Spread the love

අද ලංකා දවසට වසර  5 යි.

ළදරු පුවත්පතක සිට දරුවකු දක්වා පළමු දිනයේ සිට ඔබ දුන් අත හිත ආදරයෙන් සිහිපත් කරමි.
අද ඔබත් සමග අත්වැල් බැඳගෙන ඇය ගමනක්  යන්නේ අපගේ දයාබර පාඨකයන්, ක්‍රියාධරයන් සහ ඔබගේ නොමසුරු අනුග්‍රාහකත්වය නිසාය.
ලංකා දවස කියවීම ගැන ස්තුතියි. ඔබ කියෙව්වේ නැත්නම් අපි ලියන්නේ ද නැත,
එසේ නම් ඇය ළදරු අවධියේම මිය යනු ඇත. ඔබයි ඇයට නැගිට ඇවිදීමට ශක්තිය දුන්නේ.
ඉතා සුලු පිරිසක් වූ පාඨකයන් සිය ගනනක සිට අද මිලියන 3 ඉක්මවූ  පිරිසක් මේ පුවත්පත කියවයි. යහපත් රටක් පතන පුරවැසියන් රටේ යහපත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක්, අධිකරණයක් සහ නීතියේ ආධිපත්‍යය ඉතාමත් පැහැදිලිව පතයි.
අපගේ මූලික අරමුණ වූ ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනයෙන් මුදවා ගැනීමෙන් ඔබ්බට ගොස් සමස්ථ රටේ තත්ත්වය ජනතාව ඉදිරියේ තැබීමට අපි කටයුතු කලෙමු.
අපිට බොහෝ බාධක එල්ල විය. ඒවා දුරකථන තර්ජන වල සිට අන්තර්ජාල සබඳතාවය බිඳදැමීම දක්වා විය.
අපේ ශක්තිය ඔබ විය.
අපේ අරමුණ වූයේ ඔබට නි වැරදි තොරතුරු අනාවරණය කිරීම විය. සමහර රාජ්‍ය ත්‍රස්තවාදී ඝාතන සිදුවීමට පෙර අනාවරණය කිරීමට අපි බිය නොවීය.
අපේ ක්‍රියාධරයන් ලෙස දේශපාලනඥයන්, විනිශ්චයකාරවරුන්, නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, පූජ්‍ය සහ පූජකයින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්, අපරාධකරුවන් සහ සිවිල් වැසියෝ සහභාගි විය.
ඔබ විසින් මෙතෙක් ලබා දුන් සහයෝගයට ස්තුතිවන්ත වන අතර  එම උද්යෝගයෙන්ම අපට සහ අපේ දරුවන්ට ලස්සන රටක් හැදීමට එකමුතුව ඉදිරියට යමු.
මුදලට මුල් තැනදී, ජීවිතයට ලංසු තබන සමාජයක දී….. මා සමග එකට සිටින කතෘමන්ඩලයේ සහෝදර සියලු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.
 “ආණ්ඩු එති, යති, ඒත් රජයන් සැමදා පවතී……. අප මිය යයි ,ඒත් අප කළ ,කී දෑ කිසි දවසක මිය නොයයි …”

Spread the love

Leave a Comment

You may also like