඇත්තේ හිරිකිතයකි.ලැජ්ජාවකි.

මේ වාහෙලා සමාජයේ ප්‍රභූ නාමධාරීන් වුවද අපට නම් හිතෙන්නේ රාත්‍රියට අම්මා අප්පා නැතුව හුජ්ජ කරන්න යන්නැති පොඩි වුන් විදියටය.බෞද්ධ දර්ශනය ගැන මනා අවබෝධයක් තිබුණානම් මේ ගොන් වස්සන් කාලි සරණ යන්නේ නැත.උපන්දාා සිට බෞද්ධ ආගමේ සාහිත්‍ය කතන්දර වලින් ඔළුව කුරෝළු කර ගෙන සිටින මේ ගොන් වස්සන් හිතන්නේ සොහොන් කාලි වැනි අදෘශ්‍යමාන බලවේග වලින් ජීවිතය ගොඩ දාගන්නට හැකි බවය.දේශපාලන බලය ආරක්ෂා කර ගන්නට පුළුවන් බවය.මෙවැනි අන්ධ භූත දේශපාලන නායකයන් ඉන්නා රටක මිනිසුන් මේ විදියට නන්නාත්තර වීම පුදුමයක්ද ⁣නොවේ.

මිල්ටෙරි නන්දසේන යනු ඔළුවේ සිට අධෝමාර්ගය දක්වාම මිථ්‍යා විශ්වාසයන් රඳවා ගෙන සිටින මන්ද බුද්ධිකයෙකි.හමුදාපතියා හා ඒකාගේ හුරතල් බිරින්දෑද එහෙමය.එහෙත්  හමුදාපතියාට යන්තර මන්තර ගුරුකම්කරන තවත් අමු මානසික ආබාධිතයෙක් ගැනද අපට තොරතුරු ලැබී තිබේ.අපි තවමත් හාදයා ගැන තොරතුරු සොයමින් සිටිමු.සීනිගම දේවාලයෙන් ලැබුණු තොරතුරු අනුව මෙරට අගමැති කම ලබා ගැනීමේ අපේක්ෂාවෙන් හමුදාපතියා ඉතා රහසිගතව එම මානසික ආබාධිත කපුවා ලවා ශාන්ති කර්ම ගණනාවක් කරගෙන ඇතැයි  අපට දැන ගැන්මට ලැබී තිබේ .හමුදාපතියා අගමැති කම අපේක්ෂාවෙන් එලෙස යාතු කර්ම සිදු කර ගත්තේ නම් අපට සිතන්නට සිද්ධ වෙන්නේ  අගමැති මහින්ද ඉක්මනට මරා ගැනීම සඳහා හූනියම් කර ඇති බවය.⁣ඉදිරියේදී මේ පිස්සු කපු පූසා හා හමුදාපතියා ගැන විස්තර සමාජගත කරමු.
කෙසේ වෙතත් දැන් මේ තුන් හතර ගොල්ලගේ ගැලවුම්කාරිය වී ඇත්තේ පිස්සු හුටං ඥාණාය.කෝවිඩ් වසංගතය මේ රටේ පැතිර යාම ආරම්භයේදී එය වැලැක්වීම සඳහා බැස යන ගංගා වලට ජීවම් මුට්ටි දැමීමේ විකාරය කෙරුවේද මේ පිස්සු හුටං ඥාණාගේ උපදෙස් පරිදිය.ඥාණා මුට්ටියේ ජීවම කෙසේවෙතත් කෝවිඩ් රට පුරා පැතිර ගියේ සමාජයේ හොම්බ කට සමතලා කරන සයිස් එකෙනි.
තමන්ට එරෙහිව වූ දේශපාලන පක්ෂ නායකයන් එකොලොස් දෙනා කට්ටඩි ගුරුකම් වලින් විනාශ කොට සිය පැවැත්ම තහවුරු කර ගැනීමට මිල්ටෙරි නන්දසේන දරන ප්‍රයත්නය කෙතරම් සාර්ථක නැද්ද යන්න අදාල නැති වුවත් ඒ මැදිහත් වීම ගැන අපට ඇතිවන්නේ මරේ මරු හාස්‍යජනක හැඟීමකි. එසේමමිල්ටෙරි නන්දසේන යනු තවමත් ටිකිරි මාරි හපන පන්සලේ විහාරගෙයි  ආලවක පිළිමය ඉදිරියේ ජංගියේ චූ කර ගන්නා ජාතියේ  පොඩි පැංචෙක් බව අපට සහතිකය.
දැන් ඇත්තේ පක්ෂ එකොළහේ නායකයන් එකොළොස් දෙනාගේ වාරයයි.මිල්ටෙරි නන්දසේන ගේ ආරක්ෂාව සදහා පිස්සු හුටං ඥාණා විසින් එළුවන් එකොළොස් දෙනෙකු ගේ රුධිරයෙන් සොහොන් කාලී වෙත කළ බිලි පූජාව ඔවුන් තක්සේරු කරන්නේ කවර ආකාරයෙන්ද යන්න හා ඒ ගැන ඔවුන්ගේ ප්‍රතිචාරය කවරේද යන්නත් ගැන දැන් අපි හොඳ  අවධානයෙන් යුතුව බලා සිටිමු. 

Spread the love

Leave a Comment

You may also like