බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබාසිටියදීම ඩයනා ගමගේ පාර්ලිමේන්තු මංත්‍රිවරියක් ලෙසට සජබය විසින් පත් කලේය. ඒ ඇයට අයත්ව තිබු සජබය පක්ෂය ලබාගැනීමේ ගිවිසුමට අනුවය. ඒත් ඇය ගේ එම පත් වීමට පක්ෂය තුලින් විරෝධයක් එල්ල වුවත් වෙනත් කලහැක්කක් නොවු බව මේ පිලිබදව සොයා බැලීමේදි දැන ගැනීමට හැකි විය.
ඇයව සූක්ෂම ලෙසට බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන බවට අපි මීට පෙරද ලියා ඇත. කෙසේවෙතත් ඇය ඇලුම් කරන්නේ වඩාත් රාජපක්ෂ කදවුරටය. ඊට හේතු කාරණාද අපි සතුව නැතුවා නොවේ.
කෙසේ වෙතත් ඇය සජබය දෙකඩ කිරීමට අවශ්‍ය සියළුම උප්පර වැට්ටි දාමින් සිටින බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු.
හදිසියේම බැසිල් රාජපක්ෂ විසින් ඩයනා ගමගේ ගෙන්වා ඇත. එහිදි කුමක් සාකච්ඡා කලේද යන්න පිලිබදව මෙතෙක් කරුණු වාර්තා වී නැතත් අපි ඉතාම පැහැදිලිව කියා සිටින්නේ සජබය නැගිටීම හා ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීමද බැසිල්ලාට දැන් මහත් හිසරදයක් වී ඇති බවයි. ඒ නිසාම මාධ්‍ය මගින් රටේ තරුණ කොටස් බිලිබා ගැනීමට නිස්සංක සේනාධිපති යහමින් කළු සල්ලි වියදම් කරමින් වෙබ් මාධ්‍ය කරුවන් බිලි බා ගනිමින් සිටි. ඒ ආකාරයටම බැසිල් ගේ කීමට ඉදිරියේදි ඩයනා ගේ ගැටේට හසුවන්නේ කවරෙක් දැයි යන්න අපේ තොරතුරු කරුවනද දැඩි අවදානයෙන් සිටි.
කොහොම කොයි හැටි වෙතත් ඩයනාව සජබයෙන් පැන්නීම නොකලොත් ඇයගෙන් විශාල හානියක් පක්ෂයට සිදුවන බව නම් අපිට කිව හැකිය. එසේම ඇය පොහොට්ටුවේ ප්‍රභල ඔත්තුකාරියක් වී ඇති බවද අපට දැන ගැන්මීමට ඇත.