උණුසුම් පුවත්

හරීන් හා මනූෂ මන්ත්‍රීවරුන්ට ජම්පරය ඇන්දවීම අත ළඟ.

Spread the love

පසුගියදා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් සැක කටයුතු පාර්සලයක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ යැයි කියවෙන සිදුවීමක් සම්බන්ධයෙන් සභා රැස්වීම තුළ ⁣ විශාල කලබගෑනියක් ඇති විය.මෙම කළබගෑනියට හේතු වූයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළට විදුලි පන්දම් රැගෙන විත් ඒවා දල්වමින් සිදු කළ විරෝධතාවක් හේතුවෙනි.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් විරුද්ධ පක්ෂයට චෝදනා කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පොලිස් නිළධාරීන් ගේ රාජකාරියට බාධා කරමින් සැක කටයුතු පාර්සලයක් පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන විත් ඇති බවටය.එහිදී මෙම චෝදනාවට පිළිතුරු දුන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  ප්‍රකාශ කරන ලද්දේ තමන් භයානක කිසිවක් පාර්ලිමේන්තුවට නොගෙනා බවය.තමන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ගමන් බෑගය හා විදුලි පන්දමක් බවත් කිසිම පොලිස් නිළධාරියෙකුගේ රාජකාරියට තමා බාධා නොකළ බවත් එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් නිළධාරීන්ට තර්ජනය කරමින් හා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සැක කටයුතු පාර්සලයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳව තමා පොලිස්පතිවරයාට පැමිණිළි කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කරන ලදී.
මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ වරු දැන් සිටින්නේ කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ පාලනය ගෙන යාමේ සූදානමකිනි.බලයෙන් වියරු වැටී සිටින මේ හැතිකරය පවතින නීතිය ඩෝසර් කර තමන්ට එරෙහි සියල්ලන්ටම  අනීතිකව දඩුවම් පැමිණවීමේ සැළසුමක් දියත් කරමින් සිටින බව වටහා ගත හැකිය.එහිදී පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව නැවත පරීක්ෂණ වටයක් ඇරඹෙන්නේද එම අරමුනිනි.
පාර්ලිමේන්තුවට සැක කටයුතු පාර්සලයක් ගෙන ඒම හා පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම පිළිබඳව කතානායක විසින් පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලේ චුදිතයන් වනු ඇත්තේ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා බව අපට දැන් තියා ප්‍රකාශ කළ හැකිය.
ඔවුන්⁣ට එරෙහිව පොලිස් නිළධාරීන්ගේ රාජකාරිය ට  බාධා කරන ලද්දේ යැයි අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව නිසැකය.මෙහිදී දනිස 183 /184/185 වගන්ති යටතේ මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇතැයි අප හට සැකයක් පවතී.අධිකරණ නඩු විභාගයකදී සමථයකට පත් කළ නොහැකි ⁣චෝදනාවක් වන රජයේ නිළධාරියකු ගේ රාජකාරියට බාධා කරන යම් තැනැත්තෙකුට තුන් මාසය දක්වා දක්වා කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් සියය දක්වා දඩයකින් හෝ එකී දඩුවමි දෙකින්ම දඬුවම් කිරීම කළ හැකිය .
මෙහිදී 184 වගන්තියේ සඳහන් වන්නේ  රජයේ සේවකයකු රජයේ නිල කටයුතු ඉටු කිරීමේදී ඒ සඳහා සහාය වීමට හා සහාය දීමට බැඳී සිටින තැනැත්තකු විසින් එලෙස සහාය වීම පැහැර හරිනු ලැබූ විට ඔහුට මාසය දක්වා කාලයක ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් හෝ රුපියල් පනහ දක්වා දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ හැකි බවය.  185 වගන්තියේ රජයේ නිළධාරියකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකීකරු වීමෙි වරදට දඬුවම ලෙස මාසය දක්වා ලිහිල් කාලයකට බන්ධනාගාර ගත කිරීම හා රුපියල් පනහක දඩයක් දක්වා හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවමි කළ හැකි බව දැක්වේ.
මෙම චෝදනා හා තවදුරටත් වෙනත් බරපතල චෝදනා ඉදිරිපත් කොට හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් බන්ධනාගාර ගත කර ඔවුන් දෙදෙනාගේ මන්ත්‍රී ධූර අහෝසි කොට ප්‍රජා අයිතිය අහිමි කිරීමට මිල්ටෙරි නන්දසේන පිඹුරු පත් සකසා ඇති බව නම් ස්ථිරය.මෙහිදී අපට ඇති ප්‍රශ්ණය වන්නේ  මිල්ටෙරි නන්දසේන විසින් මෙරට අධිකරණය ගණිකා වෘත්තියේ යෙදවීම ඉදිරිි⁣යේ විරුද්ධ පක්ෂය තව කොතෙක් කාලයක් හුරතල් වෙනවාද යන්න ගැනය.
පසුගියදා ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  මෙරට ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් විරෝධතාවය දැක්වූූ⁣යේද මෙරට නීතිය සාධාරණව හා යුක්ති සහගතව ඉටු කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලමිනි.එහෙත් මෙම විරෝධාතව පිළිබඳව මෙරට විපක්ෂය නියෝජනය කරන සිංහල බෞද්ධ ක්‍රියාකාරිකයන් නෑසූ කන්ව සිටීම ගැන නම් අපට ඇත්තේ දැඩි කණගාටුවකි.

Spread the love

Leave a Comment

You may also like