සිංහල බෞද්ධයන් ගේ කිරි පල්ල අත ගා චූන් කර පාස්කු බෝම්බ ප්‍රහාරයේ ලේ පෙන්වා බලයට පත් වූ මිල්ටෙරි නන්දසේන දැන් රට පාලනය කරන්නේ ඔල්මොරොන්දන් විදියටය.සිය තක්කඩි කෙරුවාව දහ අට සන්නිය පෙන්වා හරි වසන් කරන්නට මිල්ටෙරි නන්දසේනට හැකියාවක් ඇතත් පාස්කු ප්‍රහාරයේ අඳෝනාව යටපත් කරන්නට ඔහුට හැකියාවක් ඇත්තේම නැති බව දැන් සිද්ධ වෙන වැඩ වලින් කාට කාටත් තේරුම් ගොස් තිබේ.
පසුගිය දවස්වල මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව හැදුවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කොට රූකඩයක් දෙකක් අධිකරණයට ඉදිරිපත් කොට තමන්ට වහල් කම් කරනා පිම්පි නඩුකාරයන් ගේ සහයෝගයෙන් වැලිකඩට දක්කා අත පිස දමා ගන්ටය.සැබැවින්ම මේ මහා ඛේදවාචකය සැළසුම් කොට බලය ලබා ගත් පසු සියල්ල පහසුවෙන් ගොඩ දාගත හැකි යැයි මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ මිනීමරු සාහසික කල්ලිය සිතා ගෙන සිටින්නට ඇත.
මේ වන විට මිල්ටෙරි නන්දසේන පාස්කු බෝම්බ ප්‍රහාරය හංඟා ගන්නට පිටියට දමන හැම තුරුම්බුවක්ම බාල්දු වී තිබේ. පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව විධිමත්ව පොලිස් පරීක්ෂණ සිදු කළේ නැතැයි චෝදනා කරමින් ශානි අබේසේකර අත් අඩංගුවට ගැනීමට කළ සැළසුමද කුජීත වී ගියේ ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ තොරතුරු නිසාය.
දැන් මිල්ටෙරි නන්දසේන ඉන්නේ මුඛ පූට්ටු වෙලාය.ජනපති මහින්ද රාජපක්ෂ ගේ කාලයේදී නුවර දළදා මාලිගය ආශ්‍රිතව බබා නාමල් කාර් රේස් සැනකෙළියක් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පැවතෙද්දී එයට එරෙහිව මල්වතු පාර්ශවයේ විරෝධය යටපත් කරන ලද්දේ මල්වතු පාර්ශවය දළදා භූමියෙන් එලවා දමන බවට තර්ජනය කොට බිය වැද්දීමෙනි.
ඒ තරමටම රාජපක්ෂලාගේ සාහසික පාදඩකම බලවත් විය.මේ තක්කඩියන් බෞද්ධ කොඩිය අමුඩයට ගන්නා ජාතියේ උන්ය.එහෙත් සිංහල බෞද්ධයන්ගේ ගැලවුම් කාරයන් ලෙස පෙනී සිටින්නේද මෙම පාදඩයන්ය.යුද ජයග්‍රහණයෙන් ගිණි කන වැටී සිටින සිංහල බෞද්ධ සමාජයට රාජපක්ෂ තක්කඩියන්ගේ සාහසික පාදඩකම ගැන කිසිදු අවබෝධයක් නොවීය.මේ තක්කඩි පවුල සිය පැවැත්මේ ආරක්ෂාවට මෙම අනවබෝධය විශාල පිටුවහලක් කර ගන්න ලදී.
පාස්කු බෝම්බ සැළසුම පිටුපස සිටි අදෘශ්‍යමාන ප්‍රධාන සාහසිකයා මිල්ටෙරි
නන්දසේන බව දැන් මුළු රටම දැනුවත්ය.මිල්ටෙරි නන්දසේන යනු අමු ගොන් වස්සෙකි.මේ ගොන් වස්සා සිතා හිටියේ මිල්ටෙරිය පෙන්වා ජනතාව හා රාජ්‍ය නිළධාරීන් බිය වද්දා රට පාලනය කරන්නට පුළුවන් කියාය.ජනපති පදවියට පත් වූ මුල් දවස්වල මේ ගොනා රාජ්‍ය නිළධාරීන් අමතා රටේ නීතිය කියන්නේ තමන්ගේ කට වචනයැයි ප්‍රකාශ කරන ලද්දේ තියෙන අමු ගොන්කම නිසාය.
පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන පවතින සමාජ අවධානය තමන් ජනපති වීමෙන් පසුව තුනී වෙනු යනු ඇතැයි මිල්ටෙරි නන්දසේන ආතල් එකේ සිටින්නට ඇත.එහෙත් කතෝලික ජනතාව ගේම් එක ලේසියෙන් අත හරින්නට සූදානම් නැත.තමන්ගේ ඥාති පාර්ශවයට සිදු කළ මහා අමානුෂික ප්‍රහාරය සිදු කළ වුන් සොයා ඔවුන් දිගින් දිගටම මිල්ටෙරි නන්දසේනට එරෙහිව චෝදනා කරමින් සිටී.අද වන විට කතෝලික ජනතාව තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසට ඉල්ලා ජාත්‍යන්තරයට යාමට සූදානමිනි.
ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය
හා සාධාරණය ඉටු කර ගැනීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීම හැර වෙන විකල්පයක් නැතැයි සඳහන් කොට ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ මෙවැනි පසුබිමකය.මෙතෙක් කාලයක් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන ලද්දේ අගරදගුරු තුමාය.එහෙත් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ මෙරට රදගුරුතුමන්ලාගේ ආයතනික නායකත්වයයි.මේ නිවේදනයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට යාමට කතෝලික ආගමික නායකත්වය එකඟතාවයක්
ඇති වී බවය.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැඟවුන සත්‍යය අනාවරණය වීම ප්‍රමාද කොට සත්‍යය සඟවා දේශපාලන වාසි සඳහා මෙම සාහසික මිනිස් ඝාතනය ප්‍රයෝජනයට ගෙන ප්‍රශ්ණය තවදුරටත් අවුල් කරමින් සිටිතැයි මෙම නිවේදනයේ සඳහන් වී තිබේ.
මෙම නිවේදනයට අස්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකා කතෝලික අගරද ගුරු සම්මේලනයේ සභාපති බදුල්ල රදගුරු ජේ.වින්ස්ටන් ප්‍රනාන්දු තුමන් හා එම සම්මේලනයේ මහ ලේකම් කොළඹ සහායක රදගුරු ජේ.ඩී.ඇන්තනී තුමන්ය.