උණුසුම් පුවත්

පුදුම රටක් මේක ඕයි……… එමිල් අයියා මිනිමරුවෙක් , මෙරිල් මල්ලි අපරාධ විමර්ෂකයෙක්

Spread the love

මුත්තා,කිරිමුත්තා ගැන සොයා පොලිසියට ගත්තත් ලංකාවේ සහකාර පොලිස් අධිකාරිගෙන් ඉහල සිටන පුද්ගලයන් ගේ පාතාල සම්බන්ධකම් ,ගනිකානිවාස හිමිකරුවන් ,සහෝදරයන් පවුලේ ඥාතින් කුඩු ව්‍යාපාර කරත් , සහෝදරයන් මිනිමරා හිරේ හිටියත්, එවා නිලයේ ඇති ගෞරවයෙන් වැසි යන්නේය.

ඒ වසර 156 සපිරි ශ්‍රි ලංකා පොලිසිය අද වැටි ඇති අභාග්‍ය සම්පන්නම තත්වයයි. ඉතාම විහිළු සහගතම හා රටේ ජනතාව යහමඟ ගැවීමට හා ජනතා හිතකාමී පොලිසියක් යැයි කයිවාරු ගසන වීරසේකර හා  කළු පුතා හා සුදු පුතා මත සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම දෑතට දි පොලිස්පති ගොබ්බවහන්සේ නිදිය.

මෙරිල් රන්ජන් ළමාහේවා  යනු වෙනකවරෙකුවත් නොව වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඒවක ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගේ වුවමනාවට රංගජීව සමඟ ගොස් වෙඩි තබා මරාදැමු මිනිමැරුම් පිලිබදව පැවති නඩු විභාගයෙන් වරදකරු වී දැනට වැලිකඩ සිටින ඒමිල් රංජන් ගේ සොහොයුරාය.

නිතියානු කුලව හෝ සදාචාරත්මකව අවමයක් පිළිබඳව තමාට දැනුමක් ඇත්නම් පොලිස්පති   කලයුතු වන්නේ වහාම එවනි නිලධාරින් එම අදාල අංශයෙන් ඉවත් කොට වෙනත් ස්ථානයකට මාරු කිරීමය. එත් ශ්‍රි ලංකා පොලිසියේ සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි . දැන් සහකාර අධ්‍යක්ෂක හා මිනිමැරුම්  අංශය භාර සිටින්නේ මෙවනි අයෙකි.

මෙරිල් රංජන් නැමති පුද්ගලයා පුද්ගලිකවම ජනාධිපති ගෝඨාභය සමීප සම්බන්ධකමක් ඇතැයි ඔහු විසින්ම පවසා තිබීම සිදුකළ විමර්ශනයන් පිළිබඳව දැඩි සැකයක් හටගනී.

  කෙසේ වුවත් මෙරිල්  රන්ජන්ගේ සමීප සම්බන්ධතාවය සේ පොලිස් පරික්ෂක ශ්‍රේණියේ සිට පොලිස් කොස්තාපල් වරයෙකු ගේ ඥාතියෙකු මිනිමැරුමකට සම්බන්ධනම් , කොල්ලකෑමකට සම්බන්ධනම් හෝ ගෑවි ඇත්නම්  ගෙදර යවා අවසානයේ එම නිලධාරියාවත් වැලිකඩ යැවීමට උනන්දු වෙන පොලිසියේ ඉහල නිලධාරින් අඩුම තරමින් මෙරිල් රංජන් ළමාහේවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන්වත් ඉවත් නොකර පොලිස්පති සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවට දි ඇති ආදර්ශය් නම් මසුරංය.

මෙවන් පොලිසියකින් සිදුවන්නේ රටේ ජනතාවට ඉතාම හොද නිලධාරින් පවා සම්ච්චලයට ලක් වීමකි. මෙරිල් රංජන් වැනි නිලධාරින් ගේ අමනකම් එසේ වුවත් අවසානයේ ඊට පොලිස් දෙපාර්තමේන්තුව වන්දි ගෙවීමට සිදුවීම නතරකල යුතුය.


Spread the love

Leave a Comment

You may also like