හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් නීතිපතිවරයා,පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා ඇතුළු ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් 14 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර ඇති බව අපි මින් පෙර ඔබට වාර්තා කළෙමු.
ශානි අබේසේකර මහතා අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ තමාට විරුද්ධව ගොනුකර ඇති නඩුවක් හරහා තමන් අසාධාරණ ලෙස අත් අඩංගුවට ගැනීමේ වෑයමක් ඇති බවය. අප පෙර පුවතින් වාර්තා කර ඇති පරිදි ශානි අබේසේකර මහතා අවුරුදු 35 ක් පමණ වන තම සේවා කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති කාලය වසර 18 ක් පමණ වෙයි. අතිශය වැදගත් අපරාධමය සිදුවීම් රැසක් සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ඔහු මැදිහත් වී ඇති අතර, ‘රහස් පොලිස්’ අධ්‍යක්ෂ ධුරය දරණ කාලසීමාව තුළ ද දේශපාලනමය වශයෙන් ආන්දෝලනාත්මක අපරාධ විමර්ශනයන් රැසක් සෘජුව මෙහෙයවා තිබෙන බව අප විසින් පෙර පුවතින් දැක්වූයෙමු.
ශානි අබේසේකර මහතාගේ පෙත්සම මගින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ යුද හමුදා බුද්ධි නිලධාරීන් සහරාන් ඇතුළු කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරන බවට දැන සිටි නමුත්, එම ප්‍රහාරය සිදුකිරීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව සපයා ඇති බව මෙම සියලුම කරුණු වලින් මේ පෙනී යයි.
ශානි අබේසේකර විසින් ඉදිරිපත් කර ඇති කරුණු මෙසේ සම්පිණ්ඩනය කර ඉදිරිපත් කරන්නෙමු
1. ශානි අබේසේකර මහතාට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා 2021.12.03 දින ඉදිරිපත් කර ඇති නිර්නාමික පෙත්සමේ ඇති කරුණු සියල්ල 11.11.2021 දින සරත් වීරසේකර ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කල කරුණු බව.
2. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තව්හිත් ජමාත් සංවිධානය 2018.11.30 දින වව්නතිව්හි දී ඝාතනය කල පොලිස් නිළධාරීන් දෙදෙනා හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකු විසින් ඝාතනය කල බවට වැරදි තොරතුරු සපයමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නොමග යැවීමට ජාතික රහස් ඔත්තු සේවය (SIS) සහ හමුදා බුද්ධි අංශය (DMI) කටයුතු කල බව,එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත විසින් අසත්‍ය තොරතුරු සපයමින් වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළේ එල්ටීටිය බව ඇඟවීමට මෙම අසත්‍ය තොරතුරු එදා සපයා ඇත්තේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් නිලන්ත ජයවර්ධන ය.
3. මාවනැල්ල සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කළ CID ය හට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස ඉහත DMI සහ SIS වෙත ඉල්ලීම් කළ අවස්ථාවේ කිසිදු තොරතුරක් ලබා නොදුන්නද, පාස්කු ප්‍රහාරය සිදුවූ පසුව තොරතුරු ලබා දුන් බව.
4. වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල් වත්තකින් හමුවූ පුපුරණ ද්‍රව්‍ය සමග සොයාගත් තොරතුරු අනුව සහරාන් විසින් යම් අනතුරක් සිදුවිය හැකි බව එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්වූ බවත්, ඔහු එය ආරක්ෂක කවුන්සලයට දැන්වීමට පොරොන්දු වූවත්, එසේ නොකල බව
5. වනාතවිල්ලුව සොයාගැනීම සිදු කළ විට, CIDයට නොදන්වාම DMI සහ SIS නිළධාරීන් පැමිණ සිටි බව
6. සහරාන් “ත්‍රීමා” නම් අන්තර්ජාල දුරකතන පහසුකමක්/ මෘදුකාංගයක් හරහා සන්නිවේදනය කර ඇති බව සහ එම දුරකතන දත්ත අදාළ ආයතනය විසින් ලබා නොදුන් බව
7. CIDය මගින් සහරාන්ගේ බිරිඳගෙන් සහ ඇගේ සොහොයුරාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් , පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල වැනට් වර්ගයේ වෑන් රථය සොයාගත් බව
8. 2019.02.27 දින සිට CIDය සහරාන් සොයාගැනීමට සෑම ප්‍රදේශයකම මෙහෙයුම් කළ නමුත්, ඔහු අල්ලාගැනීමට ඉවහල් වන වටිනා තොරතුරු රැසක් DMI විසින් ලබා දුන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ පසුව බව
9. 2019.04.16 දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ මෝටර් සයිකල් බෝම්බ පිපිරීමේ අදාළ මෝටර් සයිකලයේ ලියාපදිංචි තොරතුරු CIDය විසින් සොයාගත් බව.
10. පාස්කු ප්‍රහාරයෙන් පසුව අල්ලාගත් “ගෆූර් මාමා” ලෙස හඳුන්වන පුද්ගලයාගෙන් ලබාගත් තොරතුරු අනුව, වවුනතිව් ඝාතනය සහරාන් කල්ලිය විසින් කල බව සොයාගත් බව ( මෙය DMI සහ SIS විසින් හිතාමතා වසන් කර තිබේ.)
11. පාස්කු බෝම්බ ප්‍රහාරයට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් ටාජ් සමුද්‍ර බෝම්බය නොපුපුරවා දෙහිවල ලැගුම් හලකට ගොස් තිබේ. එහිදී ඔහු බෝම්බ ජැකට්ටුව ගලවා පල්ලියට ගොස් සිටින අතර සැක සිතූ ආරක්ෂකයින් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු තම බිරිඳගේ දුරකතන අංකය ලබා දී තිබෙන අතර, බිරිඳ විසින් පසුව ගන්නා ලද ඇමතුමකදී, ඒ වන විටත් DMI නිළධාරීන් ලතීෆ්ගේ නිවසට පැමිණ සිටි බව තහවුරු වේ. එනයින්, DMI නිළධාරීන් CIDයට නොකීවද, ලතීෆ් පිළිබඳව දැනුවත්ව සිටි බව
12. අන්තර්ජාල IP address සටහන් පරීක්ෂාවෙන්, සහරාන් සමග නිතර දුරකතනයෙන් සම්බන්ධ වූ “පුද්ගලයකු ” ගැන තොරතුරු CIDය සොයා ගත් බව සහ එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූ බව.
13. කෙසේ වෙතත් අදාල “පුද්ගලයා” මින් ඉදිරියට ප්‍රශ්න කිරීමට ලක් නොකරන ලෙස DMI අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චුලා කොඩිතුවක්කු හරහා උපදෙස් ලැබුනු අතර අදාල “පුද්ගලයා” නිදහස් කල බව, එම “පුද්ගලයා” රහස් හමුදා මෙහෙයුම් වල නිරත වන අයෙක් බව දැන්වූ බව
14. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකරන ලද විමර්ශන වලින් මාතලේ පදිංචි “පොඩි සහරාන්” නමැත්තෙකු අත් අඩංගුවට ගත් බවත් ඔහු සහරාන්ට සම්බන්ධ තව්හිද් ජමාත් සාමාජිකයෙක් බව.
15. “පොඩි සහරාන්” Sonic Sonic ,නම් කෙනෙකු සමග නිතරම දුරකතනයෙන් කතා කර ඇති බව.
16. CIDය Sonic Sonic ගේ IP Address එක හරහා ඔහුගේ SIM කාඩ් පත සොයාගත් බව
17. අදාළ සිම් කාඩ් පත, කොළඹ City traffic පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් සැරයන් වරියකගේ නමට ලබාගෙන ඇති බවත්
18. අදාළ පොලිස් සැරයන් වරිය එම SIM කාඩ් පත SIS හි SI බණ්ඩාර නමැත්තාට දී ඇති බවත්
19. මෙම අවස්ථාවේදී SIS DIG සම්පත් ලියනගේ මහතා ශානි අබේසේකර අමතා, SI බණ්ඩාර ගෙන් ප්‍රශ්න කිරීම නවතන ලෙසත්, පොඩි සහරාන් සහ බණ්ඩාර අතර ඇති සම්බන්ධය ජාතික ආරක්ෂාව සඳහා වැදගත් කරුණක් බව පැවසූ බවත්
පෙත්සම මගින් හෙලි කරයි.
ඉතා වැදගත් අතිශය රහසිගත තොරතුරු රාශියක් ප්‍රථම වරට හෙලිකරමින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් පිළිබඳ නොදත් තොරතුරු රැසක් හෙලිවන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම විභාගයට ගැනීමේ දී සළකා බැලෙන තවත් අතිමහත් කරුණු රැසක් සමග පාස්කු ප්‍රහාරයෙන් මියගිය නිරායුධ අහිංසක මිනිසුන්ගේ මරණ වලට සාධාරණයක් ඉටුවන දිනක් එනතුරු අපි ඇඟිලි ගනිමින් සිටිමු.
අධිකරණයේ ඇති මහ කුළුණු වල ඇති ගාම්භීරත්වයට මිනිසුන් ගරු කරනවා හැර, අද විනිසුරන් ගැන නම් ඇත්තේ ඉමහත් කළකිරීමක් බවද සටහන් නොකරම බැරිය.
කෙසේ වුවත් ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න දෙදෙනා අත්අඩංගුවට ගතහොත් ඔවුන් දෙදෙනාගේ ජීවිතය දැඩි අවධානයට ලක්වන අතර, ඔවුන්ටද කොරෝනාවෙන්ම මියාමට සලස්වනු ඇත .
ඉන්පසුව අපරාධ සියල්ලම පුච්චා විනාශ කිරීමේ හැකියාවක් රාජපක්ෂ ජුන්ටාවට ඇති බවද අපි සටහන් කර තබන්නේ අනාගතය වෙනුවෙනි.යම් හෙයකින් ශානි – රවී මරා දැමුවොත් පාස්කු ප්‍රහාරය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අපරාධ රැසක අපරාධකරුවන් ජය පැන් බොනවා නියතය.