මම වයස අවුරුදු 57 නීතිඥයෙක්මි. මා මේ ලියන්නේ සත්‍ය මිස අසත්‍යක් නොවන බව දිවුරා ප්‍රකාශ කරමි.
මට මෙය ලියන්න සිතුනු කාරනාව අවසානයේ දක්වා ඇත. නමුත් ඒ දක්වා ප්‍රවේශයක් ගැනීමට පහසු වීමට මේ ටික ලියමි.
මේ ලියන දෙය නිල්, රතු, කොල හෝ වර්න කන්නාඩියකින් නොබලා මැසැසින් නොව මනසින් දකින්න.
ලංකාවේ දේශපාලනයේ කිසිදු පක්ෂයක් පාරිශුද්ධ නැත, අවම වශයෙන් බෞද්ධ යයි කියනා පක්ෂ ද එසේ නැත.
මට මතක පලමු චන්දය 1977 මහා මැතිවරණයයි. මාගේ පියා රජයේ සේවකයෙක් වූ බැවින් මැතිවරණ රාජකාරි සඳහා ගියේය. මගේ මුලු පවුලම කැපුවත් කොල UNP කාරයන්ය. මැතිවරණ ප්‍රතිඵල වල මුලින් කිව්වේ චන්ද කොට්ඨාස අංක 100 අන්තිම කිව්වේ නුවරඑළිය මස්කෙලියයි. චන්දෙන් පස්සේ එකම සටනක් අපේ නිවස ආසන්න SLFP බොහෝ දෙනෙකුට ප්‍රහාරය එල්ල විය. ඒවා කලේ පිටතින් ගමට පැමිණි මැර කන්ඩායමකි.ඒවා ඉතාමත් නින්දිත වැඩ.
මට වන්දනාමාන කරන නයකයෙක් හෝ පක්ෂයක් නැත හැමදාම චන්ද කොලේ පාවිච්චි කල මුත් එක වතාවක් හැර චන්දෙ දී නැත ඒ දුන්නේ චන්ද්‍රිකාට ය. ඒ ප්‍රේමදාස එක්ක තිබුණ ඔරොප්පුවටය. අද ද ඒ ගැන පසු තැවෙමි.
මම 1977 චන්දෙන් පටන් ගන්නම්. එදා ඒ චන්දයේ UNP එක වික්කේ 1972 මරාදැමූ ප්‍රේමවතී මනම්පේරි ඇතුළු තරුණ ජීවිත සහ1976 මරාදැමූ පේරාදෙණිය විශ්වවිද්‍යායේ වීරසූරිය දක්වායි.
1994 චන්ද්‍රිකා වික්කේ සූරිය කන්ද ඇතුළු 88/89 භීෂණය තුළ මියගිය තාරුණ්‍යයයි.
2005 මහින්ද ප්‍රමුඛ සන්ධානය 88/89, සෝම හිමි ඇතුළු බොහෝ මරණ වික්කේය.
2015 සිරිසේන රනිල් සන්ධානය තාජුඩීන්, එක්නැලිගොඩ, ලසන්ත සහ තව බොහෝ නර බිලි සහ රුධිරය විකුණා ඒවාට යුක්තිය ඉටුකරන බව පවසා බලය ලබාගත්තේය.
2019 මෙහි කූඨප්‍රාප්තිය සලකුණු කරමින් බලය ලබාගැනීමටම කල පාස්කු මරණ විකුණා බලය ලබාගත්තේය.
මුන් හැම එකාම බලය ගත්තේ ඒ මරණ වලට වගකිවයුත්න්ට නීතිය ක්‍රියාත්මක කරන්න පොරොන්දු වෙලාය.
මේ හැම අවස්ථාවක ම බලය ලබා ගැනීමට පාවිච්චි කලේ මේ රටේ ජනතාවගේ රුධිරයයි. එය අති නින්දිතයි. ලංකාවේ හැම පක්ෂයක්ම මේ ලැයිස්තුවෙ ඇත , මන්ද ඔවුන් හවුල්කරුවන් වූ ආණ්ඩු මෙම අපරාධ වලට වග කිවයුතුය.
මේවා මා අසා දැනගත් ඒවා හෝ කියවු ඉතිහාසය නොව මාගේ ඇසින් දැක කනින් අසා ලද දැනුමයි.
ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක කබඩ් එක ඇරියාම ඇටකටු ගෝනියක් සොයාගත හැක. මම නෑ අපි මැරුවේ නෑ කියන්න කාටවත් බැරි ය. ඒ මිනීමරපු ආන්ඩුවල ඇමතිකම ඔවුන් දැරුවා නම් ඔවුන් ඒ ආණ්ඩු වල පැවැත්ම ආරක්ෂා කලා නම් වගකිව යුතුයි.
ඇයි මම මේක ලියන්නේ ……. මම මේක ලියන්නේ මාගේ අත්දැකීම තුලින් මට අනාගත ව්‍යසනයක් පේන්න නිසාය.
අද විවිධ පක්ෂ වල රැස්වීම්වලට විවිධාකාර ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් පෙනේ. එමගින් බලාපොරොත්තු වන්නේ ගැටුමක් සහ මරණයක්. මරණය කරෙත් ගන්නා ප්‍රතිපාක්ෂිකයින් එය මැතිවරණ තේමාවක් කර ගන්නට උත්සාහ කරයි. ඒ මැරෙන්නේද මරන්නේද කාගේ හෝ දරුවෙක්, පියෙක්, සහෝදරයෙක්.
මතක තියාගන්න මල මිනී දේශපාලනය දැන් ඇති. කිසිම පක්ෂයක් තම දේශපාලන අරමුණ වෙනුවෙන් තවත් මල මිනී සහ රුධිරය කැපකල යුතු නැත.
මා මෙය ලියන්නේ මේ අනතුරක සේයාව අතීත පිලිවෙලින් පෙනෙන නිසා මිස වෙන කසිදු තොරතුරක් නිසා නොවේ.
ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ මේ සම්බන්ධව අවධානය යොමුකළ හොත් සිදුවිය හැකි ඕනෑම විනාශයක් වලක්වා ගත හැක.
ඕනෑම දේශපාලන පක්ෂයක රැස්වීමක් සාමකාමීව රැස්වී, සාමකාමීව පවත්වා, සාමකාමීව විසිර යාමට සියලුම පක්ෂ ඉඩදීමට වග බලාගත යුතුයි.
ඕනෑම පක්ෂයකට සිය මතය ජනතාවට ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඒ අනුව චන්දය දීම ජනතාව සතු අයිතියක් බව මතක තබාගන්න.
නීතිඥ මහේෂ ත්‍රීමාන්න.