අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ව්‍යාජ චෝදනා මත තමන් අත් අඩංගුවට ගැනීම වලක්වන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ තොරතුරු
ගනනාවක් අනාවරණය වී තිබේ.
(පාස්කු ප්‍රහාරය පිළිබඳව ලංකා දවස සිදුකරන ලද විමර්ශනයේදී හෙළි වූ කරුණු සියල්ලම මෙම ශානි අබේසේකර ගේ පෙත්සම තුළින් තහවුරු වී ඇත. )
මෙම පෙත්සමෙහි අන්තර්ගත ඇතැම් තොරතුරු ජනමාධ්‍ය මගින් ප්‍රශ්ණ කරන ලද ඒවා වෙි.තව දුරටත් එහි මෙතෙක් සමාජගත නොවූ රහස්‍ය තොරතුරු ගනනාවක්ද වේ.මෙහිදී සඳහන් විශේෂ කාරණය වන්නේ සහරාන් කණ්ඩායම ජාතික බුද්ධි සේවයට හා යුද හමුදා බුද්ධි සේවාව සමග සම්බන්ධතා පැවැති බවත් එහෙත් එම සම්බන්ධතා පිළිබඳව රහස් පොලීසිය හෝ ත්‍රස්ත විමර්ශන ඒකකය නොදැනු වත්ව සිටි බවත් එම පෙත්සමේ සඳහන් වී තිබීමය.
නිලන්ත ජයවර්ධන ගැසූ ගැටය;
පාස්කු ප්‍රහාරයට පසුව සිදු කළ පරීක්ෂණ වලදී වවුන තිවු පොලිස් මුරපොළට පහරදී පොලිස් නිළධාරීන් මරා දැමීම ගැන අත් අඩංගුවට ගත් අජන්තන් නම් හිටපු සාමාජිකයා යුද හමුදා බුද්ධි සේවය හා රාජ්‍ය බුද්ධි සේවාව විසින් ලබා දෙන සාවද්‍ය තොරතුරු මත අත් අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බවත් ඒ ක්‍රියා දාමය සිදු වී ඇත්තේ සහරාන් සහ කණ්ඩායම ආරක්ෂා කර ගැනීම හා ඔවුන් අත් අඩංගුවට ගැනීම වැලැක්වීමේ අපේක්ෂාවෙන් රහස් පොලීසිය නොමග යැවීම සඳහා බවටත් සැක කළ හැකිය.
මෙම පෙත්සමේ සදහන් ආකාරයට රහසි පොලීසියේ ඡෙ.නි.පොලිස්පති රවි සෙනෙවිරත්න හා ශානිි අබේසේකර විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන හමුවී මාවනැල්ල බුදු පිළිම වලට පහරදීමට හා වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයෙන් හමුවූ පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිළිබඳව සහරාන් ඇතුළු පිරිස සම්බන්ධ බවට කරුණු වාර්තා කොට ඇත.තවදුරටත් ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත්තේ මේ තොරතුරු ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරන ලෙසටය.
එහෙත් මේ වන විට අනාවරණය වී ඇත්තේ හිටපු ජනපති වරයා කිසිම අවස්ථාවක එම තොරතුරු ගැන ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර නැති බවය.
පාස්කු ප්‍රහාරය සන්නිවේදකයා උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ;
පාස්කු ප්‍රහාරයට පසුව සහරාන් සමග නිතර නිතර දුරකතන සම්බන්ධතා
පැවැත්වූ තැනැත්තෙකු ගැන IP ලිපිනයක් ඔස්සේ කරුණු අනාවරණය කර ගැනීමට ඇමරිකානු පෙඬරල් විමර්ශන කාර්යංශය හරහා මෙරට රහස් පොලීසියට හැකිවිය.මෙරට රහස් පොලීසිය විසින් එම පුද්ගලයා අත් අඩංගුවට ගන්නා ලද මුත් ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා බුද්ධි සේවාවේ එවකට අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු ගේ මැදිහත් වීම එම පුද්ගලයා අත් අඩංගුවෙන් මුදා හැරිනි.
එසේම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු කළ පරීක්ෂණ වලින් පොඩි සහරාන් නැතහොත් මාතලේ සහරාන් නැමති පුද්ගලයෙක් රහස් පොලීසිය අත් අඩංඟුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සොනික් සොනික් නම් තැනැත්තකු
සමග සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළිවිය.ඉන් පසුව සොනික් සොනික් ගේ අනන්‍යතාව කවරේද යන්න රහස් පොලීසිය සොයා ගන්නා ලද අතර සොනික් සොනික් යනු ජාතික බුද්ධි සේවයට අනුයුක්තව නිලන්ත ජයවර්ධන යටතේ සේවය කළ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නැමැත්තාගේ බවද අනාවරණය විය.මෙම පොප බණ්ඩාරගෙන් ශානි අබේසේකර ප්‍රශ්ණ කිරීමට යාමේදී නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ විසින් එය වලක්වා ඇත.එහිදී නියෝජ්‍ය පොලිස්පති ලියනගේ ශානි අබේසේකරට පවසා ඇත්තේ උපොප බණ්ඩාර පොඩි සහරාන් සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ මෙහෙයුමකට අදාලව හෙයින් තවදුරටත් ඒ ගැන ප්‍රශ්ණ නොකරන ලෙසය.එහෙත් ශානි අබේසේකර උපොප බණ්ඩාරගෙන් කට උත්තරයක් ගෙන ඇතත් ඔහු කිසිදු තොරතුරක් හෙළි දරව් කර නැත.
මිනීමැරුම් නිලන්ත ජයවර්ධන අත් අඩංගුවට නොගන්නේ ඇයි……?
මෙහිදී අපට පාස්කු ප්‍රහාරය ගැන පත්කළ ජනපති කොමිෂන් වාර්තාවේ සඳහනක් සිහිපත් වේ.ඒ සොනික් සොනික් විසින් දුරකතනයෙන් පොඩි සහරාන් අමතා ඉන්දුනීසියාවේ පුද්ගලයකුට කතා කොට පාස්කු ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය බාර නොගන්නේ ඇයිද යන්න විමසා ඇති බවය.
ශානි අබේසේකර පෙත්සමෙහි සදහන් කර ඇති ආකාරයට පාස්කු ප්‍රහාරයෙන් පැය ගනනකට පසුව ජාතික තවුපික් ජමාද් හි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව හා වවුනතිවු පොලිස් නිළධාරීන් ඝාතනයට එම සංවිධානය සම්බන්ධ බවට සාක්ෂි ඇතුලත් වාර්තාවක් එවකට ජාතික බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්දන රහස් පොලීසියට බාර දී ඇත.මෙම තොරතුරු වාර්තාව නිලන්ත ජයවර්දන සඟවා ගෙන සිටීම කිසියම් සැලසුමක් බව අපට සැක කළ හැකිය.එහි වූ තොරතුරු පාස්කු ප්‍රහාරයට කලින් පොලීසිය අතට පත් වූයේ නම් මේ සාහසික ඛේදවාචකය වලක්වා ගැනීමට බොහෝ ඉඩකඩ පැවතුනි.රට තුල බරපතල අර්බුදයක් නිර්මාණය වීමෙන් පසුව නිලන්ත ජයවර්දන හදිසියේම එවැනි වාර්තාවක් ලබා දීම වඩාත් සැක සහිත වන්නේ වවුනතිවු පොලිස් නිළධාරීන් මරා දැමීම එල්ටීටී ක්‍රියාවක් බවට ඔහු විසින්ම මීට පෙර රහස් පොලීසියට වාර්තාවක් ඉදිරිපත් කොට තිබූ හෙයිනි.ඔහු විසින් පාස්කු ප්‍රහාරයට හා පසු ලබා දී ඇති තොරතුරු වාර්තා සම්පූර්ණයෙන්ම පරස්පරය.
එසේම පාස්කු ප්‍රහාරය සිදු වී පැය කිහිපයක් ඇතුලත හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ටාජ් සමුද්‍ර හෝටලයේ බෝම්බ පිපිරවීමට ගිය අබ්දුල් ලතීෆ් ජමිල්ගේ ගේ මවගේ වැල්ලම්පිටියේ පිහිටි නිවසට ගොස් පසුව ඔහුගේ නිවසට ගොස් ඇත.යුද හමුදා බුද්ධි නිළධාරීන් අබ්දුල් ලතීෆ් ජමීල්ගේ නිවසට ගොස් ඇත්තේ රහස් පොලීසිය දැනුවත්ව නොවේ.ඉන් පෙනී යන්නේ මෙම ජමීල්ගේ තොරතුරු පිළිබදව හමුදා බුද්ධි සේවාවන් දැනුවත්ව සිටි බවය.එහෙත් කිසිම අවස්ථාවක හමුදා බුද්ධි සේවාව එම තොරතුරු රහස් පොලීසිය සමග හුවමාරු කර ගෙන නැති වීමද ප්‍රශ්නකාරී වේ.
රාජපක්ෂ ඔඩොක්කු කුක්කු වූ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා……..;
කෙසේවෙතත් ශානි අබේසේකර ඉදිරිපත් කොට ඇති මුලික අයිතිවාසිකමි පෙත්සම නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව සැගවී ඇති තොරතුරු ගනනාවක්ම සමාජය වෙත අනාවරණය වෙමින් පවතී.මේ වන විට පාස්කු ප්‍රහාරය පිළිබදව රහස් පොලීසිය සිදු කළ විමර්ශන හා තොරතුරු යටපත් කිරීමට මිල්ට්ට නන්දසේන ආණ්ඩුව බලවත් ප්‍රයත්නයක යෙදී සිටී.ඒ සඳහා රාජපක්ෂ ඔඩොක්කු කුක්කු වූ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා පත් කර තිබේ.මොහු මේ වන විට වැලිකඩ සිරකරු ඝාතනයට සිරදඬුවම් විඳින බන්ධනාගාර කොමසාරිස් ලමාහේවාගේ සහෝදරයාය.වැලිකඩ සිරකරු ඝාතනය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ශානි අබේසේකර කොටු කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන නැවත විමර්ශනය අරඹා ඇති බව මින් පැහැදිලි වේ.
*****පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත විමර්ශනයක් අරඹන බව අප කීවේ මීට කලකට පෙර පහත දිගුවෙන් ඔබට එය කියවිය හැක******