උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේනගේ ග්‍රහ අපල දුරු කිරීමට පිස්සු හුටං කට්ටඬි ඥාණාගෙන් හෙට ශාන්තිකර්මයක්…..!!

Spread the love

දැනුම් තේරුම් තියෙන ඕනෑම පුරවැසියෙකුට රටට සිදුවෙමින් පවතින

බරපතල විනාශය ගැන ඇඟ හීතල වී මයිල් ස්මයිල් වෙන බව නම් කිසිම සැකයක් නැත.හැම ක්ෂේත්‍රයකම පවතින්නේ අන්තරාය කාරී අවුලකි.එය ආර්ථිකය බිඳ වැටීමේ සිට පරිපාලනය දුර්වල වීම දක්වා විහිදී ඇත.රටේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති කියන සුන්දර කතා හැරුණ විට අනෙකුත් සියළුම නිළධාරීන් ඉන්නේ තිගැස්මෙනි.
පොදුජන පෙරමුණේ රාජපක්ෂ ඔඩොක්කු කුක්කන්ද වහසි බස් පුරාජේරු කයිවාරු කිය කිය ඉන්නවා මිස රටේ පවතින අර්බුදය පිළිබඳව දැනීමක් අවබෝධයක් නැති වුන්ය.
රාජපක්ෂලා යනු ලැජ්ජා බයක් නැති අසංවර අනීතික තක්කඩ පවුලකි.මේ තක්කඩි පවුල ආරක්ෂා කරගන්නට කැප වී සි⁣ටින කිසිදු චාරයක් නැති දේශපාලන සට්ටැඹියන් රොත්තක්ද සිටින බව අපට කිසිසේත්ම අමතක කළ නොහැකි කාරණයකි.
එහෙත් දැන් රට පුරා ගම් නියම්ගම් හරහා රාජපක්ෂ පවුලට සාප කරන්නන් වැහි වැහැලාය.ඉන්ධන පෝලිමක සිටි වැඩි හි⁣ටියකු මෙම ලියුම් කරුට කීවේ
රාජපක්ෂ වරු කළ කී පවුකාර කම් වල ආනිසංස මෙලොව පඩිසන් දෙමින් තිබෙන බවය.මේ ගැන තවත් කතාවක් ලියුම් කරුගේ මතකයට එයි ඒ….
පොල් සංවර්ධන මණ්ඩ⁣ලයේ රාජකාරියේ යෙදී සිටියදී විෂමාචාරයක නිරත වීම  සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි පොල් සංවර්ධන නිළධාරියකු සීනිගම දේවාලය අසලින් යතුරු පැදියකින් ගමන් කරන අවස්ථාවක බිමට කඩා ගෙන වැටුන පොල් ගසකට යට චප්ප විය.ඒ අනතුර ගැන තතු දන්නා අය කීවේ මේ නිළධාරියා රාජකාරියේ යෙදී සිටියදී සිදු කළ වැරදි වලට ඉබේසිංහ නඩුකාරයා දඬුවම් කර ඇති බවය.රටේ සමාජයේ ඇදහිලි විශ්වාස ඔහොමය.මිනිසුන් හෙණ ඉල්ලන්නේත් සාප කරන්නේත් රටේ නීතියකින් සාධාරණයක් ඉටු වන්නේ නැති විටය.අද හැමතැනින්ම රාජපක්ෂලා සුන්නත් දූලි වී යන්නට හෙණ ඉල්ලන්නේ  රටේ පවතින මේ අර්බුදයේ වග උත්තරකාර පාර්ශවය රාජපක්ෂලා බවට අවබෝධයක් දැනීමක් සමාජයට පවතින බැවිනි.  
ජනතාව  විසින් සිදු කරන ඔය  සාප කිරිල්ලට ⁣බය රාජපක්ෂ පවුල හැර වෙනත් දේශපාලන පවුලක් ⁣මේ රටේ නැති බව නම් අපට විශ්වාසය.රාජපක්ෂ
පවුලේ වුන් වශී බෝල කරකවන්නේත් අත පුරා පිරිත් නූල් හා ඇට බෝල  ඔතාගෙන සිටින්නේත් ඉනේ කරේ යකඩ කෑලි  එල්ලාගෙන ඉන්නේත් දේවාල ගානේ රස්තියාදු වන්නේත් හිතේ පවතින බය හා සැකය නිසා බව පැහැදිලිය.⁣රාජපක්ෂලා ගේ මේ ගුරුකම් නිකායට අයත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමති වරු මෙන්ම රාජ්‍ය නිළධාරීන්ද සිටී.⁣එහි තිබෙන හොඳම විහිළුව වන්නේ විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් රොත්තක්ද මෙම මානසික පිස්සු විකාර මානසික ආබාධිතයන් ලෙස සැළකෙන කට්ටඬියන් කපුවන් හා යකදුරන්  සමග ගනුදෙනු කිරීමය. 

මිල්ටෙරි නන්දසේන කාලි දේව මෑණියන් කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන අයෙකි.අනුරාධපුරයේ ඥාණා නම් මානසික ආබාධිත ගැහැණිය මිල්ටෙරි නන්දසේනට කටිටඬි ගුරුකම් කරන තැනැත්තියයි.ඥානා ගේ ගුරුකම් නිකායේ ගැත්තන් හදුනා ගැනීමට හැක්කේ එවුන් අත ඔතාගෙන සිටින රතු නූලය.ඒ මානසික ආබාධිතයන් ගේ කල්ලියට හමුදාපති ශවේන්ද්‍රද ඔහුගේ හුරතල් බිරින්දෑද සිටී.

දේශපාලනික ආරවුලක් මතු වූ හැම අවස්ථාවකම මිල්ටෙරි නන්දසේන නවතින්නේ ඥාණා ගේ චීත්තය අස්සේය.ඥානා විසින් මතුරා දෙන වඳුරු  අසූචි බෙට්ටක් වුව ගිලින තරමට මිල්ටෙරි නන්දසේන මේ පිස්සියට හීලෑ වී සිටින බව අපට තොරතුරු ලැබී තිබේ.
පිස්සු ඥාණා මිල්ටෙරි නන්දසේනට සිදු කරන කට්ටඬි වැඩ වලදී කොට්ටෝරු වැඩ කරන්නේ හමුදාපති ශවේන්ද්‍රය.රණවිරු පදක්කම් එල්ලාගෙන පඩ ෂෝ පෙන්නුවාට මේ ගොන් වස්සා අණ විණ කොඩි විණ හූනියම් ගැන විශ්වාසය තියා ඇති ගොබ්බ වහලෙකි.නයින්  මිලිමීටර් බ්‍රවුනින් එක ගසා ගෙන හිටියාට හමුදාපතියා විශ්වාසය තියාගෙන  ඉන්නේ ඥාණා මතුරා දෙන යකඩ පිත්තල කෑලි ගැනය.මේ තකතිරුවාගේ ඉණේ  බැඳගෙන ඉන්නා යකඩ කෑලි ටික නිසා වහින වෙලාවක හෙණයක් කඩා පාත් වීමටත් බැරි නැත. 
කට්ටිඩි  යකදුරුකම් කරන කපටියන් සිද්ධ කරන්නේ තමන් සමීපයට එන අන්ධ විශ්වාසයෙන් කටයුතු කරන ඕනෑම මෝඩ තකතිරුවකුට නාස් ලනුව දමා ලාඩම් ගසා තමන්ගේ කරත්තයට බැඳ ගැනීමය.අද මිල්ටෙරි නන්දසේන හා හමුදාපතියා ඥාණා ගේ කරත්තයේ බැඳි ගොන් වස්සන් වී හමාරය.⁣
කයිවාරු විමලේ හා ගොම්මන්පිල ඇමති මණ්ඩලයෙන් නෙරපා දැමීමට මිල්ටෙරි නන්දසේනට  උපදෙස් දී  ඇත්තේ කට්ටඬි ඥාණාය.රටෙි පවතින ⁣අර්බුද කාරී වටපිටාව පිළිබඳව මේ පිස්සියට අවබෝධයක් නැත.⁣මේ ගැහැණිය දේවත්වයෙන් අදහන මිල්ටෙරි නන්දසේනද මෙය එතරම් බැරෑරුම් ලෙස ගනන් ගෙන නැති බව විශ්වාසය.අද රාත්‍රි⁣යේ මිල්ටෙරි නන්දසේනට තිබෙන ග්‍රහ අපල දුරු කිරීම සඳහා කට්ටඬි ඥාණා විසින් සිදු කරන යාතු කර්මයකි.ඒ සඳහා සහභාගිවීමට අනුරාධපුරයට ගිය මිල්ටෙරි නන්දසේන  ගජබා රෙජිමෙන්තුවේ නිළධාරී නිවස්නයේ නැවතී සිටින බව අප⁣ට ආරංචිය.
කට්ටඬි ඥානා සිදු කරන එම යාතු කර්මයට  අත් උදව් සපයන්නේ ගජබා රෙජිමෙන්තුවේ  හමුදා භටයන්ය.කාලි යක්ෂණිය වෙනුවෙන් සිදු කරන ඒ යාතු කර්මයේදී එළුවන් එකොළොස් දෙනෙකු බිලි දීමට සූදානම් කර ඇත.
එළුවන් බිලි දීමෙන් හා කට්ටඬි ගුරුකම් වලින් රට තුළ පවතින ආර්ථික අර්බුදය ගොඩ දාගන්නට හැකි යැයි සිතා සිටින මෙම මානසික ආබාධිතයන් රැළ ඉතා ඉක්මනින්  අංගොඩට දැක්කීම කළ යුතුමය.එසේ  නැතහොත් රට වලට යද්දී ගොඩ යන්නේ කට්ටඬි  ඥාණා විතරමය.

Spread the love

Leave a Comment

You may also like