පාස්කු ප්‍රහාරයට අවශ්‍ය සියළුම යටිතල පහසුකම් සියල්ලම සකසා දීමට එකව රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කල සුරේස් සලේ හා එවක රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව සිටි සහරාන් සමඟ සෘජු සම්බන්ධතාවක් තිබු අනික් පුද්ගලයා වන්නේ මෙම පොලිස් අධිකාරි මොහොම්ඩ් ජවුෆර්ය. පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරින් දෙදෙනා මරා දැමීම සිට අප්‍රේල් ප්‍රහාරය පිලිබදව විමර්ෂකයන් නන්නත්තාර කල ප්‍රභලයා මේ ජේෂ්ඨ පොලිස් අධිකාරි මොහොමඩ් ජවුෆර්ය.
පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය අතරතුර දුරකතන සඥා කුළුණු පරික්ෂාවේදි රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්ත උප පොලිස් පරික්ෂක බණ්ඩාර නැමති නිලධාරියා අවස්ථා ගනනාවක් සහරාන් හසීම් ගේ දුරකතනයට ඇමතුම් ලබා ගැනීම නිසා එදා ශානි අබේසේකර මෙහෙය වු කණ්ඩායමේ අත් අඩංගුවට පත් විය. එත් ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වෙනි මහලට ගෙනැවිත් ස්වල්ප වේලාවකින් එහි පැමිණි පොලිස් අධිකාරි ජවුෆර් බණ්ඩාරව රැගෙන ගොස් ඇත.
ඒ බවට මේ වනවිට පාස්කු ප්‍රහාරය පිළිබඳව පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ද ඇත. ඒත් ඒම ජවුෆර් රැගෙන ගියායැයි කියන පිටුව ඉවත් කොට වාර්තාව ලබාදි ඇත. මෙම පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තමන්ට හානිදායක කරන ලේඛන ඉවත් කිරීම සිදු කොට ඇත්තේ ජනාධිපති ගේ ආරක්ෂක බුද්ධි උපදේශක ලෙසට කටයුතු කරන රොහාන් ගුණරත්න හා ජනාධිපති නිති උපදේශක ලෙසට සිටින රෝහණ ධීරහරිගුප්තා යන අයවලුන්ය.
පාස්කු ප්‍රහාරයට පෙර මෙවනි ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ තිබෙන ස්ථාන, දිනය සහ වේලාව හා එල්ලකරන්නේ කුමණ සංවිධානයේ පුද්ගලයන්ද යන්න පවා ඉන්දියාවේ ” රෝ” බුද්ධි සේවාවට තොරතුරු ලබාදි එවා නිලන්ත ජයවර්ධනට නැවත ලබාදීමට අවශ්‍ය දම්වැල ගැට ගැසුවේ මොහුය.


(ඉන්දියාවේ රෝ බුද්ධි එකකයේ පුහුණුව ලබන විට)
එසේම සහරාන් ලාගේ ප්‍රහාරයේ වගකීමISISලාට භාර ගැනීමට සියළු දුරකතන ඇමතුම් ලබාගෙන එවා සම්බන්ධිකරණය කර ඇත්තේත් මොහුය. ඒ ඒ වන විට මැලේසියාවේ තානාපති මොහොමඩ් මුසාමිල්ගේ ළඟට ගොස් සිටි සලේ සියල්ල සිදුවන තෙක් අවශ්‍ය උපදෙස් දෙමින් සිට ඇත. එම පාස්කු ප්‍රහාරයෙන් පසුව පොලිස් අධිකාරි ජවුෆර් ජේෂ්ඨ පොලිස් අධිකාරි ලෙසට උසස් වීම ලැබීය. මේ වනවිට ඔහු ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රි ලංකාවේ අධ්‍යක්ෂක සේම රාජ්‍ය විශේෂ බුද්ධි ඒකකය භාර (SIU ) අධ්‍යක්ෂකවරයාය.පාස්කු ප්‍රහාරයෙන් පසුව එම විමර්ශනයන් භාරව සිදුකරන ලද එක් කණ්ඩායමක ප්‍රධාන පුද්ගලයෙකු වූයේ ද පොලිස් අධිකාරි ජවුෆර්ය.
ඒ පාස්කු ප්‍රහාරයේ සාර්ථකව සිදු කොට ගෝඨාභයට ජනාධිපති වීමට පාර කැපී මේ ප්‍රතිපලයයි.