උණුසුම් පුවත්

නිමල් ලන්සා ඇමතිකම දාලා යන්න බඩු පටවයි – තවත් ඇමතිවරු 2 ක් ගෙදර යන්න පොලිමේ.

Spread the love


ග්‍රාමිය මහාමාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව ඉතා විශ්වාසවන්ත ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුණි.

ඒ අනුව ලන්සා තම අමාත්‍යංශයේ පුද්ගලික කාර්යය මංඩලයේ සියලු දෙනාම ඉවත් කොට ඇත. තමාගේ පුද්ගලික බඩු භාහිරාදිය අද උදැසනම පැමිණ රැගෙන ගිය බවට  දැන ගැනීමට ලැබුණි. නිමල් ලන්සා පසු ගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨභය ජනාධිපති කරවීමට දැඩි කැපවීමකින් තම මුදල් වියදම් කල පුද්ගලයෙකි. එසේම මහින්ද සුලඟ සමග එක්ව නැවත යහපාලන සමයේ මෛත්‍රිපාල ජනාධිපති සමඟ ගොස් නැවත යහපාලනය විවේචනය කොට ඉවත් වු අයෙකි.

පසුව ගෝඨභය ජනාධිපති කොට නැවත එම ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිකමට පත් වු අයෙකි. මේවනවිට පාස්කු ප්‍රහාරය පිලිබදව මීගමුව හා කටුවාපිටිය තම ජනතාවට යුක්තිය ඉෂ්ඨ කර දීමට නොහැකිව නිමල් ලන්සලා දැන් සිටින්නේ ගලේ පැහැරූ බළලුන් සේය.

ඒ නිසාම ඉදිරියේදි තවත් දවසක තමාට දේශපාලනයේ යෙදීමට නොහැකි නිසාම කල් යල් බලාම නිමල් ලන්සා හා අනිකුත් ඉවත් වීමට සුදානම් ඇමතිවරු තීරණය කොටඇති බව අප ගේ විශ්වාසයයි. කෙසේ වෙතත් නිමල් ලන්සා ඉතාම රහසිගත සාකච්ඡාවක් ඊයේ රාත්‍රි පවත්වා ඇති ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයාට කියා ඇත්තේ තමා සේම තවත් ඇමතිවරු මංත්‍රිවරු 54 දෙනෙකු  ඉවත් වන බවයි. මෙයින් පෙනි යන්නේ පාස්කු ප්‍රහාරය මුල් කොට ගෙන ආණ්ඩුවේ කතෝලික ඇමතිවරු බොහෝදුරට ඉවත්වයාමට ඉඩ ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබදව නිමල් ලන්සාගේ නම කියවෙන නිසාම ඔහු තම ඇමති දුරය දමා රාජපක්ෂලාට එරෙහි වේදැයි අපිට දැඩි කුතුහලයක් ඇත. එසේත් නැත්නම මෙයත් තවත්රාජපක්ෂලා ගේම උප්පර්වැට්ටියක් දැයි කීමට තවම කල් වැඩිය.


Spread the love

Leave a Comment

You may also like