උණුසුම් පුවත්

අගමැති මයිනාගේ බැංකු ගිනුම⁣ට උදිත් ලොකුබණ්ඩාර විදලා

Spread the love

අගමැති  මයිනා දේශපාලනයට එන්නට පෙර කැළණිය විශ්වි විද්‍යාලයේ පුස්තකාල සහායකයෙකි.පුස්තකාල සහායක තනතුර කම්කරු ශ්‍රේණියේ වෘත්තියකි.මේ කම්කරුවා   දේශපාලනයට කැන්දාගෙනආවේ අගමැතිනියවූ සිරිමාවෝ බණ්ඩාරනායකය. එතැන් සිට බණ්ඩාරනායක පවුලට සමීප වූ මේ තක්කඩියා සිරිමාවෝ අගමැතිනිිිය⁣ගේ මැදිහත්වීමෙන් නීතිඥ විභාගයද සමත් විය.නීතිඥයකු වීමට තරමේ අධ්‍යාපන සුදුසුකමක් පවා නොතිබූ  මොහු ඒ  සියලු නුසුදුසකම් මග හරවා ගත්තේ සිරිමාවෝ අගමැතිණියගේ මැදිහත්වීමෙනි.

පසුකාලයකදී බබා නාමල්ද නීතිඥයකු වූයේද තම අප්පා වට වංගු ගසා නීතිඥයකු වූ ආකාරයෙන්ම වීම සිහිපත් කළ යුතු කාරණයකි.  බණ්ඩාරනායක පවුලට සම්බන්ධ වූ මහින්දරාජපක්ෂ පළමුවෙන් දැළ එලුවේ අනුර බණ්ඩාරනායකයටය.පොතේ පතේ දැනුමෙන් සන්නද්ධ වූ අනුර බණ්ඩාරනායක සමාජ අත්දැකීම් නැති

තරුණයකු විය.අනුර බණ්ඩාරනායක හා සමීප වූ මහින්ද රාජපක්ෂ තක්කඩියා ඔහු ගේ දේශපාලනය විනාශ කිරීම සඳහා උපයෝගී කර ගත්තේ මේ හිඩැසයි.ගැහැණුන් හා සුරාව වෙත අනුර බණ්ඩාරනායක නැඹුරු කරවීමට මහින්ද රාජපක්ෂ තක්කඩියා සමත් විය.
මේ සැළසුම තුළ මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ වූ තවත් අයෙක් වූයේ මර්වින් සිල්වාය.අනුර බණ්ඩාරනායකට ගැහැණු සපයන පිම්පියා වූයේ මර්වින් සිල්වාය.මර්වින් සිල්වා සතොස තොග ගබඩා සහායකයකු ලෙස කටයුතු කරමින් සිටි අයෙකි. එක් අවස්ථාවක අනුර බණ්ඩාරනායකට යකදුරුකමක් කර දීමට බලපිටියේ ප්‍රසිද්ධ යකදුරුකම් කරන්නකු කැටුව ආ පුවතක් පිළිබඳව අපූරු කතාවක් තිබේ.යකදුරා  අනුර බණ්ඩාරනායකට අවශ්‍ය කෙරෙන යකදුරු කර මුදල්ද රැගෙන ගොස් තිබේ.ඊට පසු දවසකදී දකුණේ සංචාරයකට ගිය අනුර බණ්ඩාරනායක මාළු මිලදී ගැනීමට බලපිටියේ නතර කළ විට මාළු ලෑල්ලේ සිට ඇත්තේ අරයකදුරාය. අනුර බණ්ඩාරනායක දුටු මාළු කාර⁣යා තුන් මූනින්  දමාගෙන බියට පත්ව තමන් කළ කී දෑ පිළිබඳව අනුර බණ්ඩාරනායකගෙන් සමාව ඇයැද ඇත්තේ ඔහුගේ දෙපා මුල වැඳ වැටෙමිනි.මේ බලපිටියේ මාළු කාරයා යකදුරකු ලෙසට  අන්දා ගෙන ගොස් යකදුරුකමක් කිරීමේ මුවාවෙන් අනුරගෙන් සෑහෙන ගාණක් කපා ගෙන ඇත්තේ මර්වින් සිල්වා බව එහිදී අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් මෙරට අගමැතිවරයකු වීමට තරමේ ශක්‍යතාවයක් පැවැති අනුර බණ්ඩාරනායකගේ ජීවිතය උඩු යටි කොට ඔහුගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද්දේ මේ මහින්ද රාජපක්ෂය.මහින්ද රාජපක්ෂ ගේ තක්කඩි පැවැත්ම පිළිබඳව චන්ද්‍රිකා හොඳින් දැන සිටියාය.ඇය මහින්ද රාජපක්ෂගේ සැඟවුන තක්කඩි ජීවිතය ගැන ඉතා හොඳ හැදෑරීමකින් සිටියාය.එහෙත් මහින්ද රාජපක්ෂ තමන්ගේ සෑම තක්කඩිකමක්ම ආවරණය කර ගැනීම සඳහා මෙරට ජනමාධ්‍ය හා  ළබැඳියාවෙන් පසුවුන බව රහසක් නොවේ.
මෙරට ජනමාධ්‍යකරුවෝ  යනු ගල් අරක්කු බෝතලයකින් අසෝක වීදුරුවක ප්‍රමාණයෙන් බිලි බා ගත හැකි ජීවියන් කොටසක් බව මහින්ද රාජපක්ෂ  හොඳින් දැන සිටියේය.
චන්ද්‍රිකාගේ වලව්කාර කාර උද්දච්චකම නිසාම ජනමාධ්‍ය හා සම්බන්ධයක් නොපැවතුනි.මේ නිසාම මහින්ද රාජපක්ෂ වටා විශාල ප්‍රතිරූපයක් ගොඩ නගන්නට ඔහුට සමීපව සිටි බඩජාරී ජනමාධ්‍ය කරුවෝ සමත් වූහ.මේ රටේ විනාශයේ පදනම වූයේද මේ ජනමාධ්‍යය භාවිතයයි.
සුනාමි ආධාර වශයෙන් මෙරටට ලැබුණු මිලියන ගණනාවක මුදල් තොගයක් සිය පෞද්ගලික ගිණුමකට දාගනිමින් මහා මුදල් වංචාවක් සිදු කළද මෙම තක්කඩි මහින්ද රාජපක්ෂ හොර දෙටුවා ගැන සමාජය කිසිසේත්ම  සැකයක් වංචාවක් තබා නොගත්තේ මොහු පිළිබඳව මෙරට ජනමාධ්‍ය වැපිරූ සුරංඟනා කතා නිසාය.
එදා සිටම ⁣අද දක්වාම මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ ජීවිතය පුරාම සැගවී ඇත්තේ පොදු දේපොළ හොරකමය.ගසා කෑමය.යටි මඩි ගසා ගැනීමය.
කොමිස් ගැහීමය.එදා හුදකලාව හොරකම ජීවිකාව කරගත් මහින්ද රාජපක්ෂ තක්කඩියා⁣ ⁣සමග අද වන විට රාජපක්ෂ ලාංඡනය ගත් හොර දෙටුවන් රැළක්ම නිර්මාණය වී තිබේ.මේ පාදඩ හොර දෙටුවන් සොරකම හා වංචාවේදී එකාට එකෙක් නොපරදින ඇත්තෝ වෙති.මේ හොර මුලේ ලාංඡනය රතු සාටකයයි.එසේත් නැති නම් අත බැඳි රතු නූලයි.මේ වන විට මෙරට රතු සාටකය හොරකම සංකේතවත් කරන අතර  රතු නූල  ඒ සොරකමට ආරක්ෂාව සැපයෙන  මිල්ටෙරි දායකත්වය තහවුරු කරමින් තිබේ.
අප මේ පූර්විකාවෙන් මොහොතකට නික්ම අප අද ලියන්නට අදහස් කරන පුවත හා සබැඳි තවත් තක්කඩියකු ගේ දේශපාලන හැඳුනුම්පත අනාවරණය කරන්නට   උපුල්  ශාන්ත සන්නස්ගලගේ අම්මා ග්‍රන්ථයේ 93වන පිටුව උපුටා දක්වමු.
“……අපේ ගමිවල කඳු ඉස්මත්තේ ජලයද ඉඩම්ද කෑම්බීම්ද හිඟ පරපුර ආශ්චරය ලද්දෝය.ඒ රජුගේ බලයෙන් නොව අධිකතර කරපවීමේ හා දුක්විදීමේ ප්‍රතිඵළයක් වශයෙනි.වසර තිහක් හපුතලේ සිටි දේශපාලකයා පසුව ගෙම්බා මෙන් පිල් මාරු කළේය.මෝඩ පුතා අනුප්‍රාප්තිකයා කළේය.
මමසිහිකරමි………………
අපේ කා⁣ලයේ දුක් වේදනා විඳි පරම්පරාවේ ආචාර්ය උපාධිය ලද්දෝ විසි දෙනෙකුට වැඩිය.උපාධිධාරීහු තුන්සීයකට අධිකය.අපි සියල්ලෝම එකතුව අප ඉගෙනගත් පාසැල් බිම ප්‍රඥාවන්ත යන්ගේ ක්ෂේම භූමිය ලෙස නම් කළෙමු.
උක්ත කතානායක- ආණ්ඩුකාර -ඇමැත්තාද ඔහුගේ පුත්‍ර රත්නයද ප්‍රකෝප වූහ.
මුන් මොන නරිද ?හිටියේ අපි; ඉන්නෙ අපි; ඡන්ද අපේ; අපි අපි’යැයි කීහ.
ප්‍රඥාවන්තයෝ කුඩා සාක්කු සහිත විශාල මොළයක් සහ සුවිශාල හෘදය වස්තුවක් සහිතය.දේශපාලන පරම්පරාව කුඩා මොළයක් හා හෘදය වස්තුවක් නැති ගෝනි ප්‍රමාණයේ සාක්කු හිමි අයය.අපි නිහඬ වීමු; නිහඬ සාගරය උදම් රැළක පෙර නිමිති බව ඔවහු ⁣නොදනිති.මට අපේ අම්මා කී පැරණි කතාවක් සිහිවේ.
‘අපේ රීරි මාංසෙ හූරාගෙන කාපු එවුන්ට හෙන ගහනවා’    
ඈ නිතරම දේශපාලකයන්⁣ට කීවාය.
(උපුටනය අවසන්)
උපුල් ශාන්ත සන්නස්ගගලමෙහි සඳහන් ඇති ගෙම්බා මාක් දේශපාළුවා විජමු ලොකුබණ්ඩාරය.ඔහුගේ මෝඩ පුත්‍රයා උදිත් ලොකුබණ්ඩාරය.උදිත් ලොකුබණ්ඩාර රට පුරා ප්‍රසිද්ධ මෝඩයකු ලෙස බෞතීස්ම වූයේ මහින්ද රාජපක්ෂ වෙතිනි.ඒ බෞතීස්ම කිරීම තවමත් යූ ටියුබයේ සංසරණය වේ.කෙසේ වෙතත් මේ මෝඩ පුත්‍රයා පසුකාලයකදී මහින්ද රාජපක්ෂ අගමැති වරයා සිය  පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් වරයා 
කර ගන්නා ලදී .
අපගේ මුලින් මෙහි ලියු පූර්විකාවත් ඉන් පසු ලියන ලද අතුරු කතාත්  දැන් අපගේ ප්‍රවෘත්තිය හා සම්බන්ධ කරමු.
⁣අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස පත් කරගන්නා ලද උදිත් ලොකුබණ්ඩාර මාස ගණනාවක සිට අගමැතිවරයාගේ මන්ත්‍රී වැටුප ඔහුගේ අනුදැනුමකින් තොරව ලබා ගෙන ඇතැයි වාර්තා වේ.මෙලෙස උදිත ලොකුබණ්ඩාර විසින් වංචා කොට ලබා ගන්නා ලද මුදල කෝටි පහකට ආසන්න බව කියවේ. අගමැතිවරයා තමන්ට හිමි මන්ත්‍රී වැ⁣ටුප ලබා ගෙන නැති අතර එය දීර්ඝ කාලයක සිට බැංකු ගිණුමක තැන්පත් කර තිබී ඇත.එහෙත් මෙම ගිණුමේ තිබූ මුදල් සියල්ල ඉවත් කරගෙන ඇති බව හිමිකාර පාර්ශවයන් දැන ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙරය.මේ වංචාව අනාවරණය වීමෙන් පසුව උදිත් ලොකුබණ්ඩාර තනතුරෙන් නෙරපා මුදල් වංචාව පිළිබඳව නෛතික කටයුතු කිරීමට සාකච්ඡා වෙමින් පවතින බව අපට දැනගැන්මට  තිබේ.
මෙම පුවතේ පූර්වාපර සිද්ධි ගලපා ගන්නා විට  ලංකා දවසට ඇත්තේ වෙනස් කියවීමකි.තමන්ට හිමි මන්ත්‍රී වැටුප පවා ලබා නොගනිමින් අගමැති වරයා ජීවත්වූයේ කාගේ වියදමෙන්ද යන්නය.ඒ සමගම මුදල් වංචා කළ මෝඩ උදිත් ලොකුබණ්ඩාර මෝඩයෙක් ලෙස සළකන්ටත් බැරි බවය.උදිත් ලොකු බණ්ඩාර මේ ගේම ගහන්නට ඇත්තේද හයක් හතරක් නොතේරුම් කමටද නොවේ.මීට ඉහතදීද අරලිය මන්දිරයේ අගමැති කාමරයේ මුදල් තොගයක් ⁣උදිත් ලොකුබණ්ඩාර විසින් හොරකම් කළ බවටද සයිබරයේ වාර්තා පළ වී තිබුණි.සිය බැංකු ගිනුම් වල තිබූ මුදල්  ⁣වංචා කර බවට චෝදනා ලැබ සිටි උදිත් ලොකු බණ්ඩාර තනතුරෙන් නෙරපා හැරීම පමනක් කොට නීලකාස හොර දෙටුවන් වූ  රාජපක්ෂලා තවමත් නිහඬව සිටින්නේද ඒ හොරකම තුළ කළු කුහරයක් ඇති නිසා බව නම් සහතිකය.
මෙහිදී අවසාන වශයෙන් අපට පුනුරුච්චාරණය කිරීමට ඇත්තේද උපුල් සාන්ත සන්නස්ගලගේ අම්මා දේශපාලුවන්ට සාප කළ වචන කීපයයි.

“..අ⁣පේ රීරි මාංසෙ හුරා ගෙන කාපු එවුන්ට හෙන ගහනවා…..”


Spread the love

Leave a Comment

You may also like