උණුසුම් පුවත්

ජංගම දුරකතන වල ඇමතුම් පටිගත උපාංගය වහාම ඉවත් කරන්න හමුදාවට නියෝග කෙරේ

Spread the love

හමුදාවේ සියළු නිලයන්ට අයත් ජංගම දුරකතන වල තිබෙන පටිගත කිරීමේ උපාංඟ යෙදවුම වහාම ක්‍රියා විරහිත කළ යුතු බවට හමුදා මූලස්ථානය මගින් සියළු ඒකකයන් වෙත නියෝග කර තිබේ.ඇමතුම් පටිගත කිරීම මගින් යුද හමුදාවේ ඇතැම් රහස්‍ය තොරතුරු බාහිර පාර්ශවයන් වෙත නිරාවරණය වීම ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය යන කාරණය පදනම් කරගනිමින් මෙම නියෝගය කර ඇති බවද වාර්තා වෙි.

වැඩිදුරටත් මෙම නියෝගය තුළ දැක්වෙන්නේ දැනට හමුදා නිලයන් භාවිතා කරන දුරකතන වල පවතින පටිගත කිරීමේ යෙදවුම් උපාංගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතු බවත් අලුතෙන් එම යෙදවුම් උපාංගය දුරකතන වලට යොදා ගැනීම නොකළ යුතු බවත්ය.අදාල නියෝගය ක්‍රියාත්මක කිරීමේ වගකීම කඳවුරු අණදෙන නිළධාරීන්  විසිිින් බාරගත යුතු බවටද එම නියෝගයේ දැක්වේ.ජංගම දුරකතන වල පටිගත කිරීමේ යෙදවුම් උපාංගය පවතින හමුදා නිලයන් හඳුනා ගැනීමේ කාර්යය හමුදා සයිබර් ආරක්ෂණ ඒකකය විසින් දැනටමත් සිඳු කරමින් පවතින බවද දැන ගැන්මට තිබේ.එහිදී නියෝග වලට පටහැනිව කටයුතු කරන හමුදා ⁣නිලයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමේ කාර්යය යුද හමුදා පොලීසියට පැවරී ඇත.
සයිබර් ආරක්ෂණ ඒකකය කෝවිඩ් වසංගතය කාලයේ හමුදාවට අළුතෙන් එක් කරන ලද  ඒකකයකි.එය හමුදාවට සම්බන්ධ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්  සයිබර් තොරතුරු සොයා බැලීමකට පමනක් සීමා නොවෙනු ඇති  බව හා ඉදිරියේදී මිල්ටෙරිි නන්දසේන ඇතුළු හොර තක්කඩියන්ගේ ආරක්ෂාව සඳහා මෙම ඒකකය යොදා ගත හැකි බවටත් හමුදාවට පනවා ඇති ඉහත නියෝගය තුළින් අපට දුර තියාම සිතා ගත හැක.
එබැවින් සියළු පුරවැසියන්ට දුරකතන ඇමතුම් භාවිතයේදී  සම්පූර්ණයෙන්ම ආරක්ෂා කාරීව කටයුතු කරන ලෙසට අපි අනතුරු අඟවමු.
 

Spread the love

Leave a Comment

You may also like