රට තුළ පවතින බරපතල ආර්ථික ව්‍යසනයත් සමගම ජනතාව අන්දුන් කුන්දුන් වී සිටින්නේ උදා වන හෙට දවස ගෙවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සැකයෙනි.තාත්තා ගෑස්පෝලිමේය.අම්මා පිටි කිරි පෝලිමේය.අක්කා හාල් පෝලිමේය.අයියා පාස්පෝට් පෝලිමේය.පුරවැසියෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන අවම අයිතිවාසිකමක්වත් නොලැබෙන තත්වයකට මේ වන විට රට පත්වී තිබේ.
එහෙත් රජපක්ෂ චෞර කල්ලියට මේ ඛේදජනක වටපිටාව පිළිබඳව තඹ දොයිතුවක හැඟීමක් නැත.රාජපක්ෂ සනුහරය මිනිසුන් පිළිබඳව මානුෂිකව අනුකම්පාවෙන් සිතන පතන මිනිසුන් නොවේ.සිය බලය තහවුරු කර ගැන ගැනීම සඳහා ආගම ජාතිය පමණක් නොව ජාතක කළ අම්මා අප්පා සිල්ලරට විකුණන ජාතියේ උන් වන මේ වාහෙලාගේ කෙරුවාව තිරිසන් ආත්මයන්ටත් නිග්‍රහ කරන ආකාරයේය.
රට ගිණි ඇවිලෙමින් තිබියදී මේ තක්කඩි රාජපක්ෂ හාමුලා ආතල් ගනිමින් සිටින බව තවමත් රටේ ජනතාව තේරුම් ගෙන නැත.රටෙි ජනතාව මේ තරම් ඉවසන්නේ මක් නිසාද යන්න ගැන අපට ඇත්තේ පුදුම කළකිරීමකි.ජාතිවාදී ගිණි ඇවිලීමකදී බාල තිරිසනුන් ලෙස පාරට බැස ගෝත්‍රික මෙලෙච්ඡයන් ලෙස කළ කෝළහල කරන මෙරට ජනතාව තක්කඩි රාජපක්ෂ වරුන්ගේ නොසන්ඩාල වැඩ ඉවසා දරා සිටීම හරිම පුදුමය.
මෙරට ඉන්ධන හිඟයක් නුදුරේදී ඇති විය හැකි බවට බලශක්ති ඇමතිවරයා අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබේ.ඒ නුදුර සමහර විට හෙට දිනය වෙන්නට පුළුවන.ඉන්ධන හිඟයට මුහුණ දීමට පාපැදි භාවිතයට ජනතාව හුරු විය යුතු යැයි පරිසර ඇමති ජනතාවට අවවාද කරන ලද්දේ මීට දින දෙක තුනකට පෙරය.මේ ඇමති බානට බබා නාමල්ලා ආතල් ගන්නා හැටි නොපෙනෙනවා වෙන්නට බැරිය.ඒ මුන් දෙන්නාටම රාජපක්ෂ නොසන්ඩාලයන් ගේ අවලම් වැඩ සාධාරණීය කරන්නට වචන ඕනෑ තරම් තිබෙන නිසාය.
පරිසර ඇමතියා ජනතාවට පාපැදි වල භාව්තයට හුරු වෙන්නට උපදෙස් දෙන වටපිටාවක බබා නාමල් ගේ උපදෙස් මත මෝටර් රථ ධාවයන්ගේ සංඟමය අද දවසේ රටේ සෑම පලාතක්ම ආවරණය කරගනිමින් යතුරු පැදි සංචාරයක් අරඹා තිබේ.අධිබලැති එන්ජින් එන්ජින් ධාරිතාවක් සහිත යතුරු පැදි යොදාගෙන බස්නාහිර පලාතේ කළුතරින් ඇරඹුන මේ යතුරු පැදි සංචාරය සදහා යතුරු පැදි 102ක්ද කාර් රථ හයක්ද ගිලන් රථයක්ද යොදවා තිබුණි.මාර්ග සංඥා නොතකමින් ධාවනය වුන මෙම යතුරු පැදි සඳහා පොලිස් රථවාහන අංශයේ නිළධාරීන්ද ආරක්ෂාවට යොදවා තිබුන බව දකින්නට ලැබුණි.
ගාල්ල කොළඹ මාර්ගයේ ගමන් කළ අනෙකුත් වාහන ගැන අවධානයකින් තොරව ගමන් කළ යතුරුපැදි ධාවකයන් පිළිබඳව ජනතාව ගේ ප්‍රතිචාරය තුළ පැවතියේ දැඩි වෛරයකි.එම මහජන වෛරය පිටාර යාමක් පිළිබඳව අපට වාර්තා වන්නේ හලාවත දුම්මලසූරිය ප්‍රදේශයෙනි.එහිදී කොළඹට පැමිනෙමින් තිබුණ වාහන සියයකට පමණ ජනතාව ප්‍රහාර එල්ල කර තිබේ.මේ හදිසි ප්‍රහාරය ගැන එම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ දේශපාලන බලධරයන් පවා දැනුවත්ව සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.මෙහිදී වාහන නවයකට හානි සිදු වී ඇති බවද තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කොට ඇතැයිද වාර්තා වේ.
බබා නාමල් හා රාජපක්ෂ පවුලේ විනෝදය සඳහා සංවිධානය කරන මෙවැනි ප්‍රදර්ශනකාමී සංදර්ශන වලට ජනතා විරෝධය දැක්වීම මීට වඩා ප්‍රබල විය යුතු බව අපගේ අදහසයි.
කෙසේවෙතත් මෙහිදී සිය විරෝධතාව දැක්වූ දුම්මලසූරිය ජනතාවට අපගේ උත්තමාරය හිමිවේ.නුදුරේදී අනුරාධපුරයේ සාලිය පුර පැවැත්වීමට සංවිධානය කර ඇති චිචී බබා ගේ කාර් රේස් තරඟයට එරෙහිවද ජනතාව පාරට බැසිය යුතුමය.එසේ නොමැතිව නිහඬව සිටිය හොත් මේ නොසන්ඩාලයන් ජනතාව විඳිමින් තිබෙන ආර්ථික අර්බුදය ගැන කිසිදු තැකීමක් නොකරන්නට ඉඩ තිබේ.