උණුසුම් පුවත්

කිලිනොච්චියේ දෙමළ පොලිස් නිළධාරීන් ජාතිවාදය වපුරනවා – රජය වහාම පියවර නොගත හොත් විශාල විනාශයක් අත ළඟ.

Spread the love

කිලිනොච්චිය මුලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් සමර වික්‍රම හා උප පොලිස් පරික්ෂක ජෙසිංකන් යන නිලධාරින් දෙදෙනා පලාතේ දෙමළ ජනතාවට දැඩි සේ හිරිහැර කරන බවත් විශාල වශයෙන් අල්ලස් ඉල්ලා සිටින බවත් ස්විස්ටර්ලන්තයේ සිට අප අමතා කිලිනොච්චිය ස්ථිර පදිංචිකාරියක් වන ඇය මේ වන විට ස්විස්ටර්ලන්තයට ගොස් සිටින බවත් අප හා පැවසීය.

ඇය පැහැදිලිවම කියා සිටින්නේ කිලිනොච්චිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වරයා නිතරම තම ගම් ප්‍රදේශය වු සෝලේගර් ප්‍රදේශයට දෙමල පොලිස් නිලධාරින් එවන බවයි. දෙමල පොලිස් නිලධාරින් ශ්‍රි ලංකා ආණ්ඩුව දෙමළ ජනතාවට  කුරිරු ආකාරයට සලකන බවත් ප්‍රදේශයේ තරුණයන් හට පවස මින්, ප්‍රදේශයේ තරුණයන් විශාල ලෙසට රජයත් , පොලිසියත් කෙරෙහි වෛරයක් ඇතිකරන බවත් ඇය පැවසීය.ප්‍රදේශයෙන් දෙමළ ජනතාව සිංහල පොලිස් නිලධාරින් කෙරෙහි දැඩි විශ්වාසයකින් ක්‍රියාකරන බව මෙහි දී හෙළිවිය.

ඒත් සත්‍ය එය නොවන බවත් ,මේ නිසාම කිලිනොච්චිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකට රාජකාරි වලට ඒම ප්‍රදේශයට සිංහල පොලිස් නිලධාරින් යොමු කරන්නේ නම් ඉතාම හොද සුදුසු බව  ඇය අප හා පැවසිය. එසේම දැනට කිලිනොච්චිය ප්‍රදේශය තුල රාත්‍රි කාලයට සැරි සරණ පොලිස් නිලධාරීන් මුලස්ථාන පොලිස් පරික්ෂකගේ උවමනාව මත සැකකටයුතු බොම්බ ඇතැයි කියමින් නිවෙස් බිත්ති අයිනේ වලවල් හාරමින් යුධ සමයේ වල දැමු රත්තරං සොයා යාම පලාතේ ජනතාවට දැඩි පීඩනයක් බවත් ,වැඩි දුරටත් ඇය ප්‍රකාශ කළාය.

එසේම මේ සියල්ලම සිදු කිරිමට මුලිකවම  ක්‍රියාකරනුයේ උප පොලිස් පරික්ෂක ජෙසිංතන් නැමති  නිලධාරියාය. මේ පිලිබදව රජය ඉතාම ඉක්මනින්දැඩි අවධානය යොමු නොකල හොත් මෙම ප්‍රදේශය තුලින් තරුණයන් ගේ විරෝධයක් පොලිසියට එල්ල වීමට ඉඩ ඇති අතරම ජාතිවාදයක් කරා යාමට පවා ඉඩ ඇති බවත් අපිට දැන ගැනීමට ඇත.

මේ පිලිබදව යුධ හමුදා බුද්ධි නිලධාරි මේජර්  රොෂාන් නැමති නිලධාරියාද මෙම උප පොලිස් පරික්ෂක හා මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වරයා පිලිබදව බුද්ධි වාර්තාවක් පවා ඉදිරිපත් කොට ඇත.මෙම යුධ හමුදා බුද්ධිවාර්තා පිළිබඳ ආරක්ෂක ලේකම්වරයාගේ දැඩි අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ මු.


Spread the love

Leave a Comment

You may also like