හෙට (මාර්තු 2) මෙරට දේශපාලනයේ තක්කඩි ගෝපයියන් කණ්ඩායම
අළුත් වෙස් නැටීමකට සූදානම්ය.ඒ ජනතාව අළුත් වටයකින් ගොනාට ඇන්දීමටය.සැබැවින්ම මේ රටේ ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු වන්නේ මේ සර්පයන්ගෙනි.ඒ මන්ද යත් මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ කාලකණ්නියන් කවර අකාරයේ සතුන්ද යන්න ජනතාව දැන් හොදින් හඳුනා ගෙන සිටින බැවිනි.එහෙත් මේ සර්පයන් මොන වර්ගයේ එවුන්දැයි තවමත් ජනතාවට හරියටම අඳුනාගන්න බැරි තරමේය.මුන් කල්ලි ගැසී ඉන්නේද ජනතාව අතරට එන්නේද අමුතුම ආකාරයේ වෙස් බැඳගනිමිනි.
මිල්ටෙරි නන්දසේනගේ වහල් කඳවුර නියෝජනය කරන පක්ෂ එකොලහක් හෙට මුළු රටම හරි මගට නම් ප්‍රකාශණයක් හෙට දවසේදී එළි දැක්වීමට සූදානමිනි.මෙය සිද්ධවන්නේ බත්තරමුල්ලේ පිහිට් උත්සව ශාලවකදීය.මෙහිදී එළි දැක්වෙන මුළු රටම හරි මගට ප්‍රකාශනයේ ප්‍රධාන කර්තෘ වරු ලෙස පෙනී සිටින්නේ පනික්කි විමලයා මොංගල් ගොම්මන්පිල හා නොහැකි දේව නානාය.මිල්ටෙරි නන්දසේනගේ අමුඩය අස්සේ රිංගා සිටින මේ දේශපාලන ගෝපයියන් නටන්න හදන නාඩගම අපට තේරුම් ගොස් ඇත්තේ රට පුරා ආණ්ඩුවට එරෙහිව පැතිර යන ජනතා විරෝධය යටපත් කරන්න ගන්නා කඩප්පුලි ප්‍රයත්නයක් විදියටය.මේ ගෝපයියන් ප්‍රකාශ කරන ආකාරයට මුළු රටම හරි මගට ප්‍රකාශනයේ ඇතුළත් වන්නේ රට මුහුණ පා සිටින බරපතල අර්බුදයට යෝජනා කෙරෙන කෙටි හා දිගු විසඳුම් තුලින් මහජනතාවට සමාජ ආර්ථික සාධාරණත්වය සලසා දීමය.
දැන් අපට ප්‍රශ්ණය වන්නේ මේ වාහෙලා මෙච්චර කාලයක් උඩ දම දමා ඩෑෂ් ගැසූූ සෞභාග්‍යයේ චින්තනයට කෙල වී ඇද්ද යන්නය.මේ දේශපාලන ගෝපයියන් මිල්ටෙරි නන්දසේනගේ අමුඩය අස්සේ හැංගී ඉඳිමින් ගහන තුරුම්බුව වඳ වී යන්නට ඔන්න මෙන්න ඉන්නා කාලකණ්නි රාජපක්ෂලා ආරක්ෂා කිරීමට ගහන බූස්ටර් එන්නතක් මිස වෙන ඉටි ගෙඩියක් නොවේ.දැන් මේ ගෝපයියන් රවුම් වටකුරු මහාප්‍රාණ තොගයක් මුදා හරිමින් ජනතාව ගොන් වස්සන්ට අන්දන එක සිකුරුය.පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවකු ලෙස ජම්පර් අදින්නට සිදු වේයැයි සිතමින් මරු කියවමින් සිටින ආප්ප සිරාද මේ කල්ලියට එක් වී තිබේ.
හෙට දවසේ එළි දක්වන මෙම වසංගත ප්‍රකාශනය උස්සාගෙන යාමට තුන් රෝද පක්ෂ එකොළහක් සූදානම්ව සිටින බව දැන ගැන්මට ඇත.ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ලංකා සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය ජාතික කොංග්‍රසය පිවිතුරු හෙළ උරුමය යුතුකම ජාතික සංවිධානය විජය ධරණී ජාතික සභාව එක්සත් මහජන පක්ෂය ප්‍රධානය.
මේ පක්ෂ වල ඉන්නා ගෝපයි රජවරු සෞභාග්‍යයේ චින්තනය පිළිබඳව පහුගිය දවස්වල ජනතාවට දුන් අඹ ටෝක්ස් කාට අමතක වුනත් අපට අමතක කරන්නට බැරිය.මේ ගෝපයින්ට මිල්ටෙරි නන්දසේන තරමේ වීරයෙක් මේ ලෝකයේ සිටියේ නැති තරමේය.ඒ වහල් බවේ තරම කෙතරම්ද යන්න කොමියුනිස්ටි හා සමසමාජ පක්ෂ නියෝජනය කළ ගෝපයියන්ට ලෙනින් කාල් මාක්ස් චේ ගවේරාටත් වඩා වීරයෙක් වූයේ රූකඩ මිල්ටෙරි නන්දසේනය. මේ ගෝපයි වහළුන් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ පසුගිය කාලයේ වාහිනී වල දේශපාලන සාකච්ඡා වලට පැමිණ කල කී දෑ ගැන යලි සිහිපත් වෙන විට මාක්ස් වාදීන් මේ තරමට නිවට වූයේ මක් නිසාද යන්න ගැන හිතා ගන්නට බැරි තරමේය.
ඒ මොනවා වුනත් අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇස් කන් ඇර ජීවත්වන ලෙසය.නැතිනම් මිල්ටෙරි නන්දසේන ගේ මේ අමුඩ ගෝපයියන් එක්ව ජනතාවට නාස් ලණුව දමා මුළු රටම නැවත කාලකණ්නි රාජපක්ෂ බංගලාවේ පට්ටියට ගාල් කරන්නට ඉඩ තිබේ.