උණුසුම් පුවත්

ශෂී වීරවංශගේ නඩුවෙන් නිදහස් කිරීමට ගෝඨා බෑ කියලා – ලීක්වාන් යු හා, මාතීර් මොහොමඩ් දෙන්නම මට ඇරියා – විමල් කියයි.

Spread the love


නිදොස්කොට නිදහස් කිරීම සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුලට  පමණක් වියයුතු බවට නිතිපතිට දැනුම දී ඇත්තේ ගෝඨාගේ නිති උපදේශක හරිගුප්තා රෝහණධීරය.

ඒ නිසාම රාජපක්ෂලාගේ කොන්ඩම් තියරියට අනුව විමල් වීරවංස ගේ බිරිදට ඉදිරියේදි සිරගතවීමට නියමිත බව වියත් මගේ ප්‍රභලයෙක් විදෙස් රටක් සිට අප අමතා පැවසීය.ව්‍යාජ ගමන් බලපත්‍ර දෙකක් හා හැදුනුම්පත්‍ර දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත විමල් වීරවංශ ගේ බිරිදට විරුද්ධව මේ වනවිට අධිකරණයේ නඩු පවරා ඇත.එම නඩුව සඳහා ශෂී වීරවංශ මාර්තු මස  10 වන  දින පෙනී සිටීමට නියමිතය.

එම නඩුව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටී. එම නඩුවෙන් ශෂි වීරවංශව නිදොස් කොට නිදහස් කර දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් මීට මසකට පමණ පෙර විමල් වීරවංශ ඉල්ලා තිබේ.  ඊට අකමැති වී ඇති ගෝඨාභය විමල් ගේ බිරිදගේ නඩුව අවසාන තුරුම්පුව ලෙසට ඉදිරියේදි රාජපක්ෂලා පාවිච්චි කරන බව සහතිකය.රාජපක්ෂලාගෙන් නඩු සියල්ලම නිදොස් කර නිදහස් කර ගැනීමටත් තම බිරිඳ ගේ නඩුව දිගටම පවත්වාගෙන යාමටත් රාජපක්ෂලා කටයුතු කිරීම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා සිටියේ දැඩි කලකිරීමකිනි. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී පණිවිඩ පිටව පණිවිඩ  මහින්ද රාජපක්ෂට ද යවා ඇති නමුත් ,මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ නිසා පසුව මෛත්‍රිපාල සිරිසේන හමුවී තම දුක්ගැනවිල්ල පවසා ඇත.

රාජපක්ෂ පවුල වෙනුවෙන් විමල් වීරවංශගේ නොහික්මුනු වාචාල කටින් ජනතාවට අද වන විට මහත් විනාශයක් ඇති කර  දීම අද ඔහුට හෙණයක් වී ඇති බව රටේ ජනතාව ගේ දෙස් දොවල් තැබීමෙන්ම පෙනියයි.

එදා ගෝඨාභය සිංහාසනාරූඩ කිරීමට නොකියු බොරුවක් නැත. කල නොහැකි සියල්ලම කල හැක්කේ අපිටම පමණ යැයි කියා බෙරිහන් දුන්නේ රාජපක්ෂ ලාගේ අපරාධ නඩු වලින් උන්ව නිදහස් වේනකොට තමන් හා තම බිරිද සිදුකල අපරාධවලින් ගැලවීයාමට හැකි බව සිතාය. එත් අවසානයේ අදවන විට රාජපක්ෂලාගේ සනුහරේ කිසිවෙකුටත් කිසිම නඩුවක් නැත.ඒ සියලූ නඩු වලින් ඔවුන් නිදහස් කොට නිදහස් වී අවසන්ය.

එත් තවමත් විමල් වීරවංශගේ හා තවත් කීප දෙනකු ගේ නඩු පමා කොට ඇත. ඒ රාජපක්ෂලාට එරෙහි වු විට එම තුරුම්පු පාවිච්චි කිරීමට බලාගෙනය. මේ නිසාම ඊයේ රාජපක්ෂලාට එරෙහි වීමට දැන් තවත් පක්ෂ 11 ක් සමඟ පාරට බැස ඇත. ඒත් සමස්ථ ජාතියටම  විමල්ලා ,ගම්මන්පිලලා ,වාසුලා ,මෛත්‍රිලා සිදුකල අපරාධයට කිසිදාක වන්දි ගෙවා නිමා කළ නොහැකිය.

 රාජපක්ෂලාට 2/3 ලබාදීමටත් ඉන් අනතුරුව 19 වන සංශෝධය ඉවත් කරමින් 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ලබාදීමටත්, රටේ අසාමාන්‍ය බලයක් ඇති එකම පුද්ගලයා බවට ගෝඨාභයව පත් කොට එදා සිදුකල වරද තවත් කිසිදාක ආපසු හැරවිය නොහැකිය.

යහපාලන රජයේ අධ්‍යාපන ඇමති අඛිල විරාජ් දරුවන්ට ටැබ් දීමට මුදල් වෙන් කිරීමට යාමේදි දේශද්‍රෝහියකු වු මෛත්‍

රිපාල තම කුහක කමට එය රටේ දරුවනට එදා අහිමි කලාය. එසේම හර්ෂ ද සිල්වා ඉන්දියානු ගිලන් රථ නොමිලේ ලබාදීමේදි ඒවායේ නොයන ලෙසත් “රෝ” ඔත්තුකරුවන් රට ඇල්ලීමට යන බව කියමින් ඒය නතර කිරීමට නොගත් උත්සහායක් නැත. ඒත් හරෂ ද සිල්වාගේ හැකියාවට එය අඛණ්ඩව සිදුවිය.එසේ නොවුනානම් කොරෝනා සමයේ මිනිසුන් පාරවල් ගානේ මියයන බව  මේ පාහරයන් නොදන්නවා නොවේ.

 රට ගැන ශ්‍රි ලංකා පුරවැසියන් නොසිතන බව අපි දනිමු. ඒත් තම දරුවන් ගැනවත් අඩුම සිතා මෙවනි පාහරයන් කුමන පක්ෂයකින් දේශපාලනයට ආවත්,ඔවුන් පැමිණියේ ඔබේ ආදරණීය පක්ෂයට වුවත්, ඡන්දය නොදි ප්‍රසිද්ධියේම විරෝධය පල කරන්න .මෙවැනි පුද්ගලයින් ශ්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැමීම අනාගත පරම්පරාවට යහපතකි.මෙම කණ්ඩායම කුමන හෝ දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගත වුවහොත් එම සන්ධානගත වන පක්ෂයට එරෙහිව දැඩිව ජනතාව පෙළ ගැස්වීමට අපි ක්‍රියා කරන බව ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු.

එසේම ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා මෙවනි කුහකයන් හා ජනමනස විකෘති කරන්න විමල්ලා ,ගම්මන්පිල්ලලා ,වාසුලා එලවා දැමීමට ගත් තීරණයට සමථ ජාතියම ඔබලාට තුති කරනු ඇත.

එදා මහින්ද සුලඟ නිර්මාතෘවරයා වශයෙන් කටයුතු කළේ විමල් වීරවංශ බව රටම නොදන්නවා නොවේ.සියලුම දූෂණ වංචාවන් සියල්ල සිදුවෙද්දී ගොළුවන් සේ සිටිමින් ඒවාට උඩගෙඩි දුන් විමල් වීරවංශලා ගම්මන්පිලලා ,වාසුදේව නානායක්කාර ලා, දැන් කුමක් කීවත් කුමන අඳෝනාවක් කීවත්, මිනිසුන් තවත් මෝඩයෝ නම් නොවන බව ඔවුන්ට ඉදිරියේදී වැටහී යනු ඇත. 2/3 ත් 20 වෙනි සංශෝධනයෙන්නුත් මහින්දලා දැන් ගොඩවී හමාරය.

 “ගඟෙන් එගොඩ වීමට ඔරුවේ නැග යනවා මිස ගොඩ බිමට පැමිණි විට ඔරුව කරේ තියාගෙන නොඑන බව ……..”

මහින්ද කීවේ මෙයට කලකට පෙරය, ඒ බව දැන් විමල්ට ඉතා හොඳින් වැටහෙනවා ඇතැයි අපි සිතමු.


Spread the love

Leave a Comment

You may also like