උණුසුම් පුවත්

දෘශ්‍ය මාධ්‍යවේදී චමුදිතට මැර ප්‍රහාරයක් .

Spread the love

දෘශ්‍ය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14)අළුයම පැමිණි ආයුද සන්නද්ධ පිරිසක් ඔහුට මැර තර්ජනය කොට නිවසට අසූචි හා ගල් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ⁣තිබේ.

පාන්දර දෙකට පමණ පැහැති සුදු වෑන් රථයකින් පැමිණි ආයුද සන්නද්ධ සාහසිකයන් තිදෙනෙකු චමුදිතගේ නිවස පිහිටා ඇති නිවාස සංකීර්ණයට 
ඇතුළු වී ඇත්තේ එම නිවාස සංකීර්ණයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිළධාරියා බිය වද්දමිනි
හදිසියේම දෘෂ්‍ය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෙලෙස බිය වැද්දීමට හේතුව ලෙස ඔහු විසින් පසුගියදා ලංකා දවස කර්තෘ සමග සම්මුඛ සාකච්ඡාවක්
කොට අන්තර්ජාලයට මුදා හැරීම බව දැඩි ලෙස විශ්වාස කරමු.අප එසේ පවසන්නේ සාක්ෂි සහිතවය.එම සම්මුඛ සාකච්ඡාව අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුව ලංකා දවස කර්තෘ වරයා මීට පෙර ⁣පොලිස් සේවයේ යෙදී සිටි ප්‍රදේශවලට ගිය රහස් පොලිස් නිළධාරීන් ඔහු හා සම්බන්ධතා පැවැත්වූ සමීපතමයන් පවා ප්‍රශ්න කර ඇති බව අපට දැන ගන්නට ලැබී තිබේ.
පොලීසියේ දූෂණ ලංකා දවස මගින් නිරතුරුව හෙළි කිරීම නිසා ලංකා දවස ප්‍රකාශනයන් පොලීසියේ බොහෝ දූෂිත නිළධාරීන්ගේ වෛරයට බදුන් වී තිබුණි.විශේෂයෙන් නිපෝ දේශබන්දු පාතාලය හා සම්බන්ධකම් පවත්වමින්  එම පාතාල කල්ලි අතර පවතින ගැටුමේ පාර්ශවකරුවකු ලෙස ඒ හා සම්බන්ධව මුදල් ලබා ගනිමින් කොන්ත්‍රාත් ක්‍රමයට පාතාල ක්‍රියාකාරිකයන් මරා දැමීම පිළිබඳව අප සතුව බොහෝ තොරතුරු තිබේ.ප්‍රධාන පෙලේ පාතාල ක්‍රියාකාරිකයන් වූ මදූෂ් හා කොස්ගොඩ තාරක මරා දැමීම නිපෝ දේශබන්දු විසින් එලෙස සිදු කළ ඝාතනයන් වේ.කොස්ගොඩ සුජීවගේ සමීපතම සගයකු වූ පෑලියගොඩ පොලීසියේ එවකට සිටි මූපො මහින්ද විසින් නිපෝ දේශබන්දු වෙත කොස්ගොඩ සුජීව හඳුන්වා දී ඇත.⁣මූපො මහින්දට ඔහුගේ ගාල්ල හිරඹුරේ ඉඳි කළ නිවස ගොඩනැගීම සඳහා විදේශගතව සිටින කොස්ගොඩ සුජීව විසින් රුපියල් කෝටියක් ලබා දී ඇති බව මීට ඉහතදී ජාතික රහස් ඔත්තු සේවා වාර්තා කොට තිබුණි.කොස්ගොඩ සුජීව විසින් එම මුදල මුපො මහින්දට ලබා දීමේ කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමණාකරු කෝසල බවද එම බුද්ධි තොරතුරු වාර්තා වල සඳහන්ව තිබුණි. 
පෑලියගොඩ පොලීසියේ මූපො ⁣ලෙස කටයුතු කරමින් සිටින විට සහකාර පොලිස් අධිකාරී සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියදී සාවද්‍ය ⁣උපාධි සහතිකයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූපො මහින්ද චෝදනා ලැබූවද  එම චෝදනාවන්ගෙන් ඔහු ගලවා සහකාර පොලිස් අධිකාරී වරයකු ලෙසට උසස්වීමට සියළු වැඩ කටයුතු සලසා දෙන ලද්දේ නිපෝ දේශබන්දු වේ.සාමාන්‍යයෙන් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු උසස්වීමකින් පසුව තමන් සේවය කළ පොලිස් බල ප්‍රදේශයෙන් ස්ථාන මාරු කොට වෙනත් පොලිස් බල ප්‍රදේශයකට යවන මුත් සහකාර පොලිස් අධිකාරී ලෙස උසස් වීම් ලද මහින්ද තවමත් තමන් මූපො ලෙස සේවය කළ  පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයම බාරව කටයුතු කරමින් සිටින්නේ නිපෝ දේශබන්දු විසින් වි⁣දේශගත පාතාල  අපරාද කරුවන් සමග පවත්වාගෙන යන හෙරොයින් වෙළඳාම් ජාලයේ සමිබන්ධීකරණ කටයුතු සඳහා බව ජාතික රහස් ඔත්තු සේවා වලින් අප ලබා ගත් තොරතුරු වලින් පැහැදිලි වේ.  
මෙරට සැබෑව හා සාධාරණය වෙනුවෙන් ⁣⁣පෙනී සිටින මාධ්‍යවේදීන් නිහඬ කිරීමට සිය ස්වාමියන්ගේ ඕනෑ එපාකම් මත ආයුද විගඩම් සිදුකරන
පොලිස් හෝ හමුදා නිල ඇඳු⁣ම් වලට  සැඟවුුන සාහසිකයන් කල්පනා කරන්නේ නම් එය  බරපතල වරද්දා ගැනීමක් වනු ඇති බවට අපි ඔවුන්ට අනතුරු අඟවා සිටිමු.⁣සිය ස්වාමියගේ උරහිසේ පළඳින තරු ඔටුනු වල මහිමයෙන් උද්දාමයට පත්ව ඔවුන් අනීතිකව මුදා හරින නියෝග ක්‍රි⁣යාත්මක කරමින් මේ ආයුද සන්නද්ධ කල්ලි මගින් සිදු කරන  සාහසික මනුෂ්‍ය ඝාතනයන් බියවැද්දීම් හා පහර දීම් නිල සාධාරණීකරනය කිරීමි කොට දැනට යටපත් කළ හැකි වුවද මතු යම් දිනකදී ඒවා අප විසින් සාක්ෂි සහිතව ස්වාධීන අධිකරණයක් තුලදී මතු කරන බවත් එහිදී මෙම සාහසික සිදුවීම් වල⁣ට සම්බන්ධ වූවන්ට කරෝල කටු කෑවානම් විඳවාපන් බළලෝ තත්වයට පත් වෙන්නට වෙන බව නම් නිසැකය.
තව දුරටත් උන්ගේ දරුපවුල් වලටද මේ කරුම වලට මුහුණ දෙන්නට සිදුවන බව දැන්ම තේරුම් ගන්නේ නම් හොදය.ඒ මන්ද යත් යලි සිදුවිය හැකි දේශපාලනික විපර්යාසයක් තුල දේශප්‍රේමී සෙප්පඩ විජ්ජා පෙන්වා අධිකරණ බිය වද්දා  සාහසිකයන් ගලවා  ගැනීමට අප ඉඩ නොතියන බැවිනි.
දෘෂ්‍ය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ආයුද හා අසූචි වලින් බිය වැද්දිය හැකි දෙකයි පනහේ මාධ්‍යකාරයක් නොවන බව අපි දනිමු .ඔහු මුහුණ පා ඇති මේ සාහසික මැර තර්ජනය සම්බන්ධයෙන් අපි අපගේ පිළිකුල ප්‍රකාශ කරන අතරම කොන්දේසි විරහිතව අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිමු.මෙහිදී මිල්ටෙරි නන්දසේනගෙන් අප ඉල්ලා සිටින්නේ මෙි තිරිසන් බල්ලන් බැඳ දමනු කියාය.
මිල්ටෙරි නන්දසේන සමීපයට වී හුරතල් වන නිපෝ දේශබන්දුලා වැනි තක්කඩි අපරාද කරුවන් ගැන වහාම සොයා බලන ලෙසටද අපි ඉල්ලමු.එය එසේ නැති වුව හොත් ජනාධිපතිවරයා කවදා හෝ පස්සා පැත්තේ ටින් කිරි ගාගන්නේ 
නිල ඇඳුමට වසන් වී සාහසික ජාවරම් වල නිරත වූ මේ අපරාදකාරයන්⁣ නිසා බව වගකීමෙන් සදහන් කර සිටිමු. 

Spread the love

Leave a Comment

You may also like