උණුසුම් පුවත්

ගොවි සංවිධාන සභාපතිට අසූචි ප්‍රහාරයක්.

Spread the love

පසුගිය කන්නයේ වගා හානි ලබා ගැනීම සඳහා වැලිඔය හැලබඩ පැවැති ගොවි රැස්වීමකදී සිදුවූ අපූරු පුවතක් ලංකා දවසට වාර්තා වී තිබේ.මෙම රස්වීමට සහභාගි වූ ගොවීන් විසින් ගොවි සංවිධානයේ ඇතැම් නිළධාරීන් හා රජයේ නිළධාරීන් කන්න හානි ගෙවීමේදී අක්‍රමිකතා කර ඇති බවට චෝදනා කර ඇත.

මෙම ආරවුල අතර තුර එක් ගොවි මහතකු ගොවි සංවිධාන සභාපති වරයාට චෝදනා කර ඇත්තේ තොපට ගහන්න ඕන ගූ වලින් යැයි කියමිනි.එහිදී ගොවි සංවිධාන සභාපති වරයා අභියෝග කර ඇත්තේ හා පුළුවන්නම් ගහපන් කියාය.

ඉන්පසුව එම ගොවි මහතා රැස්වීම පැවැති ස්ථානයෙන් එළියට  පැමිණ රැස්වීමට සහභාගි වූවන් බලා සිටියදී මල පහ කොට ඒ අසූචි අතින් ගෙන ගොවි සංවිධාන සභාපති වරයාට වෙත එල්ල කොට තිබේ.එම අසූචි ප්‍රහාරය ගොවි සංවිධාන සභාපති වරයා පමනක් නොව එහි සිටි රාජ්‍ය නිළධාරින්ද ලක් වී ඇත. 
මෙම අසූචි ප්‍රහාරය ගැන ගොවි සංවිධාන සභාපති වරයා හා මහවැලි නිළධාරිනියකද වැලිඔය පොලීසියට පැමිණිලි කර ඇතැයිද වාර්තා වෙි.

Spread the love

Leave a Comment

You may also like