උණුසුම් පුවත්

පානදුර ගිලන් රථ වෙඩි තැබීම හා පොලිස් දේශබන්දු ගේ කඩි කුලප්පුව.

Spread the love

බරපතල ආන්දෝලනාත්මක සිදුවීමක්  ලෙස පසුගියදා මෙරට බොහෝ ජනමාධ්‍ය මගින් අනාවරණය කරන ලද  පානදුර කේතුමතී රෝහළෙහි ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීම පිළිබද ප්‍රවෘත්තිය පාතාලයේ හොරයින් ජාවාරම ගැන බැරූරුම් සහගත තොරතුරු රාශියක් හෙළිදරව් කිරීමක් බවට පත් වූයේ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ වලින් පසුවය.⁣මෙම වෙඩිතැබීමට ලක් වූ රියදුරා මේ වන විට හොරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට තිබේ.

බන්ධනාගාරගත කරන ලද එම ගිලන් රථ රියදුරු 2018වසරේ සිට මාතර කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට කිලෝ සියයකට අධික හොරෙයින් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වී ඇතැයි පොලීසිය කියයි.හතලිස් අට හැවිරිදි සැකකරු පළමු කසාදයෙන් වෙන්වී කළුතර උතුර, තොටුපොළ පාරේ සිය අනියම් බිරිය සමග ජීවත් වූ බවත් එහි සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇත. ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මහා පරිමානයෙන් හෙරොයින් ජාවාරමේ නිරත පානදුර කුඩු සළිඳු නැමති නාමගත අපරාධකරුට අයත් හොරොයින් මෙම  රියදුරා විසින්  සිය ගිලන් රථය යොදා ගනිමින් කොරෝනා වසංගතය සමයේ දිවයින පුරා ප්‍රවාහනය හා බෙදා හැරීම සිඳු කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබුණි. 
මීට වසරකට පෙර ගිලන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටින බවට බුද්ධි තොරතුරක්  වලාන දූෂණ මර්දන ඒකකයට ලැබී තිබේ.එම තොරතුර සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට පොලිස් කණ්ඩායමක් ගිලන් රථ රියදුරාගේ නිවසට ගොස් තිබියදී විදේශීය රටකින් එම රියදුරාට පැමිණි දුරකතන ඇමතුමක් ලැබී ඇත. ඒ පිළිබඳව විමසිලිමත් වූ පොලිස් නිළධාරීන්ට හෙළිදරව් වී ඇත්තේ එම ඇමතුම ලබා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින කුඩු සළිඳු ගෙන් බවය.
පසුව එම ඇමතුමට අදාලව ගිලන් රථ රියදුරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී පොලීසියට දැන ගත හැකි වූයේ අධිවේගී මාර්ගය ඔස්සේ සළිඳු ගේ හෙරොයින් තොගයක් පැමිණෙන බවය.
එම තොරතුර සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉදිරියට සිදු කළ වලාන දූෂණ ඒකකයේ පොලිස් නිළධාරීන් විසින් 2021 පෙබරවාරි 28වනදා යුද හමුදා කෝප්‍රල් වරයකු හා හමුදා සේවයේ සිට ඉවත්වූ අයෙකු අධිවේගී මාර්ගය ඔස්සේ  හෙරොයින් කිලෝ 42 ⁣ ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.මෙම හෙරොයින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කුඩු සිළිදු කෝපයට පත් වී ඇති අතර එය අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දී ඇත්තේ ගිලන් රථ රියදුරා බව දැන ගෙන ඇති අතර ඉන්පසුව කොන්ත්‍රාත් ක්‍රමයට රියදුරු මරා දැමීමට සැලසුම් කර තිබේ.ගිලන් රථ රියදුරාට වෙඩි තබා ඇත්තේ මෙි සැළසුම අනුවය. 
කෙසේවෙතත් ඔත්තුකරුවකු විසින් ලබා දුන් රහස්‍ය තොරතුරක් පිළිබඳව අපරාධකරුවන් දැනුවත් වූයේ කෙසේද යන්න ගැන විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙසට පානදුර මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇති  බවද අනාවරණය වේ.
ලංකා දවස මේ පිළිබඳව සිදු කළ ගවේෂණයේදී හෙළිදරව් වූයේ පානදුරේ කුඩු සළිඳු නැමැති නාමගත අපරාධකරු රත්තරන් රෝහිත ඇමතිවරයාගේ හා  පොලිස් දේශබන්දු ගේ සමීපතම සගයෙක් බවය.
අප මීට ඉහතදී ද මෙම මිත්‍ර සම්බන්ධතාව ගැන තොරතුරු අනාවරණය කර තිබේ.එක් අවස්ථාවක කුඩු සළිදු විසින් පොලිස් දේශබන්දු හට ඉතා වටිනා  මෝටර් රථයක් පවා තෑගි කළ  බවට අප සතුව සාක්ෂි ඇත.ගිලන් රථ රියදුරු විසින් සැපයූ ඔත්තුව මගින් හෙරොයින්  අත් අඩංගුවට ගත් බවට සියළු තොරතුරු කුඩු සළිදුට හෙළි කරන ලද්දේ පොලිස් දේශබන්දු විසින් බව අප වගකීමෙන් සඳහන් කරමු.
වලානේ දූෂණ මර්දන ඒකකය මෙරට මෙතෙක් කල් බොහෝ වැටලීම් සිදු කරමින් කීර්තිමත් අංශයක් ලෙස ස්ථාපිතව තිබුණි.එහෙත් එහි වූ  ගෞරවණීය පෞරෂය ⁣පොලිස් දේශබන්දු විසින් පාවා දී තිබේ.ඩුබායි රාජ්‍යයේ සිටින නාමගත අපරාධකරුවන් හා සමීපතම සම්බන්ධතා පවත්වන පොලිස් දේශබන්දු එම අපරාධ කරුවන්ගේ ඕනෑ එපාකම් මත සිය නිල බලය යොදා ගනිමින් මෙරට බොහෝ අපරාධ සිදු කරමින් සිටී.
පාතාල ක්‍රියාකාරිකයන් වූ මදූෂ් ,කොස්ගොඩ තාරක,ටින්කරින් ලසන්ත ආදීන් ගේ ඝාතනයන් පිටුපස ඉතා කුමන්ත්‍රණකාරී වු සැලසුම හසුරවන ලද්දේ පොලිස් දේශබන්දු විසිනි.⁣ඩුබායි සිටින නාමගත අපරාධ කරුවන් විසින් පොලිස් දේශබන්දු වෙත කෝටි ගනන් මුදල් ලබා දෙන බවත්, අද වන විට දේශබන්දු මෙරට මිලියනපතියකු බවත් අපි දනිමු.
මිල්ටෙරි නන්දසේන ද පොලිස් දේශබන්දු විසින් සිදු කරමින් සිටින පාතාල ගනුදෙනු සම්බන්ධයෙන් හොඳින් දැනුවත්ය.එහෙත් පාස්කු ප්‍රහාරයට අත් උදව් සැපයූවකු වන ⁣පොලිස් දේශබන්දුට ඕනෑම විදියේ වහතු රාජකාරියක් කිරීමට ඉඩ දී මිල්ටෙරි නන්දසේන අහක බලා සිටින්නේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් කළගුණ සැළකීමට බව අප ගේ දැඩි විශ්වාසයයි.
පානදුර ගිලන් රථ රියදුරා ගෙන් මෙරට හෙරොයින් ජාවාරම පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් සැලසී තිබියදී  හොරොයින් ජාවරම් කරුවකු ලෙසට චෝදනා නගමින්  ඔහු ඉතා ඉක්මනින් බන්ධනාගාර ගත කර ඇත්තේද පොලිස් දේශබන්දු ගේ මැදිහත් වීම නිසා බව  පොලීසියෙන්ම ලැබෙන තොරතුරු වලින් අපට දැන ගැන්මට ලැබී තිබේ.

Spread the love

Leave a Comment

You may also like