සෞඛ්‍ය සේවාවේ වැටුප් සම්බන්ධයෙන් මේ වන විට ගැටුම් සහගත තත්වයක් නිර්මාණය වී ඇති අතර මෙම තත්වයක්විසඳා ගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර හැර අනෙක් සියලු වෘත්තීය සමිති එක පෙරමුණක සටන් කරන අවස්ථාවේදී පොදු අරමුණක් වෙනුවෙන් සටන් කිරීමට වෛද්‍යවරුන්ගේ පවතින නොහැකියාව මේ වන විට අවබෝධ වී පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
ඉකුත් අවශේෂ සෞඛ්‍ය වෘත්තිකයන් ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා රජය කටයුතු කරන අවස්ථාවේදී අදාළ වැටුප් වැඩි වීම් වලට එරෙහිව කටයුතු කරනවා වෙනුවට වෛද්‍යවරුන්ගේ මේ වන විට නිර්මාණය වී පවතින වැටුප් අතිකාල ශ්‍රේණි විෂමතා උසස්වීම් වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුන්ට බලපාන අවම මූලික කරුණු සම්බන්ධයෙන් පවා වෛද්‍ය වෘත්තීය සමිති ව්‍යාපාරය ඉතා ඇල්මැරුණු සහ දියාරු ප්‍රතිපත්තියකින් කටයුතු කිරීම ඉතා කනගාටුවට කරුණක් බව ඔහු සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංගමය වැඩවර්ජනයක් කැඳවා ඇති අවස්ථාවේ දී එයට විරුද්ධව සාමාජිකයන් වෙතින් මතු වූ ප්‍රබල විරෝධතාවය හමුවේ අවසානයේ දී දේශපාලකයන්ද සෞඛ්‍ය අංශ ද ලද ලවා ලිපි කීපයක් නිකුත් කරවා ගැනීමෙන් සාමාජිකයන් සැනසීමට පත් කිරීමට කටයුතු කිරීම ඉතා කනගාටුදායක බවත් සක්‍රීය ලෙස මෙම ප්‍රශ්නය විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට සැබෑ උවමනාවක් නොමැති බව සාමාජිකයන් දැන්වත් අවබෝධ කරගත යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ප්‍රාදේශීය වශයෙන් සේවය කරන වෛද්‍යවරුන්ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා පවතින සුභසාධක පහසුකම් ද වැටුප් අතිකාල ශ්‍රේණි සහ උසස්වීම් සම්බන්ධව පවතින විෂමතාවයන් සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී රජයට දැඩි බලපෑම ක් තම වෘත්තීය සමිති සන්ධානය හරහා සිදුකිරීම ට වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව MCPA වෘත්තීය සමිති ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය සංජීව මහතා අප සමඟ පැවසීය.
මේ වන විට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය කප්පිත්තෙකු නොමැති නැවක් මෙන් ඉබාගාතයේ පාවෙමින් පවතින බවත් එහි නායකයින් යැයි කියාගන්නා පුද්ගලයන් සොයා ගැනීමටවත් නොහැකි වෙමින් ස්වකීය අනුගාමිකයින් පවා පාවා දෙමින් ද අනුගාමිකයින් ලවා ගුණ වර්ණනා කර ගැනීමත් ප්‍රති විරුද්ධ මතධාරීන්ට සමාජ මාධ්‍ය ජාල හරහා මඩ ගැසීමක් යන ඉතා පහත් මට්ටමේ ක්‍රියාවන් හැරෙන්නට වෛද්‍යවරුන් වෙනුවෙන් සක්‍රියව කිසිලෙසකත් කටයුතු නොකරන බව 20,000කට ආසන්න සාමාජිකයන් දැන්වත් අවබෝධ කරගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.