උණුසුම් පුවත්

අපි කී ආකාරයටම පුජිත හා හේමසිරි නිදොස් විය, ශානි – රවි ඇතුලට ගන්නේ විමර්ෂකයන් මරාදැමීමට ද……..?

Spread the love

ලංකා දවසේ අපි 12/02/2022 කල හෙලි කල ආකාරයටම අද හිටපු පොලිස්පති පුජිත ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දුට සත්‍ය ලෙසටම යුක්තිය ඉෂ්ඨ විය ඒ පිලිබදව අපි අවංකව සතුටු වන්නෙමු. ඒ පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් වු නිස්සංකලා ,සලේලා නිලන්තලා එක්ව විරුවාගේ වුවමනාව ඉටුකරලීමට මෛත්‍රි සමග ගැසු කාලකන්නිම ගේමක් නිසා බව අපි නොබියවම කියන්නේ සියල්ල හෙලිව ඇති නිසාය.

එත් දැන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින රාජපක්ෂලාගේ අසුජි බුදින්න පොලිස් අධිකාරි ළමාහේවාය. වැලිකඩ ඝාතන නඩුවේ මිනිමරු තම සහෝදරයාට ගෝඨාභය ලවා ජනාධිපති සමාවක් ලබා ගැනීම සඳහා මේ සියල්ල සිදු කරන බව අප නොදන්නවා නොවේ .ස්ථිරවම ජිනිවා මානව හිමිකම් සමුළුවෙන් පසුව ඔහුට ජනාධිපති සමාව ලැබෙනු ඇත.

ඒනිසාම තම අයියාගේ වැඩේ කරවා ගැනීමට  ගෝඨාභයව සතුටු කලයුතුය. ඒ වෙනුවෙන් කලහැකි හොදම දේ ජනාධිපති ගෝඨාභයලා සිදුකල පාස්කු ප්‍රහාරය වසාදමා වැලලීමය. අද පාස්කු ප්‍රහාරය වැලලීමට ඇති බාධක තුනකි.

1. හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නනැමති විමර්ෂක කණ්ඩායම මෙහෙයවන්නාද ,

2. අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍ය්‍ය්ක්ෂක් ශානි අබේසේකර ද

3.අගරද ගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද වේ.

මේ තිදෙනාම අද පාස්කු ප්‍රහාරකයින් ට මහත් හිසරදයකි .ඒ තිදෙනා පිටුපස සිටින පිරිස් දිනෙන් දිනම වැඩි වන නිසාවෙනි. ශානි අබේසේකර පිලිබදව ගෝඨාභයට ඇත්තේ වෛරයකි. අම්මාගේ රෙද්ද වැනීමට ඇටවු සල්ලි පිලිබදව විමර්ෂණය කලේ ශානිය. එසේම පාස්කු ප්‍රහාරය පිලිබදව ඉතාම වැදගත් රහස් පණිවිඩයක් රවි සෙනවිරත්න පාස්කු කොමිසමට ලබා දුන් අතර දැන් ඒ රහස පණිවිඩය ලියු කොල කැල්ල ඇත්තේ ජනාධිපති ගෝඨාභය ළඟ බවට අපිට වාර්තාවේ.

මේ අතර  තමන්ව අඩංගුවට නොගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනු කළ අතර ගොනු කළේය එය පහතින් ඔබට කියවිය හැකිය. 

යම් හෙයකින් ශානි හා රවි සෙනවිරත්න අත් අඩංගුවට ගතහොත් ඒ දෙදෙනාම වැලිකඩදි කොරෝනා රෝගයට ගොදුරු වු ආකාරයටම මියයන බව සහතිකය. එයයි ගෝඨාභය ගේ එකම ගැලවීම, එයයි ගෝඨාභය ගේ එකම සැනසීම . කාදිනල් හිමි ගේ ජීවිතය පවාදැන් ඇත්තේ දැඩි අනතුරුදායක තැනක බව අපි සටහන් කර තබන්නේ තුන්සියයක් මරාදැමූ මුන්ට තිදෙනෙකු මරා දැමීමත් මහ කජ්ජක් දැයි සිතන නිසාය.

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර දෙදෙනාම නිදොස් කොට නිදහස් කරන බව අප කියා ඇති අතර එය පහත දිගුවෙන් ඔබට ලබාගත හැකිය.

https://www.lankadawasa.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%a2%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99/?lang=si


Spread the love

Leave a Comment

You may also like