හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීමේ සිද්ධියේ උණුහුම යන්නට පෙර සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වූ ෂෙහාන් මාලක ගමගේ පොලීසියේ යැයි කියන සුදු වෑන් රථයකින් ආ නොහඳුනන කණ්ඩායමක් විසින් මහමගදී පැහැරගෙන තිබේ.
ෂෙහාන් මෙලෙස පැහැර ගැනීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තවමත් අප හට ලැබී නැතත් මෙම පැහැර ගැනීම ගැන අපට සැක කළ හැකි කාරණයක් වේ.ඒ මීට දින දෙකකට පෙර පාස්කු ප්‍රහාරයේ සැක සහිත කාරණා සම්බන්ධයෙන් ඔහු විසින් මුහුණු පොතෙහි පල කල ලියවිල්ලකි.ඔහු විසින් ඉන් පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ යැයි දැනටමත් සමාජය සැක කරන පොලිස් නිළධාරීන් ගැන ප්‍රශ්න හතක් ජනාධිපති මිල්ටෙරි නන්දසේනගෙන් හා පොලිස් බාර ඇමති ජංගි සරත් ගෙන් අසා ඇත.
මෙහි සඳහන් ප්‍රශ්ණ ගනනාවක්ම මේ වන විටත් සමාජය දන්නා කාරණාය.
එහෙත් එහි තිබෙන මෙතෙක් සමාජයට අනාවරණය නොවූ ප්‍රශ්නයක් අපගේ අවධානයට ලක් විය.ෂෙහාන් මාලක ඉන් ප්‍රශ්ණ කොට ඇත්තේ දින පනස් දෙකේ ආණ්ඩුව බලයට පත් වූ විගස කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වීම් ලැබූ පාලිත සිරිවර්ධනට එරෙහිව මාවනැල්ල බුදු පිළිම කැඩීම ගැන පොලිස් විමර්ශනය නොමග යවමින් එය විදෙස් සංවිධානයකින් සිදු කළ බවට ඒත්තු ගැන්වෙන ලෙසට රාජකාරි කොට සැබෑ තොරතුරු වසන් කිරීම ගැන චෝදනා කළ හැකිව තිබියදී ඔහු විශ්‍රාම යාමෙන් පසුව පොලිස් අමාත්‍යංශ ලේකම් සුදු වෑන් ජනරාල් ජගත් අල්විස් ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පත් කරනු ලැබුවේ කෙසේද යන්න ගැනය.
කෙසේවෙතත් ෂෙහාන් මාලක මේ ප්‍රශ්නය නගා ඇත්තේ අප ඉහතින් නම් වශයෙන් සඳහන් කළ අය ගේ අන්‍යතාව වසන් කර ගනිමිනි. මෙම නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පොලිස් සේවයේ යහපත් කල්කිරියාවෙන් කටයුතු කළ අයකු නොවේ.මොහු කොළඹ සිදුවූ කාන්තාවකගේ දේපොල අයිතිය ගැන ඇතිවූ කුමන්ත්‍රණකාරී සිද්ධියකට සම්බන්ධ සාපරාධී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව වැඩ තහනමකට ලක්ව සිටි අයෙක් බව වෙි.පසුව ජනපති මහින්ද රාජපක්ෂ ගේ මැදිහත්වීමෙන් අපරාධ නඩුවෙන් නිදහස ලැබ නැවත පොලිස් සේවයේ පිහිටවූ මෙම නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන තක්කඩි රාජපක්ෂ වරුන් කරන කියන ඕනෑම නොසන්ඩාල කාරියක් ඉටු කරන නීච පොලිස් වහලෙකි.
ෂෙහාන් මාලක ගමගේ විසින් ප්‍රශ්න කර ඇති ප්‍රශ්න වලින් අප වෙත තවත් කාරණයක් ඉස් මතු වී දැක ගත හැකිය.ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධවී යැයි සමාජය සෘජුව චෝදනා කරන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් හැම අයෙකුම මිල්ටෙරි නන්දසේන ගේ රජයේ වගකීම් දරන තනතුරු වල පිහිටුවා තිබෙන බවය. වෙන එකක් තබා මේ හා සම්බන්ධයැයි සැක කළ හැකි පොලිස් නිළධාරියකු විශ්‍රාම ගියද ඔහු නැවත කැඳවා යම් යම් දේශපාලන තනතුරු වල පිහිටුවීමට කටයුතු කර ඇති බව පෙනී යයි.
පොලීසිය බාර ජංගි සරත් පාස්කු ප්‍රහාරයට අඩිතාලම දැමූ අපරාධකාරයකු
බව අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.අම්පාර ප්‍රදේශයේ වඳ කොත්තු සිද්ධියට සෘජුවම සම්බන්ධ වූයේ ජංගි සරත් බව අනාවරණය වී ඇති තොරතුරකි.මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුකිරීම් හා පත් කිරීම් වලදී සිදු කරන දූෂිත විෂමාචාර ක්‍රියා ගැන ජංගි සරත් හා ඔහුගේ පුත්‍රයාටත් එම අමාත්‍යංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් කොස්ගොඩ සුජීවගේ පාතාලයාගේ සමීපතම ඥාතිවරියක වූ ඉනෝකා රාජපක්ෂටත් එරෙහිව පොහොට්ටු දේශපාලඥයන් ගනනාවක් මිල්ටෙරි නන්දසේනට පැමිණිලි කර ඇතත් මිල්ටෙරිි නන්දසේන ඒ ගැන නෑසූ කන්ව සිටින බව වාර්තා වේ
මෙම ඉනෝකා රාජපක්ෂ ජංගි සරත්ගේ හා ඔහුගේ පුත්‍රයාගේ අනියම් බිරිය බව පොලිස් අමාත්‍යංශ තොරතුරු හෙළි කරයි.ජංගි සරත් හා ඉනෝකාගේ පෙම් ජවනිකා බලා සිටින්නට තරමේ අසික්කිත යැයිද දැනගැන්මට ඇත.ජංගි සරත්ට එරෙහිව කෙතරම් චෝදනා ආවද ඔහු ගෙන් පොලිස් ඇමතිකම ඉවත් කිරීමට මිල්ටෙරි නන්දසේන කටයුතු නොකරන්නේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ රහස් තොරතුරු සියල්ල ඔහු දන්නා නිසා බවද අපට සිතා ගත හැකිය.
දැන් මිල්ටෙරිි නන්දසේන ආණ්ඩුව සිටින්නේ පිස්සු වැටිලාය.මේ වන විට ජනතා විමුක්ති පෙරමුනේ සමාජයීය සහභාගිත්වය සියයට තුනේ සිට සියයට තිහ දක්වා ඉහල ප්‍රතිශතයකට ඉහල ගොස් ඇති බවට ජාතික බුද්ධි තොරතුරු වලින් වාර්තා කර තිබේ.
ඒ අතරේ රාජපක්ෂ වරුන්ට එරෙහිව කතෝලිකයන් ගේ විරෝධයද ඉතා ප්‍රබලව දියත් වේ.අන් දේශපාලන පක්ෂ වලින් රජයට එල්ල වන විරෝධතාවයන්
ට වඩා මිල්ටෙරි නන්ද සේන ඇතුළු රාජපක්ෂ නඩය බරපතල ලෙස අවධානයට ගෙන ඇත්තේ මෙම සිදුවීම් දෙක බව පැහැදිලිය.ෂෙහාන් මාලක පැහැර ගන්නේද මෙම පසුබිම මත සිට බව අපට විශ්වාසය.
එහෙත් අපට මේ ගැන මිල්ටෙරි නන්දසේනට කීමට ඇත්තේ එකක් කඩතොලු මකා ගන්නට ගොස් අමාරුවේ වැටුන අයෙකුට ඉඳුරුවේ ආචාරියා කළ දේ සිහිපත් කරගන්නා ලෙසය.ඒ ගැන ජන ප්‍රවාදයේ එන්නේ මෙහෙමය.