74 වන ජාතික නිදහස් දිනය හෙට (04 ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන රජයේ මැති ඇමතිවරුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
ඉතිහාසයේ පටන්ම සියළු ආගම් නියෝජනය කරන ප්‍රධානීන්ද පැමිණීම සම්ප්‍රධායක් ව පැවතිනි. ඒත් වර්තමාන පාලකයා මෙරට පාලන බලය ලබා ගැනීමට පාස්කු දින දේවස්ථානවලට එල්ල කල මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු ඔහු ජනාධිපති පදවියට පත් වු බව අද රහසක් නොවේ.
ඒත් පසු ගිය යහපාලන රජය ඊට ඉදුරාම සම්බන්ද බවට සාක්ෂි ඇතැයි කියා ගෝඨාභය රාජ්‍ය බලය ගත්තත් අද වෙනතුරු කිසිවෙකුත් ඊට සෘජු සම්බන්ධතා ඇති අයවළුන් අත් අඩංගුවට නොගනීම කිතුණු සමාජය තුල දැඩි අප්‍රසාදයක් ඇති වීමට හේතු විය. එසේම ඉතාම මෑතක සියළු සාන්තවරුන් ගේ බොරැල්ලේ ඇති දේවස්ථානයේද නැවතත් අත් බෝම්බයක් තබා පොලිසිය විවිධ කතා කියා සමාජයේ විවිධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමත් අගරදගුරු කාදිනල් හිමියන් නිදහස් දිනයට යාම ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බව අපට දැන ගැනීමට ඇත.
කෙසේ වෙතත් මෙවර නිදහස් උත්සවයට සහභාගි නොවී තමාගේ ජන ප්‍රජාව ගේ විරෝධතාවය රජයට ප්‍රකාශ කිරීමට තරම් නිර්භීත වීම ඉතාමත්ම අගනා ක්‍රියාමාර්ගයක් බව පුද්ගලිකව අපගේ මතය සහ සමාජයේ වැඩි ප්‍රසාදයක් උන්වහන්සේට හිමි වී ඇති බවද සඳහන් කළ යුතුය
වර්තමානයේ පාලකයන් මෙන්ම වසර 74 ක් තිස්සේ ආණ්ඩුකල සියල්ලම මෙරට ජනතාව හිඟමන්ට දමා ඔවුන් හා ඔවුන්ගේ දරුවන් අති සුඛෝපභෝගී ජීවිත ගතකිරීම නිසාම මෙරට ජනතාවට දැන් දැන් දේශපාලකයන් තිතවී ඇති ආකාරයක් දක්නට ඇත.
තම රටේ පුරවැසියන් දැඩි පීඩනයට පත් කරමින්, පුරවැසියන් ගෙන් යැපෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා රජයට සුදු හුණු ගාමින් රාජ්‍ය රාජ්‍ය අනුග්‍රහයෙන් සුළු ලාභ ප්‍රයෝජන ලබා ගන්නා එම භික්ෂූන්ට කාදිනල් හිමිපාණන් අද ලබා දී ඇත්තේ මහඟු ආදර්ශයකි.