බෞද්ධ භික්ෂුවක ඉස්ලාම් පල්ලියක් තුළ ආගමික නමස්කාරයක නිරත ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී
මෙම බෞද්ධ භික්ෂුව පිළිබඳව අප හට බරපතල සැකයක් ඇති වී තිබේ.
බුදු දහමට සම්බන්ධ භික්ෂුවක ඉස්ලාම් පල්ලියක මුසල්මානු ආගමික නමස්කාරයක් නොකරන බව බව අපට සීයයට සීයක් විශ්වාසය.එහි සිටින අනෙකුත් මුසල්මානුවන් අල්ලා දෙවියන් නමදින ආකාරයෙන්ම මෙම බෞද්ධ භික්ෂුවද හැසිරේ.
අප හට මෙම තැනැත්තා බෞද්ධ භික්ෂුවක ලෙස සැක ඇති වන්නේ චීවරය හා හිස මුඩු කර ඇති නිසාය.සැබැවින්ම මොහු බෞද්ධ භික්ෂුවකද යන්න අපි නොදනිමු.ඔහු පිටුපස භික්ෂූන් වහන්සේලා ගෙන යන ආකාරයේ උරහිස රඳවන ගමන් මල්ලකි.මෙම භික්ෂුව තුළ මුසල්මානු අනන්‍යතාවක් දකින්නටද නැත.
කෙසේවෙතත් මෙහි දැක්වෙන ඡායාරූප හා වීඩියෝව බෞද්ධ ආගමික ක්ෂේත්‍රය තුළ බලවත් ආන්දෝලනයක් ඇති වන සංවේදී කාරණයක් වන බව නිසැකය.තවදුරටත් මේ කාරණය ජාතික ආරක්ෂාව හා සම්බන්ධවන කාරණයක් වන හෙයින් මේ ගැන වහා බලධරයන්ගේ අවධානය යොමු කළ යුතු විය යුතු බව අපි සඳහන් කරමු.මේ පිලිබදව රජය හා ආරක්ෂක් අංශ වහාම සෙවිය යුතුය. එසේත් නැත්නම් මෙය රජයේ පැවැත්මට තවත් නාටකයක්දැයි සිතේ .