උණුසුම් පුවත්

තක්කඩි මිල්ටෙරි නන්දසේන නැවත ජාතිවාද තුරුම්බුව පිටියට දාන්න සූදානම් -ප්‍රවේශම් වන්න.

Spread the love

අමානුෂික පාස්කු බෝම්බ ප්‍රහාර කුමන්ත්‍රණය මුදා හැර බලයට ආ මිල්ටෙරි නන්දසේන ගේ ඒ හා පැවැති සෘජු සම්බන්ධතාව පිළිබඳව තොරතුරු අනාවරණ වෙමින් පවතින වටපිටාවක පාස්කු වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කාදිනල් උන්වහන්සේ සිදු කරන එඩිතර මැදිහත්වීම පොදු ජන පෙරමුණු රජය වියරු වැටී ඇති බව පෙනෙන්නට තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට මෙරට රජය තව දුරටත් සාධාරණයක්  ඉටු නොකළ හොත් මෙම ප්‍රශ්ණය ජාත්‍යන්තරය වෙත ගෙන යන බවට කාදිනල් උන්වහන්සේ අනාවරණය කරන ලද්දේ ⁣මීට දින ගනනකට පෙරය.ඒ සමගම සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වූ ශෙහාන් මාලක පාස්කු  ප්‍රහාරයේදී රාජකාරිමය වගකීම් පැහැර හැරීම් කළ පොලිස් නිළධාරීන් ගැන සිදු කළ අනාවරණයක්  මුල් කරගෙන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු පැහැර ගැණිනි.⁣මෙම පැහැර ගැනීම සමාජ මාධ්‍ය පුරා පැතිරී ගියේ ක්ෂණයෙනි. 

එම පොලිස් පැහැර ගැනීමට එරෙහිව ආගමික පාර්ශවයන්  දේශපාලන හා සිවිල් සමාජ ක්‍රියා කාරිකයන් මාධ්‍ය ප්‍රකාශනයන් නිකුත් කිරීම ඇරඹිනි.
කෙසේ වෙතත් පසුදින අධිකරණය වෙත ඉදිරිපත් කළ ශෙහාන් මාලක ඇප කොන්දේසි සහිතව මුදා හැරිණි.ශෙහාන් මාලක අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි⁣යේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය කඩ කරන ලදැයි චෝදනා කොට නීතිපති වරයා විසින්  චුදිතයා බන්ධනාගාර ගත කිරීමට ඉල්ලා ඇති බවය.එහෙත් විනිශ්චයකාර වරිය එම ඉල්ලීම ප්‍රතික්ශේප කරන ලදී.
දනිස මෙම වගන්තියේ දැක්වෙන්නේ,“කතා කරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥා වලින් හෝ දැකිය හැකි නිරූපන වලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැගීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත් කරතොත් හෝ නීතිය ක්‍රියාවේ යෙදවීමේදී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කරතොත්⁣ හෝ නිත්‍යානුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරවතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර  සතුරු වූද අසමගි වුද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය” යන්නය.
දනිසේ ඇති මෙම 120 වගන්තිය යොදා ගනිමින් රජයට එරෙහි මාධ්‍ය ප්‍රකාශනයන්ට එරෙහිව නීතිමය කටයුතු කරන බවට පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡෙ.පො නිහාල් තල්දූව කළ ප්‍රකාශයක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මහත් කැළඹීමක් ඇති විය.එහි ප්‍රතිඵළයක් ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාට මානව හිමිකම් කොමිෂම වෙත වග උත්තර බැඳීමටද සිදුවිය.මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සිදුකළ ප්‍රකාශය ඔහුගේ ඔළුවේ අමාරුවට කළ ප්‍රකාශයක් නොවන බව දැන් සිදු වෙමින් පවතින පොලිස් ක්‍රියාකාරකම් වලින් අපට නිගමනය කළ හැකිය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා මානව හිමිකම් කොමිෂම මගින් දඬු කඳේ ගසන්නට දැරූ වෑයම ජනතාව රැවටීම සඳහා කරන ලද ව්‍යාජ නිරූපනයන්ය.ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ මිල්ටෙරි නන්දසේනගේ ඕනෑකම මත බව ශෙහාන් මාලක අත් අඩංගුවට ගැනීමේ සිද්ධියෙන්  තහවුරු වෙි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව සිටියදී හා එම ප්‍රහාරයට පසුබිම සැකසූ ආකාරය ගැන  සිද්ධිමය බුද්ධි තොරතුරු ගැන නොසලකා සිටි පොලිස් නිළධාරීන්
සියළුම දෙනාට උසස් වීම් දෙමින් මිල්ටෙරි නන්දසේන රජය ගෙන යන වැඩ පිළිවෙල මෙරට ජනතාව තුළ ඉතා බරපතල ලෙස සැක සංකා මතුවෙමින් තිබේ.එය වඩාත් දැනී ඇත්තේ වින්දිත පාර්ශවය වූ කතෝලිකයන්ටය.පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාදිනල් උන්වහන්සේ ඇතුළු අනෙකුත් පූජකතුමන්ලාද සටන අත් හරින්නට සූදානම් නැත.
සිංහල බෞද්ධ භික්ෂූන්ට මෙන් සීනි බෝල දී කතෝලික ආගමික පූජකවරුන් බිලි බා ගන්නට මිල්ටෙරි නන්දසේනට නොහැකිය.ඔවුන් එකාවන්ව සිය වින්දිතයන් වෙනුවෙන් සටන් වදිමින් සිටී.සිංහල බෞදධයන් මෙවැනි කණගාටුදායක අත් දැකීමකට ⁣මුහුණ පා සිටියේ නම් මේ වන විටත් බෞද්ධ භික්ෂූන් දෙකට තුනට බෙදී තක්කඩි රාජපක්ෂ වරුන්ගේ වැසිකිලි හෝදන ආකාරය බලන්නට තිබුණි.අද වන වි⁣ට තක්කඩි රාජපක්ෂලා බලවත් ලෙස තිගැස්සමකට ලක් වී සිටින්නේ කතෝලික ආගමික පාර්ශවයේ ශක්තිමත් බැඳීම ගැනය.
හොරුන්ගේ හා තක්ඩියන්ගේ අවසන් නවාතැන ජාති ආලය බව මහත්මා ගාන්ධි තුමා පවසා ඇත.මිල්ටෙරි නන්ද සේන සූදානම් වන්නේ නැවත මෙරට ජාති ආලය අවුස්සා පාස්කු ප්‍රහාරය ගැන  සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා කතෝලික ආගමික සංස්ථාව වෙතින් සිදු කරන අරගලය යටපත් කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුමක් දියත් කිරීමට බව  අපට දැනගැන්මට ලැබී තිබේ.මෙම කුමන්ත්‍රණ සැලසුම ක්‍රියාත්මක කිරීමට දඬුගම ජාඇල පදිංචි මහනාම සිල්වා නැමැති පෙරකදෝරු ජෝකරයෙකුට බාර ඇති බවද අනාවරණය වේ.හෙළ බලය නම් සංවිධානයක කැඳවුම් කරු ලෙස මේ ජෝකරයා හෙට අනිද්දා දවසක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර ඇති බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිංහල ජාතික පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිමය කටයුතු  කළ බවට  කාදිනල් උන්නාන්සේ හා ආගමික පූජකයන් විසින් ගෙන යන විරෝධය සිංහල ජාතියට විරුද්ධව සිදු කරන ජාත්‍යන්තර  ⁣කුමන්ත්‍රණයක් බවද පැවැසීමට අපේක්ෂිතය.
මෙි පෙරකදෝරු ජෝකරයා විසින් මිල්ටෙරි නන්දසේනගේ ඕනෑ එපා කම් මත මෙවැනි මාධ්‍ය ප්‍රකාශනයක් කළ හොත් ඔහුට එරෙහිව 2007 අංක 56දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ 3(1) වන වගන්තිය යටතේ පැමිණිලි කරන ලෙසට අප පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා සිටින සිවිල්  සමාජ ක්‍රියාකාරිකයන් ගෙන් අපි මහත් ඕනෑ කමින් ඉල්ලා සිටිමු.
මෙම වගන්තියේ දැක්වෙන්නේ කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට එදිරිවාදිකම් වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුකත් වන ජාතික  වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය යන්නය. 

Spread the love

Leave a Comment

You may also like